වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -110

සිංහල සිනමා විස්තරය -110

තණගිරවී

තිරගත කළ දිනය – 1982 ජනවාරි 29
ඉදිරිපත් කිරීම – ආර්. එස්. චිත්‍රපට
නිෂ්පාදනය - සුමනා අමරසිංහ
තිරකතා සංශෝධනය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය – ඇලන්සන් මෙන්ඩිස්, ප්‍රභාත් කුමාර
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කැමරා සහාය – එම්. ඩී. ඇන්ටනි
සංස්කරණය - ඇම්. පී. රූපසේන, සහාය කාලිංග ද සිල්වා
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
ශබ්ද පරිපාලනය – මිල්රෝයි අල්මේදා සහාය මයිකල් සත්‍යනාදන්
රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන (සරසවි චිත්‍රාගාරය)
සැකසුම – ලංකා චිත්‍රාගාරය / රජයේ චිත්‍රපට අංශය
නිෂ්පාදන කලමනාකරණය - යූ. ඇස්. ඇස්. හමීඩ්
නිශ්චල ඡායාරූප – නිහාල් කුමාර පතිරණ
නාමාවලිය – රංජිත් සිරිවර්ධන
ප්‍රචාරක කලමනාකරු - උපාලි ධනවලවිතාන, සිරි කහවල
කොණ්ඩා සැරසිලි - සෑම් පෙරේරා
ධාවන කාලය – පැය 2 විනාඩි 15 දිග අඩි 12000
දෙබස් පටිගත කිරීම – මිල්රෝයි මනතුංග
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත – හද පුරා රස නුරා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ගී පද – උපාලි ධනවලවිතාන
කඳුළු පැතුම් තුන් සිතින් දරා - එච්. ආර්. ජෝතිපාල – පද – උපාලි ධනවලවිතාන
ආයම්මා කොතන ගියා - ක්ලෝඩ් ද සොයිසා, මැණික් චන්ද්‍රිකා, ඇන්ජලින් ගුණතිලක – ගී පද – චිත්‍රානන්ද අබේසේකර
රංගනය - හෙන්රි ජයසේන (ජුලියස් කුලසේකර සහ වෛද්‍ය සිරි කුලසේකර, සුමනා අමරසිංහ (ජුලියානා කුලසේකර සහ නයනා) ඩග්ලස් රණසිංහ (පාල), මැණික් කුරුකුලසූරිය (පද්මි), උපාලි අත්තනායක (රැලපනාව මහතා), ජෝ අබේවික්‍රම (ලව්රෙන්ති මාමා), අයිරාංගනී සේරසිංහ (ක්ලැරිස් ඇන්ටි), රුක්මණී දේවි ( සුසී ඇන්ටි) රූබි ද මෙල් (වෛද්‍ය රූබි), මේජර් කත්‍රිආරච්චි (වෛද්‍ය කර්ල්), ප්‍රභාත් කුමාර (වෛද්‍ය ප්‍රභාත්), අශෝක පිරිස් වෛද්‍ය රම්‍ය), නවනන්දන විජේසිංහ (වේටර්), පද්මසිරි කොඩිකාර (කෝකියා), නිහාල් කුමාර පතිරණ, එච්. ආර්. ජෝතිපාල, අනුර මැදගොඩ, සැම්සන් පෙරේරා

ප්‍රදර්ශනය – ලිබර්ටි – කොල්ලුපිටිය, එල්ෆින්ස්ටන් – මරදාන, ඉම්පාලා - රාජගිරිය, ට්‍රියෝ - දෙහිවල, නැෂනල් - මහරගම, ගැමුණු පැලස් - වත්තල, ටවර් - මොරටුව, නිව් මිනර්වා - කළුතර, වේල්ස් - මහනුවර, බ්‍රෝඩ්ව් – මාතර, සරසවි – ගාල්ල, සිත්තම්පලම් – අනුරාධපුරය, ජෝති – රත්නපුරය, මොඩර්න් – කුරුණෑගල, සාගර – හලාවත යන සිනමා ශාලා 15 කදී

මහගෙදර

තිරගත වූ දිනය – 1982 ජනවාරි 29
ඉදිරිපත් කිරීම – ඉසුරු ඡායා චිත්‍රපට
නිෂ්පාදනය – චන්ද්‍රසිරි ගනේගොඩ, තිස්ස අබේසේකර
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - තිස්ස අබේසේකර
සහාය අධ්‍යක්ෂණය - සරත් ගුණරත්න,
සෝමදාස මල්දෙනිය, දයාරත්න රටගෙදර
කැමරා අධ්‍යක්ෂණය - රෝලන්ඩ් බී. පෙරේරා
කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන, නෝබට් රත්නසිරි
සංස්කරණය - ලාල් පියසේන
අංග රචනය - රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා - සහාය – ඩී. රණසිංහ
ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන් (රජයේ චිත්‍රපට අංශය)
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර් (විජය චිත්‍රාගාරය)
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය - නන්ද මුණසිංහ
ඒකක සහාය - සරත් විජයසේකර
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – වී. උපාලි පෙරේරා
නිෂ්පාදන සම්බන්ධීකරණය - අසංකා මොණරවිල
සංගීත අධ්‍යක්ෂණය - සරත් ප්‍රනාන්දු
පියානෝ වාදනනය – චිත්‍රා මලලසේකර
ගීත ගායනය – චිත්‍රා සෝමපාල, නීලා වික්‍රමසිංහ, මොරිස් විජේසිංහ, උපාලි රංජිත්
ගීත – නිල් අහස් තලේ (මෙම ගීතය චිත්‍රපටය නිෂ්පාදනයට වසර 30 කට පෙර ජනප්‍රිය වූ ගීතයකි සරසවිය 1980 – 05 - 12)
නිශ්චල ඡයාරූප - සුනිල් විජයදේව

