|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
‘අ හෝන්ටඩ් හවුස්’ හාස්‍ය මෙන්ම ත්‍රාසජනක සිදුවීම් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. මයිකල් ටයිඩ්ස් විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 86 ක ධාවන කාලයකින් යුතු වේ. මාලන් වෙයන්ස්, එසෙන්ස් ඇට්කින්ස්, නික් ස්වෝඩ්න්, ඩේවිඩ් කෝච්නර්, ඩේව් ෂෙරිඩන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘ස්ටෝකර්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් නවතම හොලිවුඩ් චිත්‍රපටයක්. පාක් චෑන්වෲක් අධ්‍යක්ෂණය කළ මෙහි මියා වැසිකොව්ස්කි, මැතිව් ගෝඩ්, නිකොලෙ කිඩ්මෑන්, ඩර්ව්ට් මුල්රෝනි, ජැකි වේවර් ප්‍රධාන චරිත නිරූපණය කරති.
Oz the Great and Powerful
සෑම් රයිම් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ජේම්ස් ෆ‍්‍රැන්කෝ, මිලා කුයින්ස්, රැචෙල් වෙයිස්, මයිකල් විලියම්ස්, සැක් බ්‍රාෆ්, බිල් කොබ්ස්, ජේ කින්ග් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ඕස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’ මිනිත්තු 130 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ද මපට්ස්’ සංගීතය රැගත් හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ජේම්ස් බොබින් අධ්‍යක්ෂණය කළ ‘ද මපට්ස්’ මිනිත්තු 103 ක ධාවන කාලයකින් යුතු වේ. ජේසන් සෙගෙල්, ඇමි ඇඩට්ස්, ක්‍රිස් කෝපර්, රෂිඩා ජෝන්ස් මෙහි චරිත සඳහා දායකත්වය ලබා දේ. ලබන වසරේදී ‘ද මපට්ස්’ හි මීළඟ චිත්‍රපටය ‘ද මපට්ස් අගේන්’ තිරගත වීමට නියමිතය.
Man on a Ledge
‘වෝර්ත් ඔෆ් ද ටයිටන්ස්’ ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටයක්. ජොනතන් ලෙබ්ස්මන් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ. එඩ්ගා රමීර්ස්, ටොබි කේබෙල්, ඩැනි හියුස්ටන්, රැල්ප් ෆයින්ස්, ලියම් නෙසන් ‘වෝර්ත් ඔෆ් ද ටයිටනස්’ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
‘ජෝඩි බේකර්ස්’ ආදරය, හාස්‍ය මුසු වූ හින්දි චිත්‍රපටයක්. අශ්විනි චෞද්රි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ බිපාෂා බාසු, ආර්. මාධවන්, ඕම් විද්‍යා, දීපනිතා ෂර්මා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
‘බැන්ඩොක්’ අපරාධයක් පිළිබඳ සිදුවීම් පෙළක් ගෙන එන හින්දි චිත්‍රපටයක්. ආදිත්‍ය ඕම් අධ්‍යක්ෂණය කළ ‘බැන්ඩොක්’ හි මනිෂා කෙල්කාර්, ලෝචන් සිංග් යාදේව් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.
|