වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගත්කරුවා සහ ප්‍රේමය 13 දා දොරට වඩී

ගත්කරුවා සහ ප්‍රේමය 13 දා දොරට වඩී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරියක් වශයෙන් සේවය කරන නදීකා කුමාරි ජයවර්ධන විසින් රචිත ‘ගත්කරුවා සහ ප්‍රේමය’ කෙටි කතා සංග්‍රහය මැයි 13 වැනිදා මහනුවර ඊ. එල්. සේනානායක ළමා පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.

ඇයගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය වන මෙහි විවිධ තේමා ඔස්සේ ලියවුණු කෙටි කතා 10 ක් ඇතුළත් වේ.

Laura’s Birthday 07 දා දොරට වඩී

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පදිංචි පාසල් සිසුවෙකු වන සුධිත රුක්ෂාන් ගුණසේන විසින් ලියන ලද Laura’s Birthday ඉංග්‍රීසි ළමා කෘතිය මැයි 07 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුවවිල් නගරයේ බ්‍රැන්ඩිස් එලටන්ටරි විද්‍යාලයේදී දොරට වඩී.

සුඛිත රුක්ෂාන් ගුණසේන එලමන්ටරි විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දස හැවිරිදි සිසුවෙකි. දයාවංශ ජයකොඩි සහ සමාගම මගින් Laura’s Birthday කෘතිය ප්‍රකාශයට පත් කර තිබේ.

මහින්ද ප්‍රසාද්ගෙන් කෘති දෙකක්

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත ‘සෙංකොට්ටං’ නවකතාවේ තෙවන මුද්‍රණය සහ ‘ඇහි පියන් ඇහැරිලා’ නවතම කාව්‍ය සංග්‍රහයේ දෙවන මුද්‍රණය දැන් කිතුත් වී තිබේ. සන්ථව ප්‍රකාශන යටතේ මෙම කෘති දෙක නිකුත් වේ.

ගෝනි බිල්ලා 03 දා නුවර එයි

මෙරට ප්‍රථම රාජ්‍ය නාට්‍ය උළෙලේදී රාජ්‍ය සම්මාන 07 ක් දිනූ ආර්. ජී. සිරිවර්ධනගේ ‘ගෝනි බිල්ලා’ ළමා නාට්‍යයේ නව නිෂ්පාදනය හෙට (03) වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගත කෙරේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි රංගන ශිල්පී කරු කටුවන්දෙණිය ගේ දියණිය නිම්ෂා සාරතී පසුගිය දා වාද්දුව Blue Water හෝටලයේ දී විවාහ දිවියට පිවිසියාය. ඇයගේ සහකරු වූයේ සචිත් පෙරේරාය. නිම්ෂා සහ සචිත් සිඩ්නි නුවර බැංකු ක්‍ෂේත්‍රයට සම්බන්ධව මූල්‍ය උපදේශකවරුන් ලෙස කටයුතු කරන අතර ඔවුන් ‘Sha Photography’නමින් මංගල ඡායාරූපකරණයට සම්බන්ධ පුද්ගලික ආයතනයක හිමිකරුවෝය