|
අනිල්ගේ වචනය වෙනස් වෙයි ද?
පහළොස් වසරකට පසුව ද ශ්‍රී දේවියගේ සුරූපී ස්වරූපය වෙනස් වී නැත. එනිසාම මිස්ටර් ඉන්ඩියා දෙවැන්න බැබළවීමට ද ඇයට හැකි වනු ඒකාන්තය. අනිල් කපූර් ද සිනමාපටයේ රඟපෑමට එකඟ වී තිබේ. එහෙත් ශ්‍රී දේවි රඟපෑමට එකඟ වීම නිසා අනිල් කපූර්ගේ මනාපයට කුමක් වේවිදැයි යන්න නිශ්චිතව කිව නොහැකිය. ශ්‍රී, වැඩිමල් සොයුරු බොනිගේ අතගත් පසු අනිල් කපූර් පැවසුවේ යළි පෙම්වතුන් ලෙස තිරයේ රඟ නොපාන බවයි. ශ්‍රී දේවි සහ අනිල් කපූර් අවසන් වරට තිරයේ පෙම්වතුන් වූයේ 1997 දී ‘ජුඩායි’ සිනමාපටයේයි. කෙසේ වුවත් මිස්ටර් ඉන්ඩියා දෙවැන්න ගැන බොනි කපූර් සිතන්නේ ‘නෝ එන්ට්‍රි, මේන් එන්ට්‍රි’ සිනමාපටයේ දෙවැන්න කළ පසුයි.
සැබෑ වීරයෙක් බව ඔප්පු කරලා
හේමන්ත්ට රුධිරය ගලන තරමේ තුවාලයක් සිදු විය. සිය සිනමා කණ්ඩායමේ සාමාජිකයන් සමඟ රන්බීර් කඩිනමින් ඔහු රෝහලට රැගෙන ගියහ. රෝහලේදී ඔහුට මැහුම් දැමූ අතර හේමන්ත් සුවය ලබා පිටවෙන තුරුම රන්බීර් ඔහු ළඟම සිටියේය.
අවසන් හුස්මත් සිනමාවට
ලේ උරුමයෙන් නිළියක වූ කරීනාගේ ලෝකය සිනමාව වීම අරුමයක් නොවෙයි. කරීනාගේ සීයා රාජ් කපූර්ය. පියා රන්ධීර්, මව බබිතා මෙන්ම අක්කණ්ඩිය කරිෂ්මා ද තිර තරුය. එසේ නම් කරීනා කපූර් අවසන් හුස්මත් දර්ශන තලයකදී හෙළන බව පැවසීම අරුමයක් නොවෙයි. ලාරා දත්තා, දියා මිර්සා, ප්‍රීති සින්තා වැන්නියන් මේ වන විට සිනමා නිෂ්පාදනයටත් අතගසා අවසන්ය. එහෙත් කරීනාට නම් අවශ්‍ය මිය යන තුරුම රංගනයේ යෙදීමයි. මේ දිනවල කරීනා ප්‍රකාශ් ජාගේ ‘සත්‍යග්‍රහ’ සහ කරන් ජොහාර්ගේ ‘ගෝරි තෙරේ ප්‍යාර් මේන්’ සිනමාපටයේ රූගත කිරීම් නිසා කාර්යබහුලය. ‘සත්‍යග්‍රහ’ සිනමාපටයේ අජේගේ සමඟ සරාගී දසුනක රඟපෑමට කරීනාට තිබුණ ද ඇය එයට අකැමැත්ත පළ කර ඇති බව එක් ප්‍රධාන පත්‍රයක සඳහන් වූයේය. එහෙත් තිර පිටපතට සාධාරණය ඉටු කරන නිළියක වූ ඇය එසේ නොකරන බවට ද වාර්තා වී තිබේ. අජේ හා කරීනා රඟන සරාගී දසුන ඊළඟ මාසයේදී බෝපාල් හි රූගත කිරීමට නියමිතයි.
සියවසටම එකයි
1913 දී ‘රාජා හරිශ්චන්ද්‍ර’ සිනමාපටය ලෝක සිනමාවට බොලිවුඩය නම් අධිරාජ්‍යය බිහි කළේය. සියවසක් ගත වන්නේ සොඳුරු වෛවර්ණ සිහිනයක ප්‍රේක්ෂකයා ජීවත් කරවමිනි. ඒ සුවිශේෂී සැමරුමට ෆිල්ම් ෆෙයාර් සඟරාව සූදානම් වන්නේ සිනමා සියවසේ වටිනාකම එකට එක් කළ හැකි යුග තුනක රජුන් තිදෙනකුගේ ඡායාරූපයකිනි. ඡායාරූපය ගන්නා ලද්දේ විශිෂ්ට රංගවේදී දිලිප් කුමාර්ගේ මූම්බායි නිවෙසේදීයි. දැනට අනූ හැවිරිදි වියේ පසුවන දිලිප් කුමාර් පනහ, හැට දශකයන්හි බොලිවුඩය දික්විජය කළේ මධුමතී, දේව්දාස් වැනි සිනමා රංගනයන්ගෙනි. අමිතාබ් බච්චන් හැත්තෑව, අසූව දශකයන්හි බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ සංජීර්, ෂෝලේ බඳු සිනමාපට ගණනාවකම සුපිරි තරුවයි. බාසිගර්, ඩර්, දිල්වාලේ දුල්හනියා ලේ ජායන්ගේ වැනි සිනමා සිත්තම්වලින් රජකු බවට පත් වූයේ ෂාරුන් ඛාන්ය. මේ ජීවමාන රජුන් ත්‍රිත්වය එකම රූප රාමුවකට කොටු කළ දුලබ ඡායාරූපය එළි දකින්නේ එරට ප්‍රධානම සිනමා සඟරාව වන ෆිල්ම් ෆෙයාර් සඟරා කවරයෙනි. සිය වසක ප්‍රේක්ෂකයන්ට ඔවුන් දෙන ගෞරවනීය තිළිණය එයයි.
|