|
17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්
රූපවාහිනි වැඩසටහන් අතර අද වන විට රියැලිටි වැඩසහන් ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන තියෙනවා. ලොකු පොඩි කාගෙත් ගායන, රංගන කුසලතා උරගා බැලෙන මෙම වැඩසටහන් විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් ද ක්‍රියාත්මකයි. ඒ අතර විදෙස් රැකියාවල නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන හැකියා දැක්වීම වෙනුවෙන් මේ වන විට ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි තෙවැනි වැඩසටහන පසුගියදා කුවේට්හිදී පැවැත්වුණා. එහිදී ප්‍රථමයෙන් සිය ගායන හැකියාවන් දක්වන්න වේදිකාවට පිවිසියේ වසන්ත කුමාර. පාසල් කාලයේ සංගීතය හදාරා ලද අත්දැකීම් ඔහු රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව තෙක් කැඳවාගෙන විත් ඇත. ලක්මාලි සමරකෝන් සමඟ විවාහ දිවියට පිවිසි ඔහු දියණියකගේ පියෙකි. වසන්ත කුමාර විදේශ සේවාවට ගොස් ඇත්තේ 2006 වසරේදීය.
විශේෂයෙන් ගායන සහ නර්තනයට දැඩි ඇල්මක් දක්වන ශානිකා විදෙස් සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2006 වසරේදීය. විනීතා සමරරත්න රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළ මීළඟ තාරකාව වූවාය. මවුපිය ආභාසයෙන් සහ පාසල් අධ්‍යාපනයෙන් ගායන අංශයට යොමු වූ ඇය දහම් පාසල් ගායනා තරගවලදී ජයග්‍රහණ ලබා ගැනීමට ද සමත් වී ඇත. නර්තන අංශයට ද උනන්දුවක් දක්වන විනීතා විදෙස් සේවයට එක් වී මේ වන විට වසර 13 කි. රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාවට මීළඟට එක් වූයේ ඩබ්ලිව්. ඩැනි ප්‍රනාන්දු. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු තබ්ලා වාදනනයට ද දස්කම් දක්වන්නේය.
යමුනා පද්මිණී වික්‍රමනායක රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළ තවත් තාරකාවක්. සහජයෙන් ලද ගායන හැකියාව නිසාම ඇය පාසල් කාලයේද විෂයක් ලෙස සංගිතය හදාරා ඇත. සංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දක්වන යමුනා පද්මිණී විදෙස් සේවයට එක් වී ඇත්තේ 2002 වර්ෂයේදීය. විවේක් ධනංජය ද සිල්වා කුවේට්හිදී රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව විචිත්‍රවත් කරන්න එක් වූ තරුවක්. කුඩා කල සිට සහජයෙන් ඔහුට උරුම වූ කලා හැකියාවෙන් ඔහු යොමුවුණේ නර්තන අංශයට. කලා ක්ෂේත්‍රයෙන් බැහැර රැකියාවක නිරත වුණත් රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ඔහුට සිය දස්කම් දක්වන්න අවස්ථාව උදා කර දී තිබේ.
|