|
TOP 10 CHART FROM H O L L Y W O O Dඑන්ඩර්ස් ගේම් මුලට එයි
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙහි අනාගත සිදුවීමක් පසුබිම් කරගත් කතා පුවතක් ඇතුළත් වේ. එහිදී පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරයකට එරෙහිව ජාත්‍යන්තර යුද හමුදාවක් මානව සංහතියේ ඉරණම තීරණය කෙරෙන මෙහෙයුමක නිරතවන අපූරු කතා පුවතක් ඇතුළත්. මෙවර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ පසුගිය සතියේ පෙරමුණේ සිටි Bad Grandpa චිත්‍රපටය යි. හාස්‍යමය චිත්‍රපටයක් වන මෙය පසුගිය සති අන්තයේදි වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 20ක්. මේ සතියේ තිරගතවීම ආරම්භ කළ Last Vegas චිත්‍රපයට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානය යි. වයස අවුරුදු හැට ඉක්ම වූ මිතුරන් පිරිසක් අතර සිටින එක් මිතුරෙකුගේ තනිකඩ ජීවිතයේ අවසන් දිනය වෙනුවෙන් පැවැත්වෙන සාදය සමඟින් ගත කරන සුන්දර කාල පරිච්ඡේදයක් ගෙන එන කතා පුවතක් මෙම චිත්‍රපටයේ ඇතුළත් වේ. ජෝන් ටටෙල්ටර්බ් අධ්‍යක්ෂණය කළ මෙහි රොබට් ඩී නීරෝ, මයිකල් ඩග්ලස්, මෝගන් ෆ්‍රීමෑන් ප්‍ර‍්‍රධාන චරිත නිරූපණය කරති. පසුගිය සති අන්තය වනවිට එය ඩොලර් මිලියන 16.3ක ආදායමක් වාර්තා කර තිබුණි. නොවැම්බර් පළමුවැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ඇරඹු Free Birds අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර සිව්වැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටය යි. හාස්‍යමය කතා පුවතක් රැගත් පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය ජිමී හේවොඩ් විසිනි. එය සති අන්තය වනවිට ඩොලර් මිලියන 15.8ක ආදායමක් වාර්තාකර තිබුණි. පසුගිය සතියේ දෙවැනි ස්ථානයේ පසු වූ Gravity චිත්‍රපටය මෙම සතියේදී පස්වැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර සති අන්තය වනවිට ඩොලර් මිලියන 12.8ක ආදායමක්ද වාර්තා කර තිබුණි. පසුගිය සතියේ තෙවැනි ස්ථානයේ පසු වූ Captain Phillips චිත්‍රපටය මෙවර හයවැනි ස්ථානයටත් පසුගිය සතියේ අටවැනි ස්ථානයේ පසු වූ 12 Years a Slave චිත්‍රපටය හත්වැනි ස්ථානයටත් පැමිණ තිබේ. දැනට සති හයක් පුරාවට ඇමරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටින Cloudy With a Chance of Meatballs චිත්‍රපටයට හිමි වී ඇත්තේ අටවැනි ස්ථානය යි. රයිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ The Counselor චිත්‍රපටය නමවැනි ස්ථානයටත් කිම්බර්ලි පීරයිස් අධ්‍යක්ෂණය කළ Carrie චිත්‍රපටය දසවැනි ස්ථානයටත් පැමිණ තිබේ. සති කිහිපයක් පුරාවට අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටි Escape Plan, Enough Said , Prisoners චිත්‍රපට මෙවර ඉවතට ගොස් ඇත.
|