වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේ දී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි වැඩසටහන සඳහා අප පිවිසියේ ගම්පහ පුරවරයට ය. ගම්පහ නයෝමි සිනමා ශාලාවේ දී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථක ය. බොහෝදෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකයට පිවිස තම රංගන ගමනට මඟක් පාදා ගැනීමේ අභිලාශයෙනි. ඒ වග ඔවුන්ගේ මුහුණුවලින් මොනවාට පැහැදිලි විය. කලා ලොවේ දිගු ගමනක් යෑමට අවස්ථාව උදා කරන මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් වෙනුවෙනි.


SMBGP 33

ලලිත් අල්ගමගේ

ලලිත් අල්ගමගේගේ එකම බලාපොරොත්තුව චරිතාංග නළුවෙක් වීම. ඒ සඳහා ඔහු අධ්‍යයන කටයුතු පවා කරගෙන යනවා. ලලිත් වැඩිපුරම කැමැති වේදිකාවට. එළිය අරන් ඇතුළු නාට්‍ය කිහිපයකමත් ලලිත් රඟපා තියෙනවා. ඔහුගේ වයස අවුරුදු තිස් අටයි. පදිංචිය දෙල්ගමුව වරකපොල. කැමැතිම අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක.


SMBGP 34

පද්මා ඉන්ද්‍රාණි

හැඳල වත්තල සිට පැමිණි පද්මා ඉන්ද්‍රාණිගේ වයස අවුරුදු පනස් තුනක්. ඇය සක්විති දඩයම චිත්‍රපටයේ චරිතයක් රඟපා තිබෙනවා. අලු පාට හීන තමයි පද්මා රංගනයෙන් දායක වූ එකම නාට්‍ය. රංගනයට අවස්ථාව සොයාගෙනයි ඇය සරසවිය මොඩල් බෑන්ක් සඳහා එකතු වුණේ. පුංචි තිරයේ කටකාර චරිතයක් කරන්න අසයි කියලා ඇය පැවසුවා. පද්මාගේ ප්‍රියතම අධ්‍යක්ෂ සුගත් සමරකෝන්.


SMBGP 35

ධනුක ක්‍රිෂාන්

ධනුක ක්‍රිෂාන්ගේ ගම බදුල්ල. නමුත් ඔහු වර්තමානයේ පදිංචිව සිටින්නේ කොළඹ. රංගනයට වගේම කැමරාව පිටුපස වැඩ කටයුතු කරගෙන යන්නටත්, ඒ කියන්නේ නිෂ්පාදන කටයුතුවලටත් ධනුක ක්‍රිෂාන් එකතු වන්නටත් කැමැත්තෙන් ඉන්නවා. ධනුකට තවමත් රංගන අවස්්ථා උදා වෙලා නැහැ. ජැක්සන් ඇන්තනිගේ නිර්මාණයකින් කලඑළියට එන්නයි ඔහුගේ අදහස. ධනුක ගේ වයස විසි හතරයි.


SMBGP 36

කසුන් රණසිංහ

කසුන් රණසිංහටත් රංගන අත්දැකීම් නැහැ. ආදරණීය චරිතයක් ඔස්සේ පේ‍්‍රක්ෂකයන් අතරට යන්නයි ඔහුගේ අදහස. කසුන්ගේ ගම බෝයගොඩ අටාල. වයස අවුරුදු විසි දෙකයි. ඩොනල්ඩ් ජයන්තගේ නිර්මාණයකට එකතු වන්නටත් කසුන් කැමැත්තෙන් ඉන්නවා.