වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

ප්‍රචාරය මදි

ප්‍රවීණ නළුවකු සහ ගායකයකු වන ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාගේ ගීත ගුවන් විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරය වෙනවා මදි.

වියානි ගුණවර්ධන

නිලන්ති ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන් වෙන්නප්පුව

ලිලන්ත කුමාරසිරි වෙත,

ඔබේ ඉඳුවරි ටෙලි නාට්‍යහි අඩුපාඩු තිබුණා. එහි නිමාව මීට වඩා සාර්ථක වුණා නම් හොඳයි. ඒ වගේම ආයේ නාට්‍යයක් කරද්දි එම අඩුපාඩුකම් මඟහරවා ගන්න.

එස්. සගයම්

පල්ලේගම, නුවර

මිෂෙල් හර්ෆට්ට

කර්ම චිත්‍රපටයේ ඔබේ රංගනය ඉතා ඉහළ මට්ටමක තිබූ බවයි අපගේ මතය. නවක රංගන ශිල්පිණියක් යන වදන අභිබවා ඔබගේ රංගනය ඉහළ මට්ටමක තිබුණා. ඉදිරියේදී ඔබේ රංගනය දැක බලා ගන්න ආසයි.

උපහාර

කස්තුරි සුවඳ චිත්‍රපටයෙන් සිනමා ක්ෂේ්ත්‍රයට අවතීර්ණ වී පුංචි තිරය, වේදිකාව තුළින් ප්‍රේක්ෂකයන්ව හාස්‍ය තුළින් අමන්දානන්දයට පත්කොට සිනහ සයුරේ ගිල් වූ බන්දු සමරසිංහ නම් ඔහුට උපහාර දැක් විය යුතු කාලයයි මේ.

පාලක සමන් පෙරේරා

හැඳල

සතුටින්

සුමිත්‍රා පීරිස් නම් හෙළ සිනමා කිවිඳියගේ නෙත කැමරාවට යොමු කොට එහි සටහන් කරගත් සෑම රූප රාමුවක්ම ඉතාම ප්‍රශංසනීයයි. ඒ වගේම ඒවා ඉතාම උසස්. එදා අප නැරැඹූ චිත්‍රපට අදත් මතකකයේ තියෙන බව පවසන්නේ ඉතාම සතුටින්.

සෝමා එච්. පතිරණ

කහවත්ත

දැකගන්න ලැබේවා!

සුසිලා කෝට්ටගේ චරිත හැසිරවීම මනාව අවබෝධ කරගත් චරිතය ගොඩ නැංවීමට දක්ෂ වූ නිළියක් වීම ගැන මට සතුටුයි. ඉදිරියේදීත් එවන් වූ ඔබේ දක්ෂතා සමඟින් පුංචි තිරයේදී දැකගන්න ලැබේවා.

අනූෂා ප්‍රියදර්ශනී

ග්‍රෑන්ඩ්පාස්

එපා වෙලා

චිත්‍රපටවලින් දැකලා දැකලා එපා වෙලා ඉන්න නළු නිළියෝ ටෙලි නාට්‍යවලත් එක දිගටම හැම නාළිකාවකම ඉන්නවා. එකම පිරිස, එකම කටහඬවල්, මිනිස්සුන්ට ටෙලි නාට්‍ය බලන්න එපා කරවන්නදෝ එහෙම වෙන්නේ කියලා හිතෙනවා. ඒ මදිවට වෙළෙඳ දැන්වීම්වලත් ඉන්නේ ඒ අයම තමයි. ඒ අවස්ථාව නවකයන්ට දෙන්නේ නම් කොපමණ හොඳද?

ගීතා ජයමාන්න

හංවැල්ල

දිනා ගැනීමට

දොංයිගේ චරිතය ගැන යමක්

එඩිතර රාජපාක්ෂිකභාවයකින් යුතුව ඉතා නම්‍යශීලී සහ ආචාරශීලීභාවයක් පවත්වමින් තමන් වෙත පැවරෙන වගකීම මනා ලෙස භාර ගනිමින් ඉතා සංයමයකින් යුතුව කටයුතුª කිරීම නිසාම රජතුමාගේ හිත දිනා ගැනිමට සමත්වෙමින් ඇගේ චරිතය මැනවින් ප්‍රදර්ශනය කිරීමෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගැනීමට සමත්ව ඇත.