රංගන දායකත්වය – විජය කුමාරණතුංග (නන්දන සහ ඔහුගේ පියා ලෙස), ශ්‍රියාණි අමරසේන (අනුලා), තිස්ස අබේසේකර (පාලිත), ගීතා කුමාරසිංහ (කුමාරි), සෝමලතා සුබසිංහ (ළමාතැනී), ධම්ම ජාගොඩ (ප්‍රේමසිරි), දයා අල්විස් (අප්පුහාමි), අනුර මැදගොඩ, සීතා කුමාරි, සරත් ගුණරත්න, මිල්ටන් පෙරේරා, චාල්ස් ද සිල්වා (ළමා), ලයනල් ප්‍රනාන්දු, විමල් උඩුපිල, අනුෂි විජේගුණවර්ධන, ශිරාණි කෞෂල්‍යා

ප්‍රදර්ශනය – 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
මංගල දර්ශනය - ලෙස්ටර් ජේම්ස් පීරිස්, චිත්‍රපට සංස්ථා සභාපති ඇන්ටන් වික්‍රමසිංහ ඇතුළු කලාකරුවන්ගේ සහභාගිත්වය
ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික් - කොල්ලුපිටිය, ක්‍රවුන් - මරදාන, මානෙල් - දෙමටගොඩ, නිව් මෙට්රෝ - නුගේගොඩ, ඕඩියන් – ගල්කිස්ස, කිංස් - මීගමුව, එමෙස් - මොරටුව, ජයමිණි – පානදුර, හිමාලි - කිරිබත්ගොඩ, චන්ද්‍රා - අවිස්සාවේල්ල, රීගල් අම්බලන්ගොඩ, වෙම්බ්ලි - මහනුවර, නිව් සිනමා - මාතර, ඡායා - කෑගල්ල, නිව් ඉම්පීරියල් - කුරුණෑගල
ලැබූ සම්මාන - 1983 ජනවාරි 10 දින පැවැති ඕ සී අයි සී උත්තමාචාර සම්මාන උළෙලේදී නිර්මාණශීලී සංස්කරණය වෙනුවෙන් ලාල් පියසේන සම්මානයෙන් පිදුම් ලැබීය.
1983 දෙසැම්බර් 09 දින පැවැති ජනාධිපති සම්මාන උළෙලේදී දක්ෂතම තිර නාටකය, දක්ෂතම සහාය නිළිය සම්මාන සහ තිස්ස අබේසේකර, ශ්‍රියාණි අමරසේන, ධම්ම ජාගොඩ රංගනය වෙනුවෙන් කුසලතා පදක්කකම් දිනා ගනු ලැබීය.
1983 ඔක්තෝබර් 01 වෙනි දින පැවැති සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරා ශිල්පී කළු - සුදු සහ හොඳම සංගීත අධ්‍යක්ෂ යන සිව් සම්මාන දිනාගත් අතර විජය කුමාරණතුංග, ශ්‍රියාණි අමරසේන කුසලතා සම්මාන දිනීය. පාඨක ඡන්දයෙන් ඡන්ද 7184 ක් ලබා ගනිමින් හොඳම චිත්‍රපට හත අතර 3 වෙනි ස්ථානයට පත් විය.

