|
කුසල් නිසා කුසල්
අනේ මේ අපේ අර්ජුන මහත්තයනෙ. අර්ජුන හිනාවකින් ඔවුනට සංග්‍රහ කළාලු. කුසල් බලන්නද ආවෙ. අර්ජුන එහෙම ඇහැව්වට පස්සේ දෙදෙනා බිම බලා ගත්තලු. ඔව්. අපේ මුණුපුරෝ එක්කගෙන ආවේ. කටවුට් දැකලා චිත්‍රපටය බලන්නම ඕන කිව්වා. ඔන්න දෙන්නා දැන් ඇතුළේ. වයසක ජෝඩුවේ පිරිමි කෙනා එහෙම හෙමින් මිමිනුවාලු. එතකොට ඔයාලා නොගියේ? අර්ජුනගේ ප්‍රශ්නයට දෙදෙනාම මඳ වේලාවක් නිහඬව හිටියලු. අපි දෙන්නට සල්ලි නැහැ මහත්තයෝ චිත්‍රපට බලන්න. තිබුණු සල්ලිවලින් තමයි පොඩිවුන් දෙන්නව ගෙනාවේ. ඒක අහපු ගමන් අර්ජුන වහාම තමන්ගේ මුදල්වලින් ටිකට් දෙකක් අරගෙන ඒ දෙදෙනාව ශාලාවට යැව්වලු. චිත්‍රපටය බලලා ඒ අය එදා ගෙදර ගියේ අර්ජුනට නොසෑහෙන්න තුති පුදලලු. |