|
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
හෙළ සිනමාවේ මහා මංගල්‍ය සරසවිය සිනමා සම්මාන උළෙලේ අධ්‍යක්ෂවරුන්ගේ මුල්ම චිත්‍රපටය උදෙසා පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා අයැදුම්පත් භාර ගැනීම එළඹෙන මැයි මස 05 වැනිදායින් අවසන් වේ. ඉකුත් සරසවිය සම්මාන උළෙලේදී හඳුන්වාදුන් එම සුවිශේෂී සම්මානය වෙන්වනුයේ තරුණ සිනමාකරුවකුගේ කුලුඳුල් සිනමාපටයන් වෙනුවෙනි. 2016 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සහතිකය ගෙන තිබියයුතු එම සිනමාපටයන් මහජන ප්‍රදර්ශනය සඳහා මෙතෙක් මුදා නොහැරි චිත්‍රපට විය යුතුය. අදාළ චිත්‍රපටයන් එහි සියලු විස්තරයන් (චිත්‍රපටයේ නම, නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකතන අංක, චිත්‍රපටයේ ධාවන කාලය, රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ දිනය) ඇතුළත් කොට අයැදුම්පතක් රැඟුම්පාලක මණ්ඩලයේ සහතිකයේ ඡායාපිටපතක් ද සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලය වෙත ගෙනවිත් බාරදිය හැකිය.
හෙළ සිනමා පුරෝගාමින් වෙනුවෙන් ලෙජන්ඩ් ඔෆ් හෙළ සිනමා මැයි 19
මැයි මස 19 වැනි දින මීගමුවේදී ලාංකික සිනමාවේ පුරෝගාමින් සිහිපත් කරමින් ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් වර්ණවත්වන සිංහල චිත්‍රපට ගීත ඇතුළත් විචිත්‍රවත් ප්‍රසංගයක් මීගමුව ආවේමරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ද ලෙජන්ඩ් ඔෆ් හෙළ සිනමා නමින් නම්කොට ඇති මේ සඳහා රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන, ජීවන් කුමාරතුංග, ටෙනිසන් කුරේ, වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, පුබුදු චතුරංග, අනුෂා දමයන්ති, උදාරි වර්ණකුලසූරිය සහ තාරුකා වන්නිආරච්චි සහාගිවීමට නියමිතය. සිංහල සිනමාවේ ජනප්‍රිය ගීත ඇසුරෙන් නර්තන නිර්මාණයන් සිදුකරනුයේ චන්න විජේවර්ධන විසිනි. පළමු අදියර අප සිනමාවට උරදුන් පුරෝගාමීන් වාසය කළ මීගමුව පුරවරයෙන් ආරම්භ කෙරෙන ද ලෙජන්ඩ් ඔෆ් හෙළ සිනමා ප්‍රසංගයේ තවත් අදියරයන් කිහිපයක් ලංකාවේ ප්‍රධාන නගරයන්හි සහ විදෙස් රටවල පැවැත්වීමට නියමිතය. ප්‍රසංගයේ මීගමු දර්ශනයේ සංවිධානය නාලිකා පෙරේරාගෙන් වන අතර සමස්ථ ප්‍රසංගමාලාවේ සංවිධානය ක්ලීටස් මෙන්ඩිස් සහ ප්‍රේම් ප්‍රනාන්දුගෙනි. මෙරට තිරගත මුල්ම ලාංකීය සිනමා කෘතිය වන පළිගැනීම චිත්‍රපටය තිරගත වූයේ 1936 මැයි 19 දාය. මෙවර ලෙජන්ඩ් ඔෆ් හෙළ සිනමා ප්‍රසංගය මීගමුවේ පැවැත්වෙයි. එයින් අවුරුදු 82 ක් ගත වන දිනයේදීය.
