වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිහිනය දොරකඩ’ 03 දා එළි දකී

‘සිහිනය දොරකඩ’ 03 දා එළි දකී

නාරම්මල ප්‍රාදේශීය ලේකම් රේණුකා සුදර්ශනී මල්ලිකාරච්චි විසින් රචිත සිහිනයක දොරකඩ කාව්‍ය සංග්‍රහය මෙම මස 03 වැනි දින සවස 2.00 ට කුරුණෑගල නගර ශාලාවේදී එළි දැක්වේ.

වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බළල්ල මහතා මෙහි මුලසුන හොබවන අතර ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ සහ මහින්ද චන්ද්‍රසේකර ප්‍රධාන දෙසුම් පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ කුරුණෑගල ශාඛාවේ සංවිධානයකි.

ආදරී

සමන් පුෂ්පා ගුණසේකර විසින් රචිත ‘ආදරී’ නවකතාව දැන් නිකුත් වී ඇත.

අලුත් බලාපොරොත්තුවක්, කුණාටුවේ අනාථයෝ, යුද්ධයෙන් දවාලූ ස්ත්‍රිය, යසෝමා සහ මීනා, සඳුන් රුක, අභිරහස් අශ්වයා, හේඩී, බෙනාසීර් භූතෝ සහ රවීන්ද්‍රනාත් තාගෝර් චරිත කතාව ඇතුළු කෘති රැසක් ඇය විසින් රචනාකර තිබේ.

චන්ද්‍ර ශ්‍රී ගීතවත් කරන ශ්‍රී ගීත් තලාත් මෙහෙමුද් අනුස්මරණ ගී ප්‍රසංගය 9 දා

ලේක්හවුස් මාධ්‍යවේදී චන්ද්‍ර ශ්‍රී විසින් ගීතවත් කරන ‘ශ්‍රී ගීත්’ තලාත් මෙහෙමුද් අනුස්මරණ ගීත ප්‍රසංගය මැයි 09 වැනිදා කොළඹ 07, ඉන්දියානු සංස්කෘතික ආයතනයේදී පැවැත්වේ.

පැරැණි ගීත රසික සංසදය ඉදිරිපත් කරන මෙම ප්‍රසංගයේ සංගීතය ප්‍රවීණ සංගීතවේදී ගාමිණී පෙරේරා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය විසිනි. උත්තර භාරතීය සංගීතයෙන් රසික හදවත් දිනාගත් ගායක තලාත් මෙහෙමුද් අනුස්මරණය කරමින් මෙම ප්‍රසංගය පැවැත්වේ.

චන්ද්‍ර ශ්‍රී ලේක්හවුස් ආයතනයේ සිළුමිණ රසඳුන කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරයි.