|
|
මේ අවුරුද්දේ මැජෙස්ටික් ශාලාවේ අලුත් චිත්‍රපට
කලකට පසුව හොලිවුඩ් රිදී තිරයට එක්වන අර්නෝල්ඩ් ස්වාසනේගර්ගේ රංගනයෙන් ඔපවත්වන මෙම ක්‍රියාදාම චිත්‍රපටය ලබන 25 වැනි දා මෙරට සිනමා ලෝලීන් වෙනුවෙන් තිරගත කිරීම ආරම්භ වේ.
එදිනම තවත් ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ‘රේස් 2’ නම් ක්‍රියාදාම හින්දි
චිත්‍රපටය ද තිරගත කෙරේ. අනිල් කපූර්, සයිෆ් අලිඛාන්, දීපිකා පදුකෝන්, ජෝන්
ඒබ්‍රහම්, ජැකලයින් ෆර්ඩිනැන්ඩස් සහ අමිෂා පටෙල් ගේ රංගනයෙන් ඔපවත් වන ‘රේස් 2’
අධ්‍යක්‍ෂණය අබ්බාස් මස්තාන් විසිනි. බිපාෂා බාසුද මෙහි විශේෂ ද ඉන්දියාවේ නිපද වූ පළමු සංගීතමය ත්‍රිමාණ චිත්‍රපටය ‘එනිබොඩි කැන් ඩාන්ස්’ ලබන පෙබරවාරි 08 වැනි දා මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ දී තිරගත වීමට නියමිතය. රෙමෝ ඩිසෝසා විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි ප්‍රභූ දේවා, ගනේෂ් අචර්යා, සල්මන් යුසුන් ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. හොලිවුඩ් සුපිරි තරුවක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ රංගනයෙන් ඔපවත් වන ‘බුලට් ටු ද හෙඩ්’ ක්‍රියාදාම චිත්‍රපටය පෙබරවාරි 15 වැනිදා සිට තිරගත වීම ආරම්භ කෙරේ. ප්‍රංශ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ ‘බුලට් ටු ද හෙඩ්’ අධ්‍යක්‍ෂණය වෝල්ටර් හිල් විසිනි. සුන්ග් කැන්ග්, ජේසන් මොනො මා, ක්‍රිසිටින් ස්ලේටර්, සරා ෂා හි ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙති.
‘ධවල භීෂණ’ ඉන්දියාවට
|



හොලිවුඩ් මෙන්ම බොලිවුඩ් චිත්‍රපට රැසක් මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ දී රස විඳීමට
මේ වසරේදීත් ඔබට අවස්ථාව හිමිවෙනවා. ඒ අතර මුලින්ම තිරගත වීමට නියමිතව ඇත්තේ ඇන්ඩෲ
ක්නාවුර් ගේ ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ චිත්‍රපටය යි.
ර්ශනයක් සඳහා පෙනී
සිටියි.
’අ ගුඩ් ඩේ ටූ ඩයි හාර්ඩ්’ ලබන මාර්තු මාසයේ දී තිරගත කිරීමට නියමිතය. බෲස් විලීස්,
ජායි කෝර්ට්නි, මරේ එළිසබෙත් වින්ස්ටිඩ් සහ පැට්‍රික් ස්ටෙවාර්ට් මෙහි ප්‍රධාන චරිත
සඳහා පණ පොවති. ‘අ ගුඩ් ඩේ ටූ ඩයි හාර්ඩ්’ ජෝන් මුරේ ගේ අධ්‍යක්‍ෂණයකි.
මහා විදුහල්
ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.