|
|
විශාරද නන්දා මාලිනී කැනඩාවේ සංචාරයක
නන්දා – වික්ටර් දිගු කලකට පසු එංගලන්තයේ ගී ගයති
ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද නන්දා මාලිනී මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරතව සිටියි. එහිදී හෙට (14) කැල්ගරි නගරයෙන් ආරම්භ වන ප්‍රසංග මාලාවකට ඇය සහභාගිවීමට නියමිත අතර ජූනි 15 වැනිදා මැනිටෝබා නගරයේත්, ජූනි16 වැනිදා වැන්කුවර් නගරයේත් ජූනි 22 වැනිදා ටොරොන්ටෝ නගරයේත්, ජූනි 23 වැනිදා මොන්ට්‍රියල් නගරයේත් එම ප්‍රසංග සංවිධානය කර තිබේ. මෙම ප්‍රසංග මාලාවේ සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගේ වන අතර වාද්‍ය ශිල්පීන් ලෙස සුරේෂ් මාලියැද්දේ, මහේන්ද්‍ර පැස්කුවල් සහ ධනංජය සෝමසිරි එක් වේ. මෙහි සංවිධානය ටොරොන්ටෝ හි ‘ඍධඪජඥ ධට ඹ්චදඬච ජ්ර්’ සේවය බාරව සිටින රංජිත් වික්‍රමසිංහ විසිනි. කැනඩාවේ පැවැත්වෙන ප්‍රසංග මාලවෙන් අනතුරුව එංගලන්තය බලා පැමිණෙන නන්දා මාලිනිය ජූනි 30 වැනිදා එංගලන්තයේ ලෝගන් ශාලාවේදී ‘ගී අමා’ නමින් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත වේ. එහි විශේෂත්වය වන්නේ ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක ද ඒ සඳහා සභභාගිවීමයි. නන්දා මාලිනිය වික්ටර් රත්නායක එක්ව මෙලෙස ද්වි පුද්ගල ප්‍රසංගයක් පවත්වන්නේ බොහෝ කලකට පසුවය. මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්දේ විසිනි. ‘ගී අමා’ ප්‍රසංගය සංවිධානය කෙරන්නේ ප්‍රසාද් ඕලැන්ඩෝ, ප්‍රිය විජය ෆොන්සේකා සහ ප්‍රේමා ගනේගොඩ සමඟ ආර්ට් ලංකා සංවිධානයෙනි.
තිස්ස ලියනසූරිය ශ්‍රීපාලි ප්‍රණාමයෙන් පිදුම් ලබයි
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාණන්ගේ සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් සිනමාවට පිවිසි තිස්ස සූරීන් 1964 වර්ෂයේදී මයික් විල්සන් හා එක්ව ගැටවරයෝ සිනමාපටය නිර්මාණය කරමින් අධ්‍යක්ෂණයට මුල පිරීය. අනතුරුව සාරවිට, පුංචි බබා, නාරිලතා යන සදා අමරණීය චිත්‍රපට ඔහු අතින් නිර්මාණය විය. ඒ අතරින් සාරවිට සහ ගැටවරයෝ යන චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවි සම්මානය දිනා ගත්තේය. එසේම හෙළ සිනමා නිළි රැජන මාලිනී ෆොන්සේකා හෙළ සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ තිස්ස ලියනසූරියන්ටය. ඒ පුංචි බබා චිත්‍රපටයෙනි. මෙම උපහාර උළෙලට සමගාමීව ශ්‍රීපාලි විද්‍යාර්ථීන් විසින් නිර්මාණය කළ ජර්නි විත් ද බටර් ෆ්ලයි. ද ස්ෆින්ක්ස් යන කෙටි චිත්‍රපට ද ප්‍රදර්ශනය වේ.
රංජිත් මතඟවීර අවසන් ගමන් යයි
|




විශිෂ්ට සිනමාවේදියකු වන තිස්ස ලියනසූරිය මෙතෙක් සිනමාවට කරන ලද මෙහෙය අගයා අද
ශ්‍රීපාලි ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබයි. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි
මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ යුනිවර්සිටි ෆිල්ම් මේකර්ස් සිනමා සංගමය විසින්
පළමුවරට සංවිධානය කරනු ලබන ශ්‍රීපාලි ප්‍රණාම උළෙලේදීය. එය අද සවස 3.00 ට හොරණ
ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වේ.