|
|
අමිතාබ්-රිෂි තාත්තයි පුතයිඋමේෂ් ශුක්ලා අධ්‍යක්ෂණයක් 102 Not Out
බොලිවුඩයේ බිග් බී හෙවත් අම්තාබ් බච්චන් ලෝක වාර්තාවක් තබන්නයි සූදානම. ඔහු ලෝක වාර්තාවක් තබන්නට උත්සාහ කරන්නේ දිගු කාලයක් ජීවත් වීමෙන්. දශක පහකට ආසන්න කාලයක් පුරා සිනමා නිර්මාණ 190ට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ඔහු දැන් ගෙවන්නේ සිය දිවියේ 75 වැනි කඩඉමයි.
උමේෂ් ශුක්ලා අධ්‍යක්ෂණය කළ 102 Not Out චිත්‍රපටයට පාදක වන්නේ 102 හැවිරිදි පියෙකු සහ 75 හැවිරිදි පුතෙකු අතර පවතින සබඳතාවය යි. සෞම්‍යා ජෝෂි විසින් රචිත ගුජරාති වේදිකා නාට්‍යයක් පාදක කොට ගෙන 102 Not Out චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. හෙට (මැයි 04) සිට 102 Not Out ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.
මෙම චිත්‍රපටයේදී අමිතාබ්ගේ පුත්‍රයාගේ චරිතයට පණ පොවන්නේ, බොලිවුඩයේ තවත් ප්‍රවීණ
නළුවකු වන රිෂී කපූර්. බොලිවුඩ් සිනමාවේ සමකාලීන නළුවන් දෙදෙනෙකු වන අමිතාබ් සහ
රිෂී මෙලෙසින් රිදී තිරයේදී හමු වන්නේ දශක දෙකකට පමණ පසුව වීමත් සුවිශේෂි
අවස්ථාවක්. Amar AkbarAnthony (1977),
Naseeb(1981),Coolie (1983), Ajooba (1991)අමිතාබ් සහ රිෂි එක්ව
මෙලෙසින් දීර්ඝ කාලයකට පසු යළිත් වරක් රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක් බව අමිතාබ් පවසනවා. රිෂි පවසන්නේ බොලිවුඩයේ දැවැන්ත චරිතයක් වන අමිතාබ් බච්චන් සමඟින් වසර ගණනාවකට පසු රඟපෑමට ලැබීම තම සිනමා ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක් බවයි. නමුත් 2013 වසරේදී ප්‍රථමවරට මෙම චිත්‍රපටය පිළිබඳ අනාවරණය වූ තොරතුරුවලට අනුව දැන ගන්නට ලැබුණේ, මෙහි 75 හැවිරිදි පුත්‍රයාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ පරේෂ් රාවල් විසින් බවයි.
1 බොලිවුඩ් පුවත් ගෙන එන්නේ, ඒ වෙනුවෙන් සේම මෙවර ද 102 Not Out චිත්‍රපටයේ අමිතාබ්ගේ සහ රිෂිගේ වෙස් ගැන්වීම වෙනුවෙන් හොලිවුඩ් ශිල්පීන් පැමිණි බවයි. සලීම් සුලෙයිමාන් සහ ජොර්ජ් ජෝෂප් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ මෙහි අමාන් මලික්, සෝනු නිගම්, ජාවේද් අලී, අර්ජිත් සිං සමඟින් අමිතාබ් බච්චන් සහ රිෂි කපුර් ද ගායනයෙන් දායක වී තිබෙනවා.
|




අමිතාබ්ගේ මේ ලෝක වාර්තාව පිළිබඳ පුවත බොලිවුඩය පුදුම කරවූයේ මීට ටික කාලයක
පෙරදීයි. එය ඔහුගේ නවතම රංගනය බවට පත් වන්නේ 102 Not Out චිත්‍රපටය සමඟින්. මෙම
චිත්‍රපටයේදී අමිතාබ් පණ පොවන්නේ, දිගුකලක් ජීවත් වී ලෝක වාර්තාවක් තබන්නට උත්සාහ
කරන මහලු මිනිසෙකුගේ චරිතයක්.
රංගනයෙන් දායක වු චිත්‍රපට.
02
Not Out චිත්‍රපටය වෙනුවෙන් අමිතාබ් සහ රිෂි වෙනස්ම අයුරින් වෙස් ගැන්වීමට
චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පීන් කටයුතු යෙදා තිබෙනවා. මීට පෙර 2009 වසරේදී තිරගත
කෙරුණු ර්‍ථචච චිත්‍රපටය වෙනුවෙන් කළ අමිතාබ්ගේ වෙස් ගැන්වීම ඔබට අමතක නැතුව ඇති.