|
ICE AGE කණ්ඩායමේ අලුත් ලෝකය epic
ICE AGE නිර්මාණකරුවන් විසින් සොයා ගත් අලුත් ලෝකය EPIC...දැන් තිරගත වේ. කාටුන් ලෝකයේ ප්‍රේක්‍ෂකයන් වඩාත් ආකර්ෂණය කරමින් බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තැබූ අයිස් ඒජ්, රියෝ යන චිත්‍රපට නිර්මාණකරුවන්ගේ නවතම චිත්‍රපටය එපික් 3D චිත්‍රපටයයි.ඇනිමේෂන් 3D චිත්‍රපටයක් වන එපික් මනඞකල්පිත, ක්‍රියාදාම, හාස්‍ය ජනක මෙන්ම නාට්‍යම චිත්‍රපටයකි. ඇමෙරිකාවේ බ්ලූ ස්කයි ස්ටුඩියෝ හි නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය 2013 මැයි 24 ලොව පුරා රටවල් ගණනාවක දී ප්‍රදර්ශනය ආරම්භ විය. මේ වන විට එපික් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තබමින් ඉතා සාර්ථකව තිරගත වේ. එපික් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන්නේ ක්‍රිස් වෙජ් ය. ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම හඬ කැවීමේ ශිල්පියෙක් වන ක්‍රිස් පවසන අන්දමට එපික් චිත්‍රපටය, නිෂ්පාදන අවදියේ දී අවස්ථා කිහිපයක දීම නිෂ්පාදන කටයුතු අතරමග නතර කිරීමට ඔවුන්ට සිදු ව තිබේ. 2006 දී විලියම් ජොයිස්ගේ The Leaf Men and the Brave Good Bugsxp කෘතිය පාදක කොට ගනිමින් මෙම චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වූ අතර විවිධ හේතු කාරණා මත එහි නිෂ්පාදන කටයුතු නතර කිරීමට නිෂ්පාදන කණ්ඩායමට සිදුවිය. කෙසේ වුවද 2009 දී නැවතත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නිෂ්පාදන කණ්ඩායම තීරණය කළ අතර ඒ සඳහා ඔවුන් යෙදූ නම වූයේ Leaf Men යන්නයි. කෙසේ වුවද 2012 දී නිෂ්පාදක කණ්ඩායම එම චිත්‍රපටය ප්‍රසිද්ධියට පත් කළේ එපික් නමිනි.
තිර පිටපත් රචකයන් පස් දෙනෙකුගේ සහභාගිත්වය මේ සඳහා යොදාගෙන ඇති අතර විලියම් ජොයිස් ද එයින් එක් අයෙකි. 20th Century Fox බෙදා හැරීමක් වන එපික් චිත්‍රපටය විනාඩි එකසිය දෙකක් පුරා ප්‍රේක්‍ෂක ආකර්ෂණය තිරය මත තබමින් දිවෙයි. එහි දී ඉතා දක්‍ෂ චිත්‍රපට නිළියක මෙන්ම හඬ කැවීමේ ශිල්පිනියක වන ඇමෙන්ඩා සේෆේරඩ් මෙහි දී මේරිගේ චරිතයට පණ පොවන අතර සම්මාන ලාභී නළුවකු වන ජෝෂ් හචර්සන් නොඩ්ගේ චරිතයට පණ පොවයි. කොලින් ෆරෙල් - රොනින් ලෙසි ද, බියොන්ස් - ටාරා රැජින ලෙසින් ද ප්‍රධාන චරිත රැසක් සඳහා සම්මාන ලාභී ශිල්පීන් රැසකගේ දායකත්වය එපික් සඳහා යොදාගෙන තිබේ. ගීත විසි එකක් එපික් චිත්‍රපටය සඳහා ඇතුළත් කොට ඇති අතර සෝනි ක්ලැසික් ලේබලය යටතේ ඩැනී එල්ෆ්මන්ගේ නාද රටාවන්ට බියොන්ස්ගේ හඬ දායකත්වය සපයයි. ක්‍රිස් වෙජ් පවසන ආකාරයට එපික් චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන අනූ තුනක් වැය කොට තිබේ. පළමු සතියේ දීම එම වියදම පියවා ගැනීමට මෙන්ම බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට එපික් චිත්‍රපටය සමත් විය. උතුරු අමෙරිකාවේ පළමු දින දී පමණක් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 93 කි. ලෝකය පුරා රටවල් ගණනාවක ඉතා සාර්ථකව තිරගත වන එපික් චිත්‍රපටය මේ දිනවල ලාංකේය ප්‍රේක්‍ෂකයන්ට ද නැරඹීමේ අවස්ථාව තිබේ. හාස්‍ය මෙන්ම වික්‍රමාන්විත ක්‍රියාදාම ජවනිකා රැසක් තුළින් ප්‍රේක්‍ෂකයා මොහොතකට මොවුන් සොයා ගත් ලෝකය තුළ රැඳවීමට සමත් වී තිබේ. |