බඹර ගීතය

තිරගත වූ දිනය – 1982 පෙබරවාරි 05
ඉදිරිපත් කිරීම - සමනල සිනමා
සම නිෂ්පාදනය – ඉන්ද්‍රභාරත පෙරේරා, සරත් ආනන්ද
අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න
කතාව, තිර නාටකය සහ දෙබස්, සහාය අධ්‍යක්ෂණය – එස්. ලියනගේ
කැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි
ප්‍රධාන කැමරා සහාය – එම්. ඩී. සුමනපාල
අංග රචනය - ශේෂා පලිහක්කාර
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
කලා සහාය – එරල් කෙලී, ලයනල් ලියනගේ
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ලෙනාඩ් ප්‍රනාන්දු, ඇලෝසියස් රුද්‍රිගු
ගීත සහ සංගීතය පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු, වී. සිවදාසන්
රසායනාගාර සහාය – එස්. යෝගරාජා, රන්දෙනි ජයවර්ධන, පී. යූ. පියදාස, ආර්. ජෝන්
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
ආලෝක උපකරණ සැපයුම – ඩී. එන්. එෆ්.
ප්‍රවාහන පහසුකම් - සමනල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්, සීමාසහිත ට්‍රිපල් ඒට්‍රැවල්ස්
නාමාවලිය – බී. එස්. වීරසිංහ - සහාය - ශ්‍රී චන්ද්‍ර
නිෂ්පාදන කළමනාකරණය - ජයන්ත සෝමරත්න, ජෙරාඩ් ප්‍රනාන්දු
නිෂ්පාදන කත්‍යාධිකාරි – විලී ද සිල්වා
නිශ්චල ඡායාරූප - රංජිත් පෙරේරා
මෝටර් බෝට්ටු ධාවන උපදෙස් – සෙඩ්රික් මාටින්ස්ටයින්, පෝල් ඩේවිඩ්
සංගීත අධ්‍යක්ෂණය – ලයනල් අල්ගම
ගීත ප්‍රබන්ධය – එස්. ලියනගේ
ගායනය – නන්දා මාලිනී ගෝකුල
ගීතය – බඹර කුලේ මල් යහනාවේ
රඟපෑම් – රවීන්ද්‍ර රන්දෙණිය (රවි), මාලිනී ෆොන්සේකා (මාලි), රොබින් ප්‍රනාන්දු (මිස්ට සිල්වා), විජය කොරයා (වික්‍රමසිරි), ජෙනිටා සමරවීර, දෙනවක හාමිනේ, විල්සන් කරුණාරත්න, සුරගනී මංගලා, උදාර මුණසිංහ (ළමා)

රෑ මනමාලි

තිරගත වූ දිනය – 1982 පෙබරවාරි 19
ඉදිරිපත් කිරීම - ශ්‍රී ශක්ති චිත්‍රපට
නිෂ්පාදනය – ධර්මවර්ධන ඒකනායක, වී. වාමදේවන්
අධ්‍යක්ෂණය - ගාමිණී ෆොන්සේකා
කතාව සහ තිර නාටකය - සුපෝර් හමීඩ්
දෙබස් රචනය - සිරිල් ඒ. සීලවිමල , එස්. ඒ. අලගේෂන්, ධර්ම ශ්‍රී මුණසිංහ
සහාය අධ්‍යක්ෂණය - සුහෙර් හමීඩ්, රාජා පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කැමරා සහාය – එන්. රත්නසිරි,
උපාලි බුලත්සිංහල
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ් - සහාය – චන්ද්‍රසේන රූපසිංහ
අංග රචනය - ශේෂා පලිහක්කාර - සහාය – රුවන් සොයිසා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද හා දෙබස් පටිගත කිරීම – ලාල් දිසානායක, එඩ්වඩ් බෝපේආරච්චි, එල්රෝයි අල්මේදා
රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු
රසායනාගාර සහාය – වී. සිවදාසන්, එම්. ජී. මුත්තුසාමි, එච්. එම්. ප්‍රේමදාස, ඇම්. රාමචන්ද්‍රන්
සැකසීම – විජය චිත්‍රාගාරය
නාමාවලිය - කමල් රත්නායක
නිෂ්පාදන කළමනාකරු - විල්ප්‍රඩ් ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ
ගීත - මුතුලැල්ලේ මේ ඇහුනාදෝ - සුජාතා අත්තනායක
රෑ මනමාලි මල් ලලනාවෙනි – වික්ටර් රත්නායක
නළු නිළියන් - ටෝනි රණසිංහ (පොලිස් පරීක්ෂක සුරවීර), අකුෂ්ලා සෙල්ලයියා (මනෝරි වෛද්‍යසේකර), ඇන්තනි සී. පෙරේරා ( සාජන්ට් රුබේරු), රවීන්ද්‍ර රන්දෙණිය (ජගත්), වීණා ජයකොඩි (ආශා), විමල් කුමාර් ද කොස්තා (පොඩි මහත්තයා), සෝමසිරි දෙහිපිටිය (වෛද්‍යසේකර මහතා), ශාන්ති ලේඛා (බෝඩිං අයිතිකාරිය), ධර්ම ශ්‍රී මුණසිංහ (ධර්මවර්ධන), චන්ද්‍ර කළුආරච්චි
ආරම්භක සිනමා ශාලා - ලිබර්ටි, රිට්ස්, අසෝකා, රොක්සි, ලැවීනියා - නුගේගොඩ, ජයන්තා - ගම්පහ, මානෙල් - මොරටුව, රත්නාවලී – ජාඇල, නිව් ඉම්පීරියල් - අවිස්සාවේල්ල, සීගිරි – කටුගස්තොට, කුවින්ස් - ගාල්ල, අනුර – අම්බලන්ගොඩ, නිව් සිනමා - කුරුණෑගල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, ශ්‍රී මහල් - කුලියාපිටිය