|
|
රැජනක් වෙනුවෙන් රැජනක් හඬයි
එදින මේ සියලු කටයුතු සිදු කෙරුණේ සුවිශේෂ අමුත්තියකගේ ප්‍රධානත්වයෙන්. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නිළි රැජන මාලිනී ෆොන්සේකා. මෙම පදනමේ ප්‍රධාන අනුශාසත්වය දරන්නේ ද ඇයයි. ප්‍රසංගයේ සියලු කටයුතු අතරේ රුක්මණී නැඟණිය හෙලන් නිලන්ති ශිල්පිනිය විසින් එදා රුක්මණිය ගැයූ ‘මැවිලා පෙනේවි රූපේ’ ගීතය අපූරු ආකාරයෙන් ගායනා කළා. දැනට ඔත්පළව සිටිය ද ඇය එම ගීතය ගායනා කළ ආකාරය හැමෝගෙම ප්‍රශංසාවට ලක්වුණා. එහි දී හෙළ නිළි රැජන මාලිනියගේ දැසේ කඳුළු පිරී තිබෙනු දැකීම කාගේත් හිත් සංවේදී කර වූ දසුනක් වුණා. නිළි රැජනක් වෙනුවෙන් නිළි රැජනක් සංවේදී වීම කාගේත් කතාබහට ලක්වුණා. ඒ වගේම තමයි තවත් සුවිශේෂ කතාවක් තියෙනවා. මාලිනිය රංගනයට පැමිණි අවධියේදීම රුක්මණී දේවිය මාලිනියගේ මවගෙන් ‘අනේ මෙයා මට දෙන්නකෝ දරුකමට හදාගන්න’ කියලා හැමදාම කියනවා කියලත් නිළි රැජන මාලිනී ෆොන්සේකා නිතරම සිහිපත් කරනවා. |




දශක තුනකට පෙර දැයෙන් සමුගත් හෙළ නිළි රැජන ගීත කෝකිලාවිය ලෙස ගෞරවාදරයට පත්
රුක්මණී දේවියගේ 35 වැනි ගුණ සමරුව පසුගිය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ‘රුක්මණී
සැමරුම් ගී’ නමින් ප්‍රසංගයක් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා කොළඹ 07 සව්සිරිපාය
ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එය සංවිධානය කෙරුණේ රුක්මණී සැමරුම් පදනම විසින්. එහිදී
රුක්මණී නැඟණිය හෙලන් ඩැනියල් ශිල්පිනියයට විශේෂ පරිත්‍යාගයක් ද සිදු කෙරුණ.