|
බොරලු පාරේ කම්මුල් පාරට නළුවා රෝහලේජනක, සමඟ බොරලු පාරේ ඇවිද යමු
අධ්යක්ෂ ජනක සුරංජිත්ට එසේ සිතුණේ නුවර දිගන වික්ටෝරියා රේන්ජ් මාවත දුටු මොහොතෙහිය. දර්ශන තල රැසකට ඇවිද ගොස් ඒවා සුදුසු නොවූ හෙයින් හෙම්බත් වී සිටිය ඔහුගේ සිතට සැනසුමේ සුසුමක් නැඟින. බොරලු පාර නම් වූ තම අලුත්ම නිර්මාණය සඳහා මූලික වටපිටාව සකසා ගත් ජනක එම ස්ථානයෙන් ගෙවල් දෙකක් කුලියට ලබා ගන්නා ලදී. මහත් බලාපොරොත්තු පොදි බැඳගෙන ඔහු පළමු දර්ශන පෙළ රූගත කරන්නට හැදුවා පමණි. සිදු වුයේ නොසිතූ දෙයකි. ඉතින් ජනක එදා මොකද වුණේ? එක පාරටම මහ පිරිසක් එතනට ආවා. මොකක්දෝ සමිතියක නමකුත් කිව්වා. අපිට වහාම අකුලගෙන යන්න අණ කළා. මේක හරිම හතර බීරි කතාවක්නේ. ඒ වන කොටත් අර ගෙවල් දෙකට මාස ගණනකට සරිලන්න මුදල් ගෙවලත් ඉවරයි. කාලය ක්‍රමයෙන් ගෙවීගෙන යනවා.
බොරලු පාර මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ජාතික රූපවාහිනියේ විකාශය වේ. එය කාලයකට පසු ටෙලිවිශනයේ දිග හැරෙන හොඳ නාට්‍යයක් බව බොහෝ දෙනාගේ මතයයි. ජනක, බොරළු පාර රූගත කරද්දී සිතට දැනුණ සහ මතකයෙන් බැහැරව නොයන තවත් සිදුවීම් ගැන ආවර්ජනය කරන්නට සූදානමිනි.
ජයලාල් මෙහි ඇමතිවරයෙක්. ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි නම් වූ නළුවා ඔහුගේ ගෝලයකු
හැටියට ජෙහාන් එවලේ චණ්ඩියා වගේ හිටියා. පහුවෙනිදා ඔහු සෙට් එකේ නැහැ. හොයලා බැලින්නම් මිනිහා කාටත් හොරෙන් කළුබෝවිල ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා. ඕං ජයලාල්ගේ කම්මුල් පාර ගිය දුර.
ජයලාල් ගැන මෙහෙම කතාවකුත් මතක් වුණා. ඇමතිතුමා විවිධ වේලාවන්හී කෑම මේසයේ ඉන්න
දර්ශන කිහිපයක් රූගත කරන්න අපි යොදා ගත්තා. දවල් ඉඳලා
බොරලු පාර හී පීරිස් මහත්තයා ලෙස රඟන්නේ සුමින්ද සිරිසේනයි. ඔහු අසනීප වූ වේලාවේ මෙයින් ඉවත් නොකොට පිටපතට හානියක් නොවන්න ඔබ නාට්‍යය ඉදිරියට ගෙන ගියා? මං නාට්‍යය පටන් ගත්තේ පිටපතේ කොටස් සීයම ලියලා හමාර වෙද්දි.
මෙහි රචක රසික සුරවීරආරච්චි සහ මා ඇතුළු කණ්ඩායම කොහෙත්ම කැමැති වූයේ නැහැ සුමින්ද
මහත්මාව අයින් කරන්න. ඔහු ඔත්පල වෙද්දී ඔහු සිටින දර්ශන බොහොමයක් රූගත කරලා
අවසානයි. ඔහු නැවතත් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන කොට ඉතිරි සීන් ටික ඔහුගේ
නිවසට ගොස් කළා. ඒ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දුන්නේ ඒ අන්දමින්. මෙහි රංගනයේ යෙදෙනවා නව පරපුර නියෝජනය කරන නළුවෙක්. ඔහු නිසා ජනක මහත් අසීරුතාවයකට මුහුණ දුන්නලු. ඒ ගැන ජනක හඬ අවදි කළේ මෙසේයි. මේ පුද්ගලයා ෂූටිං නිමා කරන දවසේ ආවේ නැහැනේ. ඔහුට රඟ දක්වන්න දර්ශනයන් පෙළක් තිබුණා.
මට හිතාගන්න අමාරුයි කරන්නේ මොකක්ද කියලා. ඊට පසුව සංස්කරණය සහ කැමරා
ප්‍රයෝග භාවිත කරමින් නාට්‍යයේ එදින රූගත කිරීම්
නාට්‍යයේ ඔබ වඩාත් සංවේදී වුණා යම් දර්ශයකට. නෙතට කඳුළුත් නැංවුණා? එහෙම නේද? වසන්ත කුමාරසිරි වෙන්දකඩුව නමැති පොලිස් නිලධාරියකු හැටියටයි රඟපාන්නේ. ඔහුගේ දියණිය සමාධි. එයට පණ පොවන්නේ තිසුරි යුවනිකා. ඇයගේ මව ගෙදරින් පිටවෙලා ගිහින්. ඒ අවස්ථාවේදී වෙන්කඩුව දියණියට ඔහු අතින් උයපු බත් පාර්සලයක් දෙනවා. ඒ දර්ශන කිහිපයයි මාව සංවේදීතාවයට පත් කළේ.
ඒ කතාවත් සමඟින් බොරළු පාර නිර්මාණය කරද්දී සිදු වූ රසවත් සිදුවීම් මාලාවේ පෙළ
ගැස්ම ජනක එසේ අවසන් කළේය. මෙය ඔහුගේ පස්වැනි ප්‍රාසාංගික ටෙලි නාට්‍ය වනවා. ඔහු
මීට ප්‍රථම විශ්ව ගමන, වසන්ත කුසලාන, ඉසුරු භව මේවායින් වසන්ත කුසලාන, ඉසුරු භවන සහ ඇබෑර්තු ඇත යන නාට්‍යය සම්මානනීය වූවේය. ජාතික රූපවාහිනියේ නාට්‍ය ඒකකයේ වසර විසි එකක සේවා කාලයක් සපුරා ඇති ජනක මේ වන විට එහි ප්‍රධානි ලෙස කටයුතුª කරනු ලබයි.
බොරලු පාර හි සෙසු රංගන දායකත්වය නලින් ප්‍රදීප් උඩවෙල, ලයනල් වික්‍රම, පබෝධා සංදීපනී, මාධනී මල්වත්තගේ, අවන්ති අපොන්සු, කසුන් චාමර, සුමිත් රත්නායක, ශ්‍රියානි මහවත්ත, ප්‍රියන්ත සිරිකුමාර, නිලුකා රේඛානි, ඩී. බී. ගංගොඩතැන්න, රුවනි මනම්පේරි, රිචඩ් මානමුදලි.
සහාය අධ්‍යක්ෂණය – ග්රැන්ඩ්සන් ද සිල්වා අංග රචනය - රෝෂාන් පතිරාජ කැමරා අධ්‍යක්ෂණය – අජිත් බලංගොඩ සංගීතය - සමන්ත පෙරේරා සංස්කරණය - ජගත් වීරතුංග
|