වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




Please..  මාව arrest කරන්න

Please..  මාව arrest කරන්න

රශි ප්‍රභාට ඉල්ලීමක්

සුරූපී ඇයට පොලිස් නිල ඇඳුම මානව ගැළපිණ. එයින් සැරසුණු පසුව මේ ඉන්නේ නිළියක් ද එහෙමත් නැත්නම් ඇත්තම පොලිස් නිලධාරිනියක් ද කියා සිතා ගන්නට බැරි විය. එහෙයින් ඇයට පොලිස් නිල ඇඳුම පිටින් මඟට බැසීම තහනම් විය. රූගත කිරීම් නිමවන තුරු මේ පොලිස් නිලධාරිනියට මහජන ආරක්ෂාව සමඟින් සැඟ වි ඉන්නට සිදු විය. එස්. අයි. උපුලි ඒ පොලිස් නිලධාරිනියගේ නමය. නිළි ඇඳුම ඉවත් වූ පසු ඇය රශි ප්‍රභා සංදීපනී නම් විය.

ආයුබෝවන් කියා ඔබව අප පිළිගන්නවා.

රශි, ටෙලි නාට්‍ය කිහිපයකම මේ දිනවල රඟපානවා නේද?

ඔව්. ඒවා අතරින් සිද්ධාර්ථ ගෞතම, රාහු සහ දූවිලි අහස කියන නාට්‍ය තුනම මේ දිනවල විකාශය වෙනවා. ලබන සතියේ ඉඳලා ඉඩෝර වැස්ස නමින් තවත් ලස්සන නාට්‍යයක් විකාශය වෙන්න පටන් ගන්නවා. ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒ ගැන මං පසුව කියන්නම්.

ඔබ වඩාත් ජනප්‍රිය රාහු නාට්‍යයේ උපුලි නිසා කියා මා පැවසුවොත්?

හරියටම හරි. මං පළමු වතාවටයි පොලිස් නිලධාරිනියකගේ චරිතය රඟපාන්නේ. මේ වෙලාවේ ඒ නාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස් මහත්තයාව මතක් කළ යුතුමයි. ඔහු තමයි මට මේ චරිතය බාර දුන්නේ. ඉතාම ඉහළයි උපුලිට ලැබෙන ප්‍රතිචාර. ඒ ජනප්‍රිය වැඩිකම නිසා සහ මං ඇත්ත පොලිස් නිලධාරිනියක් කියලා හිතාවි කියලා රූගත කෙරෙන අතරතුර නිෂ්පාදන පිරිවර බොහෝ සෙයින් මාව ආරක්ෂා කරනවා. පාරටවත් යන්න දෙන්නේ නැහැ.

මුහුණු පොතට ඔබ පොලිස් නිල ඇඳුමෙන් සේයාරුවක් එක්කොට තිබෙනවා. ඒකට හරි හරි ප්‍රතිචාර එනවා පේනවා?

ඒක තමයි. මගේ ඒ පින්තූරය ගෙන සමහරු වෙන වෙන හාස්‍යජනක පෝස්ට් හදලා. සමහරු මගේ පින්තූරේ යටින් ටයිප් කරලා 'අනේ එස් අයි නෝනේ මාව අත්අඩංගුවට ගන්නකො ප්ලීස්' කියලා.

පොලිස් නිලධාරිනියක් වුණත් ඔබ බොහොම සුන්දරව ඉන්න නිසා එහෙම කියනවා ඇති?

අනේ මන්දා ෆේස් බුක් එක පිරෙන්නම ප්‍රතිචාර එනවා. ගොඩක් පිටරටවල්වලින්.

ඔබ මේ පොලිස් චරිතෙට සුකොමළ වැඩියි කියලා කවුරුවත් කියලා නැද්ද?

තවම නැහැ. මට නම් ගොඩක් අය කියන්නේ මං ඒ චරිතයට මාව මනාව ගැළපෙනවා කියලානෙ. මං ඉන්න කොටස් විතරක් බලන අයත් ඉන්නවා.

ඔබ ක්ෂේත්‍රයට එන කාලයට වැඩිය දැන් තරමක් බටහිරකරණය වෙලා. ඇඟ නිරාවරණය වන ඇඳුම් එහෙමත් අඳින්න පටන් අරගෙන?

මං මේ වන විට ක්ෂේත්‍රයට ඇවිත් වසර හයක් පමණ වෙනවා. පාසල් වියේදීමයි මං ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ. ඒ කාලෙට වැඩිය ක්ෂේත්‍රය ගැන මං යමක් දැන් දන්නවා. ඒ වගේම යම් යම් තැන්වලදී මට වැඩිපුර විලාසිතා කරන්න වෙනවා. ඇතැම් විට ඇඟ නිරාවරණය වන ඇඳුම් අඳින්න වෙනවා. අවස්ථානුකූලව ඒකේ වරදක් මං දකින්නේ නැහැ. තැනට සුදුසු විදියට තමයි මං විලාසිතා කරන්නේ.

රශිගේ ජනප්‍රියත්වයට පිරිමි ළමයින්ගෙන් ආදර යෝජනා බොහොමයක් එනවා ඇති?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. හිතාගන්න බැරි තරම් ආදර යෝජනා එනවා. වැඩිපුරම එන්නේ පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන්. අනේ මන්දා මගේ ෆෝන් නම්බර් එක කොහෙන් හොයා ගන්නවද කියලා. ඇතැමුන් දිගින් දිගටම කතා කරනවා. පුදුමෙ කියන්නේ මගේ හිත නතර වෙන තරමේ ආදර යෝජනාවක් මට තවම නොආපු එක.

ඔබේ හිත නතර වුණු කෙනෙක් හමුවෙලාම නැද්ද?

තවම නැහැ. හිත නතර වෙන්නෙම නැහැනෙ.

රශීට ඉන්දියන් ලුක් එකක් තියෙනවා කියලා දන්නවාද?

ඔව්. මං ඒක දන්නවා. සමහර තැන්වලදී ඒ හින්දා මං අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. පේරදෙණිය පාර්ක් එකට ගිය වෙලාවක මං ඉන්දියන් කෙනෙක් කියලා හිතලා මට විදේශිකයකුගේ ටිකට් එකක් කඩන්න හැදුවා. සමහරු මගේ ළඟටම ඇවිත් Are you an Indian කියලා අහලත් තියෙනවා.

ඔබ මේ කතාව මුලදී කිව්වා ඉඩෝර වැස්ස කියලා නාට්‍යයක් ගැන. ඒක ඔබට විශේෂයි කියලත් කිව්වා?

ඉඩෝර වැස්ස ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. ආනමඩුව පැත්තේ ලොකේෂන්වල අව්වට කරවෙවී බොහෝම කැපවීමෙන් කරපු නාට්‍යයක් ඒක. මේකෙ විශේෂත්වය මෙහි තේමා ගීතය ලිව්වේ මම වීම. 'දූවිලි විසිරුණු පුලින තලාවක' ලෙසටයි එය පටන් ගන්නේ. ගීතය කියන්නේ නිරෝෂා විරාජිනි. ගීතය පමණක් නොවේ නාට්‍යයේ තියෙන සියලුම කවි රචනා කළේත් මං.