|
|
ටෙලිනිස එක්ව තිස්ස අබේසේකරයන්ට හරසර දක්වයි ප්‍රණාම උළෙල 27 වැනිදා
මෙයට සමගාමීව අජිත් ගලප්පත්ති විසින් රචිත තිස්ස . . . තිස්ස ග්‍රන්ථය සහ දේශීය විද්වතුන් රාශියකගේ ලිපි ඇතුළත් රෝහණ දන්දෙණිය සංස්කරණය කළ තිස්ස අබේසේකර ලිපිසරණිය ‘නික්ම නොගිය අප්‍රමාණ මිනිසා’ යන ග්‍රන්ථය දොරට වැඩීම ද මෙහිදී සිදුවනු ඇත. එසේම තිස්ස අබේසේකර කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරිම ද, සුදත් රෝහණ නිර්මාණය කළ තිස්ස අබේසේකර වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇතුළු ප්‍රාසංගික ක්‍රියාකාරකම් කිහිපයක් ද සිදුවීමට ද නියමිතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහි මුලසුන හොබවන අතර දේශීය සිනමා රූපවාහිනී සහ සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වනු ඇත.
|



මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමාකරුවකු, ටෙලි නාට්‍ය නිර්මාණවේදියකු, සාහිත්‍යධරයකු,
ක්ෂේත්‍රයට අදාළ විෂය සම්බන්ධ ගුරුවරයකු මෙන්ම පරිපාලකයකු වන නැසීගිය තිස්ස අබේසේකර
සූරීන් කළ මෙහෙවර අගයමින් ක්ෂේත්‍රය තුළ ඔහු කළ නව සොයා ගැනීම් සහ දැනුම අනාගත
පරපුරට දායාද කිරීමත් අරමුණු කර ගනිමින් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස)
‘සමීප රූප – තිස්ස අබේසේකර අභිනන්දන උළෙල මැයෙන් විශේෂ උත්සවයක් මෙම මස 27 වැනිදා
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.