|
||
ඇස් රතුවන විහිළුව
එය නියමිත මාත් ඉතිං දඩ බඩ ගාලා ඇඳුම් ටිකත් ගලවලා නාන ඇඳුමක් ඇඳගෙන ගං ඉවුරට හනික ගියේ ඒ වෙන කොටත් ගඟට බැහැලා දියබුං ගහන අනෙක් අයගේ ගොඩට එකතු වෙන්න. ඔය වෙන කොට නාන තොටුපලේ ඒ ප්‍රදේශයේ කීප දෙනෙක් නාමින් හිටියා. ඔය වකවානුවේ ඇනස්ලි, සැමුවෙල්, මම රටේ සෑම තැනකම ලොකුª ප්‍රසිද්ධියක් ලබල තිබුණ නිසා බර්ටි, ඇනස්ලි, සැමුවෙල් ගං තොටුපලේ නාන්න බැහැලා ඉන්නවා කියලා තොටුපලේ හිටිය අයගෙන් ගම පුරා පැතිර යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. හරියට නිකන් ආරංචිය පැතිරිලා ගියේ ලැව් ගින්නක් වගේ. විනාඩි කීපයක් ගත වෙනවාත් සමඟ එකා දෙන්නා හතර අතින් ගං ඉවුරට රැස් වෙන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් ගියේ නෑ.
ගෙඟ් තොටුපලේ ගං ඉවුරේ දෙපැත්තේ සිය ගාණක් සෙනඟ පිරුණා. පුංචි පහේ කොල්ලො කෙල්ලො අපේ ළඟට ඇවිත් ඇෙඟත් එල්ලෙනවා. මමත් ඉතිං නාන්න ඇදගෙන ඉන්න ඇඳුම පිිටින් නිසා කොල්ලො කුරුට්ටො එහෙන් මෙහෙන් අල්ලන කොට මටත් නිකන් කිචි වගේ. මාත් ඇඹරෙනවා. මම ඇඹරෙන කොට කොල්ලන්ට ජොලි. අපි විකට වැඩසටහන්වලදී කියපු ඒ කාලේ සමාජයේ ප්‍රසිද්ධ දෙබස් එහෙම කියමින් කොල්ලො අපිට විහිළුත් කරනවා. ඒ අපි කරපු විහිළු අපේ සැබෑ ජීවිතයටත් එක් කරමින්. ගං ඉවුරේ රැස් වෙච්ච කට්ටිය හරි අපූරුවට විනෝදයක් ලබනවා. අපිත් ඉතිං කළේ ඒ අයට තවත් සතුටු කරන්න නොයෙක් විහිළු කතා කියන එක. ඒ වෙන කොට ගොඩ හිටිය අපි කීප දෙනෙක් කෝලම් විගඩම් කරමින් ගමේ මිනිස්සු එක්ක හොඳ හැටි විනෝද වෙන කොට අපේ තව කට්ටියක් ගෙඟ් බැහැලා දියබුං ගහගහ හොඳ හැටි නානවා. ඔය අතරේ ගෙඟ් බැහැලා හිටිය අපේ කණ්ඩායමේ ඇල්ෆ්‍රඩ් පෙරේරා ගෙඟ් මැද ඉඳන් අත පය විසි කරන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් උඩට අත පය විසි කරමින් දඟලන ඇල්ෆ‍්‍රඩ් දිහා බලාගෙන හිටය අපටත් හිනා ගියා. අපි හිතුවේ ඇල්ෆ්‍රඩ් මෙහාට ඇවිත් ඉන්න මිනිස්සු සතුටු කරන්න එයා එහෙම කරනවා ඇති කියලා. ඇල්ෆ‍්‍රඩ්ගේ මේ වැඩේට ගං ඉවුරේ රැස් වෙලා හිටිය අයත් ගං ඉවුරේ ඉඳලා හූ කිය කිය හිනා වෙනවා. තවත් අය අත්පුඩි ගසමින් ඇල්ෆ‍්‍රඩ්ගේ මේ ක්‍රියාවට හිනා වෙනවා. ඒත් බලන් ගියාම එයාගේ විහිළුව නතර වෙන පාටක් නෑ. එන්න එන්නම අත පය ගහන වේගය වැඩි වෙන්න පටන් ගත්තා. මේ වෙන කොට ගඟ මැද්දේ හිටිය ඇල්ෆ‍්‍රඩ් පෙරේරාව ටිකෙන් ටික ගෙඟ් ඈතට ඇදෙන්න වුණා. අපි හිනාවෙන එක නතර කරලා ටිකක් බලා හිටියා. බලන කෙට මෙයාව වතුරේ ගහගෙන යනවා. එයා අත උස්සල දඟලලා තියෙන්නේ දියේ ගිලෙන්න යන නිසයි. දැන් අපේ කට්ටියත් රැස් වෙලා හිටිය අයටත් තේරුණා වෙන්න යන දේ. ඒ වෙන කොට එතනට රැස් වෙලා හිටිය පීනන්න පුළුවන් කීප දෙනෙක් ගඟට පැනලා පීනලා ගිහින් දැඩි වෙහෙසක් දරලා ඇල්ෆ‍්‍රඩ් පෙරේරාව ගොඩට අරන් ආවා. ඒ වෙන කොටත් ඇල්ෆ්‍රඩ්ට හොඳ හැටි වතුර පෙවිලා. ජීවිතේ බේර ගන්න වතුර එක්ක දඟලලා වෙහෙසට හොඳටම තෙහෙට්ටු වෙලා. ඇල්ෆ‍්‍රඩ් කරන්නේ විහිලුවක් කියලා අපි තවත් බලා හිටිය නම් අපිට තව පොඩ්ඩෙන් වෙන්නේ වටිනා ජීවිතයක් නැති වෙලා යන එක. එදා ඉඳලා අපි එකිනෙකාට විහිළු කළත් එකිනෙකා ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නේ මේක විහිළුවක් ද නැත්නම් ඇත්තම දෙයක් ද කියලා සක් සුදක් සේ පැහැදිලි වෙනකම්.
|
||