|
රුක්මණී 90 වැනි උපන් දින ගුණ සැමරුම 15 දාඅනුස්මරණ සංගමයටත් අවුරුදු 25 යි
අඛණ්ඩව වසර 24 ක් පුරා පැවති මෙම සැමරුම් ප්‍රසංගයේ මේ එළැඹෙන්නේ 25 වැනි සැමරුමටයි. රුක්මණී දේවිය වෙනුවෙන් ආරම්භ කෙරුණු රජයේ ලියාපදිංචි කර ඇති ප්‍රථම අනුස්මරණ සංගමය වන ‘රුක්මණී දේවී අනුස්මරණ සංගමය’ මෙය ඉදිරිපත් කරයි. එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති වන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු මෙන්ම ප්‍රකට නාට්‍ය කරුවකු වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්ය. වසර පනස්පහකට අධික කීර්තිමත් මාධ්‍ය දිවියකට හිමිකම් කියන ඔහුගේ පුවත්පත් කලා ජීවිතය ආරම්භ වන්නේ 1956 වසරෙදීය. ඒ කතෝලික පුවත්පතක් වූ ‘ඥානාර්ථ ප්‍රදීපය’ තුළිනි. ඉන්පසු ‘ලංකා චලන චිත්‍ර, ජනතා, සිරිකත, කලා මේලා, සිනමාව, සේයා, දැන් දැන්, ගීතා, සිනෙ ගීතා, සත්දින, සියපත, පෙරළිය, සුරතුර, පියකරු, සිත්සර, කුමරි, දිවයින’ ඇතුළු සිනමා පුවත්පත්, සඟරා රාශියකටම ඔහු සම්බන්ධව සිටියේය.
ඒ තුළින් ඔහු
දුකට පත් වූ කලා කරුවන් ගැන ලියන්න, ඔවුන්ට හැකි පමණින් පිහිට ව එයට ගරු කිරීමක් හැටියට තමයි ඇයගේ ඇවෑමෙන් ‘රුක්මණී දේවි අනුස්මරණ සංගමය’ පිහිටුවන්න මූලික වුණේ. 1989 ඔක්තෝබර් 29 වැනි දා මරදාන මාධ්‍ය කේන්ද්‍රයේ දී සහෝදර නිළියක් වන චාන්දනී විජේතුංග සමඟ එක්වී මා එය ආරම්භ කළා. එමඟින් රුක්මණී දේවි මාවත, රුක්මණී දේවි සමරු මුද්දරය, ශිෂ්‍යත්ව ප්‍රධානයක් සහ රුක්මණී දේවී රංග කලා කේන්ද්‍රයක් බිහි කරන්නටත් අපට හැකි වුණා. මෙතෙක් ලංකාවේ වසරකට අඛණ්ඩව උත්සව දෙකක් පවත්වාගෙන යන එකම අනුස්මරණ සංගමය වන්නේ එයයි. රුක්මණී දේවිය හමුවීමෙන් ලේඛකයකු වූ මා ඇය මියයන තුරුම සහෝදරත්වයෙන් ඇසුරු කළ නිසා ඇයගේ නම රැක ගැනීමට මට කළහැකි සෑම දෙයක්ම මගේ පණ තියෙනකම් කරනවා.’ හෙන්රි සංගමයේ ආරම්භය පැහැදිලි කළේ එසේයි. නිහතමානී අවිහිංසක දිවි පෙවතක් ගත කරන ඔහු තම රෝගී බිරියට සියලු ඇප උපස්ථාන කරමින් තමන්ගේම අතින් කවාපොවා ගෙවනා ජීවිතය හරිම අපූරුය . මේ සියලු කලා කටයුතු සිදුවන්නේ ඒ යුතුකම් දවසේ මූලික දේ කරගනිමිනි. රුක්මණී දේවියගේ 90 වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් රුක්මණී දේවි අනුස්මරණ සංගමය සංවිධානය කරනු ලබන රුක්මණී දේවි සැමරුම් ගී ප්‍රසංගයේ රොජර් සෙනෙවිරත්න, ෆීලීක්ස් ඇන්ටන්, සිරිමා ඇනෙස්ටා, මර්සලින් එඩ්වින් පෙරේරා, ඊ. ජී. ඒ. චිත්රකාන්ති, චන්දු ඉඹුලාන ලියනආරච්චි, ඇන්ටන් වේවැල්දෙණිය, සුසිල් වික්‍රමසූරිය, සනි ප්‍රනාන්දු, විනිෆ්රිඩා මල්ලිකා පීරිස්, වරුණ ශාන්ත අභයවර්ධන, ශ්‍රියා සේනානායක, රන්ජන් දහම්පත් ජයසේන, සුනිලා භද්‍රා බමුණුසිංහ, සමන් ක්රිෂාන්තස්, දමිතා නන්දනී, ස්වර්ණලතා මෙන්ඩිස්, පර්ල් රන්ජනී සිල්වා යන පිරිස මෙහිදී ගී ගයන ලබති. සංගීතය සුනෙත් මුතුකුමාරණ මෙහෙයවයි. |