|
|
Cover Profile
රාජ්‍ය නාට්‍ය උළෙලේදී දෙවතාවක් හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ ලැබූ මාධනී, සුසිල් ගුණරත්නගේ ‘දෙනුවර දෙන්නෙක්’ වේදිකා නාට්‍ය වෙනුවෙන් 2007 වසරේදී හොඳම නිළියට හිමි සම්මානයත්, කේ. බී. හේරත්ගේ ‘ජගන්මා’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2009 වසරේදී හොඳම වේදිකා නාට්‍යය නිළියට හිමි සම්මානයත් දිනා ගත්තාය. කේ. බී. හේරත්ගේ ‘කළු කුමාරි’ නාට්‍යයේදී කළ රංගනය වෙනුවෙන් ඇය මෙවර 2012 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයට ද හිමිකම් කීවාය. පුංචි තිරයේ ද ප්‍රේක්ෂක සිත් තුළ නෙමැකෙන සටහන් තබමින් විවිධ චරිත මැවූ ඇය මෑතකාලීනව විකාශය වූ ‘රන්ගිර’, ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’, ‘බොරලු පාර’ වැනි ටෙලි නාට්‍ය තුළින් සිය රංගන ප්‍රතිභාව දක්වමින් කාගේත් කතාබහට ලක් වූවාය. ඉදිරියේදී ද විවිධ නිර්මාණ තුළින් ඔබ හමුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මාධනී මල්වත්තගේ සේයා රුවකින් අද සරසවිය මුල් පිටුව සැරසේ.
|



මාධනී මල්වත්තගේ ලාංකේය වේදිකාවේ තමාගේ අනන්‍යතාවක් ගොඩ නගා ගත් රංගන
ශිල්පිනියක්. ජයලත් මනෝරත්නගේ ‘කනේරු මල්’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිතාවට පය
තැබූ ඇය මෙරට දැවැන්ත නාට්‍යකරුවන්ගේ නිර්මාණ රැසකට සිය හැකියාවෙන් පෝෂණය කිරීමට
සමත් වූවාය. ඩග්ලස් සිරිවර්ධනගේ ‘සිහල වංශලා’, සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’,
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’ නාට්‍යයන්හි ප්‍රධාන
භූමිකාවන්ට පණ පොවන්නට ඈ වාසනාව ලද්දීය.