වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

දීපාල් සිල්වාට නිවන් රුවන් දොරටු විවර වේවා

රංගනයෙන්, ගායනයෙන් රටක් වසඟයට පත් කළ දීපාල් සිල්වා කලකරුවාට නිවන් පුර රුවන් දොරටු විවර වේවා.

සුනිල් ජයකොඩි

බෝගොල්ලාගම

නිකවැරටිය


පේර මඩුවේ සිරිපාල මාමා

ස්වාධීන රූපවාහිනියෙන් ගෙන එන 'පේර මඩුව' ටෙලි නාට්‍යයෙහි ගැමි චරිතවලට මුල්තැන දීම අගය කරමි. එහි සිරිපාල මාමාගේ චරිතය නිරූපණය කරන නලීන් ප්‍රදීප් උඩුවෙලට සුබ පැතුම්.

සරත් රණසිංහ

කපුගොඩ

මාළිඳ


දඬුබස්නාමානය යළිත් ගෙන ආවාට තුති

90 දශකයේ විකාශය වූ 'දඬුබස්නාමානය' ටෙලි වෘත්තාන්තය යළි නරඹන්නට අවස්ථාව ලබාදීම පිළිබඳ ස්වර්ණවාහිනි නාලිකාවට කෘතඥ වෙමු.

මනහර එම්. වෑකඩ

බෙලිගල

කෑගල්ල


සමිතාට සරස්වතියගේ පිහිට

සමිතා එරන්දතී මුදුන්කොටුව, තව තවත් අරුත්බර ලස්සන ගීත ඔබගේ හඬින් අහන්න ආසයි. "පින්න පිපෙන රෑ යාමේ" ගීතය මා ප්‍රියතම ඔබේ ගීතය යි. ඉදිරියටත් දිගු කාලයක් අප පිනවන්න ඔබට සරස්වතී මැණීයන්ගේ පිහිට ඇල්ම බැල්ම ලැබේවා.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


සුමින්ද යළි කලා ලොවට එන්න

සුමින්ද සිරිසේන අපට සිටික ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. ඔහු නැවතත් කලා ලොවට පැමිණිම ඔහුට ළෙංගතු ප්‍රේක්ෂක අපගේ බලාපොරොත්තුවයි. ඉක්මන් සුවය ලැබී පෙර පරිදි කලා ලොවේ සැරිසරන්න වරම් ලැබේවායි පතමි.

අයිලීන් සෝවීස්

සොයිසාවත්ත

වැලිසර


සුමින්ද සිරිසේන ඔබට නිරෝගි සුව

වේදිකාවේ, රූපවාහිනියේ, සිනමාවේ කිසිදා අමතක නොවන ලෙස රැඟුම් පෑ සුමින්ද සිරිසේන කලාකරුවාට නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි.

චාමර මනෝජ්

දෙනුවන් මාධව

පන්සල පාර

ආටිගල


සැනසෙන් නැළවෙන්

‍අතුල අධිකාරිගේ "සැනසෙන් නැළවෙන්" ගීතය ඉතාම මිහිරියි. ඔහු විසින් ගැයූ අනෙකුත් ගීතද අසන්නන්ගේ කණට ප්‍රිය වේ. වෙළෙඳ සේවයෙන් ඒ ගීත ඇසෙනවා නම් සතුටුයි.

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව


බර්ටි ඔබට දීර්ඝායු

දිගු කලක් විකට රංගනයෙන් රසික රසිකාවන් සිනහ ගැන්වූ බර්ටි ගුණතිලක නම් වූ රංගධරයාට දීර්ඝායුෂ පතමි.

සුනිල් චන්ද්‍රසේකර

‍යාගොඩමුල්ල

කොටුගොඩ


ලොව ශ්‍රේෂ්ඨ අපේ අධ්‍යක්ෂ

ලොව ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂවරුන් ගැන කතාකරන විට අපට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන කතා නොකරම බැරිය.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


සුජාතා අක්කේ අලුත් ගීතයක්

සුජාතා අක්කේ, අප ඔයාගේ ගිත හැත්තෑව දශකයේ සිටම ඉතා ආසාවෙන් අහනවා. එදා 'පරසතු මල්' චිත්‍රපටයේ "පරසතු මල්වල" ගීතය අහන්න අපිට තිබුණේ විශාල උනන්දුවක්. එයින් පසුව ඔබ තව තවත් ජනප්‍රිය වුණා. දැන් තවත් අලුත් ගීතයක් ඔයාගේ මිහිරි හඬින් අහන්න කැමැතියි.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල


සරිගම හැඩ කළ පූජා

පූජා උමාශංකර් චිත්‍රපටයක් තුළ තම ආධිපත්‍ය පතුරුවා හරිමින් විශිෂ්ට රංගනයක නියැළෙන බව කිව යුතුය. 'සරිගම' චිත්‍රපටයේ පොඩි දරුවන් හත්දෙනා වටකරගෙන ගයන ගීතයත් රංගනයත් ඉතාම අපූරුයි. මයිකල් හා ඕලුගේ ආදරය, ගායනය, ලියුම් කියවීම ඉතාම සුන්දරයි. ගී පදමාලාවල අර්ථවත් බව, ගී තනුවල ඇති මියුරු බව මෙන්ම ගායනයේ ලගන්නා සුළුබව අපූරුයි.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


හරවත් - පින්බර මාරම්බරී

සිංහල ගීතයෙන් සුවහසක් දෙනා දේශීය ගී රාවයෙන් මුසපත් කරන එඩ්වඩ් ජයකොඩි සහ ප්‍රිය බිරිය චරිතා අත්වැල් බැඳගෙන 'මාරම්බරී' මෙරට පමණක් නොව විදේශීය රටවල පවා පැවැත්වීමෙන් ලබන වින්දය මගින් අසරණයන්ට ලබාදෙන උපකාර කිරීම හරවත් පින්බර ක්‍රියාවකි.

ලියනගේ සෝමරත්න ද සිල්වා

පියසේන විලා

මරදාන

අහුන්ගල්ල


සරත් වික්‍රමගේට ඇගයුමක්

'අපේ කාලයේ පටාචාරා' චිත්‍රපට‍යට සංගීතය සැපයූ සරත් වික්‍රමගේ අගයමි.

එන්. ඕපාත

බැරැණ්ඩුව

ලෙල්ලෝපිටිය


නොසළකා සිටීම සුදුසු නැත

දැනට මාස කිහිපයකට පෙර අතුරුදන් වූ උපාලි කීර්තිසේන ගැන තවමත් තොරතුරක් නොලැබුණද ඔහු ගැන නොසළකා සිටීම එතරම් සුදුසු නැත. කලාකරුවන් මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතු බව මගේ අදහසයි.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


සුරාජ් ඉහළට

සුරාජ් මාපා රංගන ශිල්පියෙක් ලෙසත් නර්තන ශිල්පියෙක් ලෙසත් ඉහළ තලයකට පැමිණ සිටී. ඔබට ඉහළම අගය කිරීම ලැබේවායි පතමි.

නිහාල් කුලසේකර

අඟුලාන


පුංචි තිරයේ කඩවසම් නළුවා

වර්තමාන පුංචි තිරයේ කඩවසම් නළුවා විශ්වකොඩිකාර. ඔහුගේ සෑම රංගනයක්ම සාර්ථක වේවා.

සමීර ලක්මාල්

නාත්තන්ඩිය


සිංදු කියන දොස්තර

සිංදු කියන දොස්තර මහතා නමින් ජනප්‍රිය ආනන්දු ගුණසේකර ඔබ ගැයූ "මේ පහන් රැය", "සඳ වළාකුළක" යන ගීත හරිම ලස්සනයි.

වික්‍රම

මහරගම


මහේන්ද්‍රගේ අලුත් රංගනය

මහේන්ද්‍ර පෙරේරා අපේ රටට සිටින දක්ෂතම රංගන ශිල්පියෙකි. 'කොස්තාපල් පුඤ්ඤසෝම' චිත්‍රපටයේ ඔබේ රංගනය කදිමයි. ළඟදීම ඔබේ අලුත් රංගනයක් දකින්න ලැබේවායි පතමි.

මොනිකා කුමාරි දිසානයක

නව නගරය

අනුරාධපුරය


නිළිරැජන - ගීත කෝකිලාව රුක්මණී දේවිය

ගී ලොව රැජන ඔබමය කෝකිලාවියේ
නාමය තබා රූපය මරු අරන් ගියේ
දෙව්මව් තුරුළේ සැතපෙන පූර්ණවන්තියේ
ඔබ වැනි ළඳක් කවදා උපදී ද දැයේ

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහ තොටුපල
බණ්ඩාරගම



දුහුළු මලක් ගිය ගමනක්

ළඳක හෙල සිනමා රීදී තිරේ
ලොවට පෑව රඟ දුටු නෙත් තුටින් පිරේ
ළසඳා වින්ද දුක් කන්දට කඳුළු පෙරේ
නීටා මංගලා වී කතන්දරේ

කේසර සිංහයෝ සන්සුන් රුවන් හද
මන්දිරයේ විහිදු ආලෝකයෙන් අද
පවුරු වළලු බිඳලා නිසලගිර ලෙද
අද මෙහෙමයි කියූ සිනමා සොඳුරු ළඳ

ජුලියට් රෝමියෝ විලසින් හිනැහෙන්න
ආවා රජගෙදර පරවියෝ දැක ගන්න
සතුටයි කඳුළයි එකලෙස පිළිගන්න
දුහුළු මලක් විය යුග දිවි ජය ගන්න

විරාජ් හර්ෂනාථ බණ්ඩාර
හුළුගල්ල පාර
නිකවැරටිය