වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




VIEWFINDER

VIEWFINDER

ආලෝකෝ උදපාදි මංගල දර්ශනය දා

ආලෝකෝ උදපාදි සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ පැවැත්විණ.

ඡායාරූප - රුවන් ද සිල්වා


ඇරී ඇලෙක්සා මෙරටට...

ලාංකික සිනමාවේ අනාගතය පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරමින් ලොව ඉහළ තාක්ෂණයෙන් යුතු සිනමා කැමරාවක් වූ ඇරි ඇලෙක්සා සුපර් එක්ස් ටී ඊ කැමරාව මෙරට සිනමාලොවට හඳුන්වාදීමේ විශේෂ උත්සවයක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා අමාත්‍යවරුන් මෙන්ම කලා ලොවේ සහෘදයන් රැසක් සහභාගි වී සිටියහ.


සේමිණි දිලිනිගේ සහතික බෙදන්න ඇවිත්

ඡායාරූපයෙන් දැක්වෙන්නේ දිලිනි ඇල්විටිගල, සේමිණී ඉද්දමල්ගොඩ ඇතුළු පිරිස උත්සව සභාවට කැඳවාගෙන අයුරුයි.

 

'දිලිනි ඇල්විටිගල  Events' ආයතනයේ සහතික පත් ප්‍රදානෝත්සවය හා නිලවෙබ් අඩවිය විවෘත කිරීමේ උලෙළ පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත් විණි.

මේ උලෙළ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු හා නිළි සේමිණී ඉද්දමල්ගොඩ ඇතුළු කලාකරුවන් හා මැති - ඇමැතිවරුන් රැසක් මේ උලෙළට සහභාගි වූහ.


ජනප්‍රිය තරු පහක් සංචාරයක

මෙරට ජනප්‍රිය තරු පහක් පසුගියදා තම රසික රසිකාවන් තිස් පස්දෙනකු ද රැගෙන දින තුනක් සිංගප්පූරුවේ සංචාරයක නියැලුණා. මෙය සංවිධානය කළේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් සේවාව මඟනි. මේ එහි අවස්ථා කිහිපයකි.