වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ලක්තඹර අභිනන්දන සම්මාන උළෙල

ලක්තඹර අභිනන්දන සම්මාන උළෙල

06 වැනිදා කොළඹ විශ්වවිද්‍යාල කලාගාරයේදී

කොළඹ විශ්වවිද්‍යාලයේ සරසවි මිතුරෝ සංවිධානය විසින් මෙරට කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ කලාකරුවන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ‘ලක්තඹර අභිනන්දන සම්මාන උළෙල’ මැයි 06 වැනිදා පස්වරු 3.00 ට එම විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්වේ.

මේ වසරේ සිට වාර්ෂිකව පවත්වන්නට නියමිත මෙම උළෙලේ මෙවර, සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් හරුන් ලන්ත්‍රා, සිනමාව වෙනුවෙන්, විමල් කුමාර ද කොස්තා සහ නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල සම්මාන ලැබීමට නියමිතය.

1998 වසරේදී සුහද හමුවීම් සහ සාමාජික සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කළ සරසවි මිතුරෝ සංවිධානය විසින් පසුව ඉන් ඔබ්බට යමින් දුෂ්කර පළාත්වල අධ්‍යාපන සම්මන්ත්‍රණ සහ පාසල් උපකරණ බෙදා දීම වැනි කටයුතුද සිදු කෙරේ. ඊට අමතරව මේ වසරේ සිට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් උසස් නිර්මාණ රසාස්වාදය කිරීම සහ කලාකරුවන්ට ප්‍රණාමය පුද කිරීම උදෙසා ‘ලක්තඹර’ අභිනන්දන උළෙල පැවැත්වේ. වර්තමානයේදී එහි සභාපතිත්වය දරණු ලබන්නේ බර්නාඩ් කාරියවසම් විසිනි.

ලබන 06 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ඒ මහතා ඔබ සැමට විවෘත ආරාධනාවක් කර සිටියි.