වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: පත්තර මිටි අරන්: Sarasaviya e edition - Lake House - Sri Lanka

පත්තර මිටි අරන්

අමරදේවයන් පළමු තැන ගන්නා සුභාවිත ගායනවේදීන්ගේ පරම්පරාවේ එක් පුරුකක් හැටියට එඩ්වඩ් ජයකොඩිව හඳුන්වා දෙන්න පුළුවනි. ඒ වගේම ඔහු හොඳ රසකාමියෙක්. සාමාන්‍යයෙන් එඩ්වඩ් ඉන්න තැන රස ගුලාවක් වෙනවා. ආ ගිය කතා පැරැණිතම අකරතැබ්බ ගැන කතා එමටයි. ඔහුගේ කතාවක් තමයි මේ කියන්නට හදන්නේ. ඔන්න ඉකුත් දවසකදී එඩ්වඩ් සිය වාහනය රැගෙන ලේක්හවුස් පිටුපස ඇති ආරක්ෂක නිලධාරින් සිටිය තැනට ආවා. සරාස් ගාලා දොරේ විදුරුව පහත් කළා. එඩ්වඩ්ව හඳුනා ගත් අපේ ආරක්ෂක නිලධාරියෙක් වහ වහා ඔහු ගාවට දුවගෙන ආවා.

ඇයි සර්?

ඔහු එහෙම එඩ්වඩ්ගෙන් විමසුවා.

මගේ වාහනේ පත්තර මිටි දෙකක් තියෙනවා. ඔන්න ඔහෙ කොහෙන් හරි බා ගන්නවලකො.

එඩ්වඩ්ගේ කීමට ආරක්ෂක නිලධාරියා පිටුපස දොර ඇරියා. එතකොටම ඔහු දැක්කලු අපේ පුවත්පත් කලාවේදිනියන් දෙදෙනකු වාඩිවෙලා ඉන්නවා. ආරක්ෂක නිලධාරියා හොඳට වට පිට බලලා එඩ්වඩ් ගාවට ආවලු.

කෝ සර් පරණ පත්තර මිටි? මේකෙ නැහැනෙ?

නැත්තෙ මොකද ඔය ඉන්නේ යස අගේට පිටි පස්සේ සීට් එකේ වාඩි වෙලා.

එඩ්වඩ් එහෙම කියන කොට අපේ කර්තෘවරියන් දෙදෙනාට බකස්ගාලා හිනා ගියාලු.