තිලකරත්න විල්වල

කෑගල්ල

මේ SMS ප්‍රතිචාර තීරයයි

අහංකාර ස්ත්‍රී චිත්‍රපටය ටෙලි නාට්‍යක් කරන බවට ආරංචි වුණා. ඒත් මේ වෙනකම් එය විකාශය වූවේ නැහැ. මොකද ඒකට වුණේ.

සමන්
දෙල්ගොඩ

ගුවන් විදුලි නාළිකාවන් හි ගීත ප්‍රචාරයෙහි අඩුපාඩුවක් ගැන මෙලෙස ලියන්නට සිතුවෙමි. අප රටේ නිර්මාණය වී ඇති සමහර ගීත වඩාත් ප්‍රචාරයට සුදුසු සැන්දෑ හෝ රාත්‍රී කාලයටය. උදාහරණයක් විදිහට ‘එපා සඳේ ඔබේ සිනා මේ රැයේ , සඳේ ඔබ ඇයි ද මේ යාමේ’ වැනි ගීත ඕනෑ තරම් දහවල් කාලයේ හෝ උදෑසන ප්‍රචාරය වේ. එහෙත් ඒවාහී නියම හැඟීම හෝ ගීතය කොතරම් රසවත් වුවත් එය විඳින්නට නොහැකි වන්නේ වෙලාවට නොගැළපෙන හෙයිනි. එලෙස නොවී ඒ ඒ වේලාවන්ට සුදුසු අයුරින් ගීත ප්‍රචාරය කරන්න යැයි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

කාලිංග
නිකවැරටිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඬ සඟරාව බොහෝ උසස් කෘතියක් ලෙස අගය කරමි.

නිමල්තිලක
බණ්ඩාරවෙල

මේනක රාජපක්ෂ තරම් ආදරණීය චරිත මවන නළුවකු මට හිතාගන්න බැහැ. ඒ තරම්ම ඔහු තාත්ත්විකයි.

ජේ. චමින්ද
වත්තල

නව පරපුරේ ටෙලි නාට්‍ය තුළින් බිහි වූ නිළියන් අතර තුන් මිතුරියන් වනුයේ උමයංගනා, කාංචනා සහ චතුරිකායි.

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල

මේ දවස්වල ටෙලි නාට්‍යය කිහිපයකින්ම හමුවන ජනක කුඹුකගේ ගේ රංගනය ඉතාම ඉහළයි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ශෙරිල් අක්කට රුවන් අයියාව හොඳින් ගැළපෙනවා.

තාරිකා දිව්‍යාංජලී

කැලණිය

මාලිනී බුලත්සිංහල ගැයූ ගී අදටත් මතකයි. ඇගේ කන්ද කෙන්ද කරනු පිණිස, නාග සළඹ වැයෙන පදට ගීත තවමත් මනසෙහි තැන්පත්ව තියෙනවා.

ඇයගේ ආදරණීය පුතු කසුන්, ඒ වගේම ස්වාමි පුරුෂයා වූ එච්. එම්. ජයවර්ධනයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඇයගේ ගීත විනාශ කරන්නට ඉඩ නොදෙන ලෙසයි.

සරත් මද්දුමආරච්චි

වෑත්තෑව

‘මේ සුරම්‍ය පාරාදීසේ’ ටෙලි සිතුවමේ අවසානය හොඳයි. සියලු චරිතවල නිරවුල් අවසානයක් ලබා දී තිබුණා.

ඇන්. නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

ඕනෑම චරිතයක් හොඳින් රඟපාන්න හැකි රන්ජන් රාමනායක හැර වෙන කවුද?

පසිඳු දිල්ශාන්

දෙවිනුවර

හර්ෂන බෙත්මගේ අයියාගේ රංගනය ගීතමය රූප රචනා රැසක අප දුටුවෙමු. ඒවා තුළ ඔහුගේ රංගනය විශිෂ්ට මට්ටමක තිියෙනවා. මගේ ආසම නළුවා තමයි ඔහු.

සංජීවනී ගුණරත්න

කුණ්ඩසාලේ

අභීත දියණි සුජාතා දියණි තරම්ම අපව පිස්සු වට්ටනවා.

ශමිලා

ගම්පහ

පණහ හැට හැත්තෑව දශකවල චිත්‍රපටයන්හී විකට ජවනිකා රඟපෑ එඩී ජයමාන්න නැවතත් අප අතරම ඉපදේවා.

චාමර

බදුල්ල

කලාකරුවන් අවුරුදු උත්සව වැනි දේශීය උත්සවවලදී දේශියත්වයට උචිත ඇඳුමෙන් සැරසී එනවා නම් කොච්චර අගේද? නිවේදක නිවේදිකාවන් අතර එම තත්ත්වය තිබීම ගැන මගේ ගෞරවය.

විරාජ්

නිකවැරටිය

සඳ ටෙලි නාට්‍යයේ සදෙව් ලෙස රගන පැතුම් රුක්ෂාන් අයියාව රිදී තිරයෙන් දකින්න ආසයි.

හර්ෂ විරාජ්

නලවලන

අසූව දශකයේ බිහි වූ ගායකයෙකි ටිරෝන් මද්දුමගේ. අද වන විට ඔහුගේ ගීත නොඇසූ පිරිස අප අතරේ සිටියි. දෙපා පිනවීමට ගීත කලාවක් මේ වන විට බිහිවෙමින් පවතියි. ඒත් ටිරෝන් ගැයුවේ අපේ සිතටය. ඈ තාරකාවි, පායා උදාවේ, හංස නිම්නයේ වැනි ගීත ඊට හොඳම උදාහරණයයි.

වර්තමානය වන විට ගුවන් විදුලි නාළිකා ද මේ සොඳුරු කලාකරුවාගේ ගීත ප්‍රචාරය නොකිරීම අභාග්‍යයකි.

ඩබ්ලිව්. දමයන්ති කුමාරි

හොරණ

වසරින් වසර රිදී රැයක් ප්‍රසංගය දියුණු වෙමින් අලුත් අංග සහ අලුත් ශිල්පීන් එකතුª වෙනවා. රිදී රැයක් තමයි මම දැකපු ලස්සනම ප්‍රසංගය.

රුවන් කුමාර

රත්නපුර

සිංහල සිනමාවේ ගීතමය හිදැස පිරවීමට නුවන් ගුණවර්ධනව එක්කගෙන එන්න.

පී. බී. රංජිත් සේනක

නිවිතිගල

මේරියන්ස් සංගීත කණ්ඩායමෙහි හෙක්ටර් ඩයස් ඉවත් වීම විශාල පාඩුවකි.

නිලංක

කිරිඳිවැල

ජූඩි රොගෑන්ස් කියන්නේ මේ රටේ බිහි වූ දක්ෂ ගායකයෙකි. ඔහුගේ ගීත ඇසීම මට භාවනාවකට කන්දීමක් වැනිය.

සකුරා

මීගමුව

චන්දි රසිකා අක්කේ නැවතත් රඟපාන්න එන්න.

සුදත් නිශාන්ත

මීගමුව

ඔබේ අදහස්වලට ‘සරසවිය’ තුළින් ලැබෙන ඉඩකඩයි මේ. නිර්මාණයක හොඳ හෝ නරක ඔබට සිතෙන පරිදි නිදහසේ සිතැඟි ගලපා 0752805047 යන අංකයට ක්ෂණිකව කෙටි පණිවුඩයක් ඔස්සේ එවිය හැකිය. එමෙන්ම ඔබට ළෙංගතුª කලාකරුවකු ගැන ද ප්‍රතිචාර පිටුවට එසේ අදහස් එකතු කළ හැකිය.
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන් පත් වෙනුවෙනි.