සිග්නිස් ශ්‍රී ලංකා උත්තමාචාර සම්මාන උලෙළ 2018
සිනමා සහ ටෙලි නාට්‍ය උත්තමාචාර උලෙළ සඳහා නිර්මාණ භාර ගැනේ සිග්නිස් ශ්‍රී ලංකා ආයතනය මගින් සිනමා සහ කෙටි නාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නිස් උත්තමාචාර සම්මාන උලෙළ 2018 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. මෙවර සිග්නිස් උත්තමාචාර සම්මාන උලෙළලේ සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ 2017 වසරේ තිරගත වූ චිත්‍රපට සහ 2017 දෙසැම්බර් 31 වනදාට පෙර විකාශය නිමා කළ කොටස් 100 කට නොවැඩි ප්‍රසාංගික ටෙලි නාට්‍යයන්ය. සිය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට කැමැති සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වන අයදුම්පත් සිග්නිස් ශ්‍රී ලංකා කාර්යාලයෙන් ලබාගත හැකිය. එයට සමගාමීව ජයවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගය ද මෙවර පැවැත්වෙනු ඇත. 'ශ්‍රී ලාංක්ය ස්වීය අනන්‍යතාව ජාත්‍යන්තර සිනමා තලයේ කූටප්‍රාප්තිය කරා රැගෙන ගිය තුරුණු සිනමා නිර්මාණකරණයේ භාවිතාව අග්‍රේසර කෘති කියවීමක්' යන මාතෘකාව යටතේ වචන 300 කට සීමා වූ ඔබේ සිනමා විචාරයන් 2018 ජූනි 20 වන දිනට පෙර පහත සඳහන් ලිපිනයට තැපැල් මඟින් හෝ කාර්යාලයට පැමිණ බාරදිය හැකිය. ඔබගේ සිනමා හා ටෙලි නාට්‍ය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට කැමැති නම් ඔබගේ නිර්මාණයේ ඩීවීඩී පිටපතක් 2018 මැයි 20 වන දිනට පෙර සිග්නිස් ශ්‍රී ලංකා කාර්යාලය වෙත බාර දෙන මෙන් ඉල්ලා සිටියි. වැඩි විස්තර දුරකථන අංක 0112693425 / 0718069085 ඇමතීමෙන් හෝ කාර්යාලයට (19, බැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08) පැමිණීමෙන් ලබාගත හැකිය.
ගායක ගායිකා අවුරුදු උලෙළ මෙවරත්
සමස්ත ලංකා ගායක ගායිකා බක් මහ උලෙළ එළඹෙන 28 වැනි දින කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම සංගමය කටයුතු යොදා තිබේ. උදැසන 9.00 සිට සවස 6.00 දක්වා මෙම උලෙළ ජන ක්‍රීඩා ඇතුළු විවිධ තරග ඉසව් රැසකින් පැවැත්වේ. මෙම මහා සංස්කෘතික මංගල්‍යට සියලුම සාමාජික සාමාජිකාවන්ට හා කලාකරුවන් සියලු දෙනාට සහභාගි වන ලෙස එම සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් සහ ප්‍රධාන සංවිධායක ලේකම් ජානක වික්‍රමසිංහ ආරාධනා කර සිටී.
තිස්සගෙන් පැරැණි චිත්‍රපට 4 ක් ඩී. වී. ඩී. තැටියට
තිස්ස නාගොඩවිතානගේ පැරැණි චිත්‍රපට 4 ක් ඩී. වී. ඩී. තැටියට ගෙන එයි. ඒ 1954 ඒ. බී. රාජ් අධ්‍යක්ෂණය කළ එස්. ඒ. එම්. නායගම් නිෂ්පාදනය කළ අහංකාර ස්ත්‍රිය සහ විජය ධර්ම ශ්‍රී ගේ පළමු අධ්‍යක්ෂණය වූ දුහුළු මලක් චිත්‍රපටයයි. ටයිටස් තොටවත්තයන් නිර්මාණය කළ කවුද හරි චිත්‍රපටය ද ඒ අතරට එක්වෙයි. 1957 සිංහල දෙබස් හඬ කැවූ හින්දි චිත්‍රපටයක් වූ 'පතිවත' මේ චිත්‍රපට හතරයි. |