|
|
|||||||||
දුවපු - නොදුවපු චිත්‍රපට වැඩිම මිලක් අය කළ තරු
ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියන 1.081 ක ආදායමක් ලැබීය. ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ නවතම චිත්‍රපටය වන ‘ස්කයි ෆෝල්’ චිත්‍රපටය ද පසුගිය වසරේ ආදායම් වාර්තා තබමින් ලොව පුරා සිනමාහල් රැසක තිරගත විය. ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සෑම් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක් වන ස්කයි ෆෝල් චිත්‍රපටය ඉපයූ ආදායම ඩොලර් බිලියනයක්. එමෙන්ම ඇවටර් සිනමා නිර්මාණයෙන් පසු එක්සත් රාජධානියේ තිරගත වූ චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වන්නේ ස්කයි ෆෝල් චිත්‍රපටයයි. අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය වූ ‘අයිස් ඒජ් කොන්ටිනෙන්ටල් බ්‍රිෆ්ට්’ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් ඩොලර් මිලියන 875 ක ආදායමක් වාර්තා කළේය. ඩොලර් මිලියන 120 ක වියදමකින් නිෂ්පාදනය කළ ‘ට්විලයිට් සාගා’ චිත්‍රපට මාලාවේ ‘බ්‍රේකින් ඩොවුන් පාර්ට් 2’ චිත්‍රපටය උපයා ගත්තේ ඩොලර් මිලියන 799 ක ආදායමක්. මාර්ක් වෙබ් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ ක්‍රිස්ටීන් ස්ටෙවාර්ට්, රොබට් පැටෙන්සන්, ටේලර් ලවුටිනර් රංගනයෙන් දායක විය. පසුගිය වසරේ ජූලි මාසයේ තිරගත වීම ආරම්භ කළ ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය ‘දි ඇමේසින් ස්පයිඩර් මෑන්’ චිත්‍රපටය උපයා ඇති ආදායම ඩොලර් මිලියන 752 ක්.
පසුගිය වසරේ අග භාගයේ තිරගත වීම ආරම්භ කළ ද හොබිටි චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය ‘ඇන් අන්එක්ස්පෙක්ටඩ් ජර්නි’ චිත්‍රපටය ද බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහළට පැමිණීමට සමත්ව ඇත. සුරංගනා කතා තේමාවක් කර ගනිමින් පීටර් ජැක්සන් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය මේ වන විට ඩොලර් මිලියන 685 ක ආදායමක් උපයාගෙන ඇත. එමෙන්ම බාරේ සෝනෙන්ෆීල්ඩ් අධ්‍යක්ෂණය කළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන ‘මෙන් ඉන් බ්ලැක් 3’ චිත්‍රපටය ද පසුගිය වසරේදී ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 624 ක ආදායමකට හිමිකම් කියන ලදී. මේ අතර පසුගිය වසර තුළදී ලොව පුරා තිරගත කළ හොලිවුඩ් චිත්‍රපට 10 ක් ඩොලර් මිලියන 600 ඉක්ම වූ අතර හොඳම චිත්‍රපට 20 අතර චිත්‍රපට 06 ක්ම පරිගණක සජීවිකරණ චිත්‍රපට වීම විශේෂිතයි. 2012 වසරේ අග භාගයේදී තිරගත වීම ආරම්භ කළ ‘ආගෝ’ චිත්‍රපටය ද ජනප්‍රිය වූ තවත් චිත්‍රපටයක්. සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ ‘ආගෝ’ බෙන් ඇලෙක්ස් ගේ අධ්‍යක්ෂණයක්. තිරගත වීම ආරම්භයේදී ආදායම් වාර්තා අතර තිබුණ ද එහි යම් පසුබැස්මක් ඇති වූ බව හොලිවුඩයෙන් වාර්තා වේ. එමෙන්ම පසුගිය වසරේදී ලොව පුරා ප්‍රදර්ශනය කළ ‘ෆයින්ඩින් නීමෝ’ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය ද එතරම් සාර්ථක වූ බව නොපෙන්වයි.
හොලිවුඩ් චිත්‍රපට ආදායම් වාර්තා සේම හොලිවුඩ් සුපිරි තරුවල ආදායම ද සුවිශේෂී වුණා. ට්විලයිට් සාගා චිත්‍රපට මාලාවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වෙමින් වැඩිම මුදලක් අය කරන හොලිවුඩ් තාරකාව බවට පත් වූයේ ක්‍රිස්ටීන් ස්ටෙවර්ට්. ඇය 2011 වසරේ මැයි මාසයේ සිට 2012 වසරේ මැයි මාසය දක්වා ඉපැයූ මුදල ඩොලර් මිලියන 34.5 ක්. 22 හැවිරිදි ස්ටෙවර්ට් එක් චිත්‍රපටයක් සඳහා ඩොලර් මිලියන 12.5 ක මුදලක් අය කළ බව හොලිවුඩයෙන් වාර්තා වේ.
හොලිවුඩ් රිදී තිරයේ වැඩිම ආදායම ලැබූ තරුව බවට පත් වූයේ ටොම් කෲස්. පෞද්ගලික ජීවිතයේ යම් යම් හැල හැප්පීම්වලට ලක් වුව ද ෆෝබ්ස් සඟරාවට අනුව කෲස්ගේ රංගන ජීවිතයේ සාර්ථකත්වය පෙන් වූයේ 2011 වසරේ මැයි මාසයේ සිට 2012 වසරේ මැයි දක්වා ඩොලර් මිලියන 75 ක ආදායමක් වාර්තා කරමින්. කෲස් නිසා දෙවැනි ස්ථානයට පත් වූයේ, 2011 වසරේ ආදායම් වාර්තාවල පළමු ස්ථානය හිමි වූ ලියනාඩෝ ඩිකැප්රියෝය. ඔහු පසුගිය වසරේදී සාර්ථක වූ චිත්‍රපට අතරට එක් නොවූ අතර වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 37 ක්. හොටෙල් ට්‍රාන්සිල්වේනියා චිත්‍රපටයට දායකත්වය ලබා දුන් ඇඩම් සැන්ඩර් ඩොලර් 37 ක ආදායමක් වාර්තා කළ අතර සාෂා බරෝන්, ජොනි ඩෙප් සහ විල් ස්මිත් ද සාර්ථක ආදායම් වාර්තා තැබූ තරු දහයට ඇතුළත්. එසේම ඩොක්ටර් ඩූ ලිට්ල් නිර්මාණයෙන් ජනප්‍රසාදය දිනාගත් එමි මර්ෆි ද සාර්ථකත්වයට පත් හොලිවුඩ් තරු අතරට එක්ව සිටියි.
|
|||||||||



ගෙවී ගිය 2012 වසර තුළදී හොලිවුඩ් රිදී තිරයේ සුවිශේෂ චිත්‍රපට රැසක් තිරගත විය.
එකිනෙකට නොදෙවෙනි කතා තේමා රැගත් චිත්‍රපට ලොව පුරා අති සාර්ථක අන්දමින් තිරගත වන
විටදී එතරම් සාර්ථක නොවූ චිත්‍රපට ද ඒ අතර විය. පසුගිය වසරේදී වැඩිම ආදායම ලැබූ
චිත්‍රපට අතර පෙරමුණට පැමිණියේ ඩොලර් මිලියන 220 ක වියදමකින් තැනූ ‘දි ඇවෙන්ජර්ස්’
චිත්‍රපටයයි. ජෝස් වේඩෝන් විසින් අධ්‍යක්ෂණය කළ ‘දි ඇවෙන්ජර්ස්’ ලොව පුරා
ප්‍රදර්ශනයෙන් උපයා ගත් ආදායම ඩොලර් බිලියන 1.511 ක්.
එරික් ඩැනියෙල් අධ්‍යක්ෂණය කළ
පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වූ ‘මැඩගස්කාර් 3’ චිත්‍රපටය ද සාර්ථක අයුරින් ලොව
පුරා තිරගත විය. ඩොලර් මිලියන 145 ක වියදමින් තැනූ ‘මැඩගස්කාර් 3’ පසුගිය වසර තුළදී
ඩොලර් මිලියන 742 ක් උපයා ගැනීමට සමත් විය. ඩොලර් මිලියන 78 ක වියදමින් තැනූ ‘ද
හන්ගර් ගේම්ස්’ චිත්‍රපටය පසුගිය වසරේ ඩොලර් මිලියන 500 ඉක්ම වූ පළමු චිත්‍රපටය බවට
පත් වුණා. ග්‍රේ රෝස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද හන්ගර් ගේම්ස්’ චිත්‍රපටය 2012 වසරේ
මාර්තු මාසයේදී තිරගත වීම ආරම්භ කළ අතර ලොව පුරා ප්‍රදර්ශනයෙන් එය වාර්තා කළ ආදායම
ඩොලර් මිලියන 686 කි.
පික්සාර් සජීවීකරණ චිත්‍රාගාරයේ නිපද වූ මෙම චිත්‍රපටය පසුගිය වසරේ ලොව පුරා
ප්‍රදර්ශනයෙන් උපයා ගත් ආදායම ඩොලර් මිලියන 393 ක්. ස්ටීවන් සෝඩර්බර්ග් අධ්‍යක්ෂණය
කළ මැජික් මයික් චිත්‍රපටය සාර්ථක ලෙස ආදායම් වාර්තා අතරට එක් නොවූ අතර එය වාර්තා
කළ ආදායම ඩොලර් මිලියන 165 ක්.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වන්නේ කැමරුන් ඩයස්ටයි. ෆෝබ්ස් සඟරාවට
අනුව ඇය උපයා ඇති ආදායම ඩොලර් මිලියන 34 ක්. ඩොලර් මිලියන 25 ක ආදායමක් වාර්තා කළ
සැන්ඩ්‍රා බ්ලොක් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඇන්ජලීනා ජොලීට හිමි වන්නේ සිව්වැනි
ස්ථානයයි. ඩොලර් මිලියන 20 ක ආදායමක් වාර්තා කළ ජොලී අවසන් වරට දායකත්වය සැපයුවේ
‘ඉන් ද ලෑන්ඩ් ඔෆ් බ්ලඩ් ඇන්ඩ් හනී’ චිත්‍රපටය සහ ඇගේ හඬ දායකත්වය ලද ‘කුන්ෆු
පැන්ඩා’ චිත්‍රපටයයි. ඩොලර් මිලියන 16 ක ආදායමක් වාර්තා කළ ජුලියා රොබට්ස් ට හිමි
වන්නේ හය වැනි ස්ථානයයි.





