|
මම තවම මීට එහා දෙයක් හොයනවාලව් යූ බොස් ගෙනෙන මහේෂ් උයන්වත්ත
අද කලාවට මේ තත්ත්වය උදා වන්නට ඒ කාරණයත් හේතුවක් වන්නට ඇතැයි මා සිතනවා. බොහෝ දෙනා සිතන්නේ එක් නිර්මාණයක්, දෙකක් ගැන දැන ගත් පමණින් අධ්‍යක්ෂවරයකු විය හැකි බවයි. ඒත් ඒ අය අද කොතැනද ඉන්නේ? ඒ නිසා එහෙම වීමට මට වුවමනාවක් නැහැ. අධ්‍යක්ෂවරයා කියන නමට වඩා මට අවශ්‍යව ඇත්තේ යම් දෙයක් හරියටම කිරීමටයි. අදටත් මා කැමරාවෙන් කෝණයක් ගත්විට හොඳීන් බලන්නේ මේ කෝණය ද මෙතැනට හරිම එක යන්න නිතර ම විමසා බැලීමයි. එහෙත් මට තිබෙන වපසරිය, කාලය, සම්පත් එක්ක මෙතැනදි මේක හරි ඇතැයි සිතුවත්, මීට එහා ගිය දෙයක් තවමත් මා සොයනවා. මා සිතන්නේ ඉගෙන ගැනීමට වසර එකොළහක කාලයකුත් මඳ බවයි. ඒ තරමටම අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගැනීමට දේ බොහොමයි.
මහේෂ් උයන්වත්ත කියන්නේ තරුණ අධ්‍යක්ෂවරයෙක්. සියත රූපවාහිනියේ මේ දිනවල රාත්‍රි 8.00ට විකාශය වන ‘ලව් යූ බොස්’ කියන හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යය කෙරෙන්නේ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේයි. මේ වනවිට පබා, පබළු, සඳා, අමා, සුදුයි උසයි, සිත් අහස, ‘මාද ඔබම විය’, ‘සසර සේයා’ ඇතුළු ටෙලිනාට්‍ය පනහක පමණ සහය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ මහේෂ් උයන්වත්තගේ මංගල අධ්‍යක්ෂණය පිළිබඳත් කලාවේ ආගමනය පිළිබඳත් කළ කතාබහකි මේ.
ඔබගේ කලා ගමනේ ආරම්භය ගම ද? මගේ ගම ගම්පොළ සිංහපිටියයි. ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලයට හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අකුරු කළ මා පාසල් යන කාලයේ පටන් මයි ගායනයට, වාදනයට, රංගනයට ඇලුම් කළේ. ඒ කාලයේ අපේ ගමේ පොල්කොටවලින් හැදුව වේදිකාවක නාට්‍ය රඟ දක්වන අයුරු මට අද වගේ මතකයි. වැඩිහිටියන් රඟපාන ඒ නාට්‍යවල පුංචි කොටසක් මටත් රඟපාන්නට ලැබුණා. එහිදි මට තිබුණු දක්ෂතාව දැක්ක ඔවුන් ඒ ගැන ඇගයුවා. නාට්‍ය රඟපාන්නට මා කොයිතරම් ඇල්මක් දැක්වූවද කිව්වොත් එක දවසක් තනියම වේදිකා නාට්‍යයක් නිර්මාණය කළ මා පාසලේ සංගීත ගුරුතුමා වුණු සිසිල් සිරිල් හේරත් ගුරුතුමාට පෙන්නුවා. ඉන් පස්සේ ඔහු ඔහුගේ නාට්‍යවලට මාව තෝර ගත්තා. ඒ වගේ ම එතුම තමයි මට නාට්‍ය ගැන, සංගීතය ගැන ඉගැන්නුවේ. උසස් පෙළ මැට්ස් විෂයයන්වලින් ඉගෙන ගත්තත් විශ්වවිද්‍යාල වරම් නොලැබුණ නිසා මුලින්ම රැකියාව ලෙස තෝරා ගන්නේ හෝටල් ක්ෂේත්‍රයයි. ඒ ආව ගමනයි කලාවට පිවිසීමට පාර පෙන්වන්නේ. රංගනයේ ඇරැඹුම කුමන නිර්මාණයකින් ද සිදුවන්නේ? හෝටලේ සිටි අයිතිකරු කලාවට බොහොම ආදරය කරන්නෙක්. රූපවාහිනි සංස්ථාවේ එදි තිබුණු ගුරුගෙදර වැඩසටහනකට ගිය සහතිකය දැක්ක එතුමා මට ගී ගයන්න හැකියාව තිබෙන බව දැන ගත්තා. ඒ නිසයි හෝටලයේ වැඩකරන අතරතුර ඔහුගේ හෝටලේ සංගීත කණ්ඩායමේ ගී ගයන්නත් මට අවස්ථාව ලැබෙන්නේ. මේ අතර මා සිරස සුපර් ස්ටාර් තරගයට ඉල්ලුම් කරන්නේත් ඔහු පවසන නිසයි. එහිදි ස්වර්ණවාහිනියේ රංගන වරම වැඩසටහනටත්මා ඉල්ලුම්පතක් දැම්මා. ඒ වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණයට ගියාට පස්සේ ඊට මා තෝරා ගෙන තිබුණා. ඒ ‘ෆ්‍රෙන්ඩ්ස්’ ටෙලි නාට්‍යයේ රඟපෑමටයි. ඉන්දියාවේ රූගත කෙරුණු ඒ ටෙලි නාට්‍යයෙන් මා බොහෝ දේවල් ඉගෙන ගත්තා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන නිර්මාණකරුවාව මා හඳුනා ගන්නේ එහිදියි. ඔහුත් සමඟ ඇතිවන කතාබහත් සමඟ මට කලාවට පිවිසීමේ දොරටුව තවදුරටත් විවෘත වෙනවා. ඉන්පසුවයි ඔබ සහය අධ්‍යක්ෂවරයකු බවට පත්වන්නේ? ‘ෆ්‍රෙන්ඩ්ස්’ ටෙලි නාට්‍යයේ මා රඟපෑවේ ද්විත්ව චරිතයක්. එහෙත් එය අසාර්ථක නිර්මාණයක් බවට පත්වෙනවා. ඒ වුණත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මට ඔහු සහය අධ්‍යක්ෂණය කරන ලිලන්ත කුමාරසිරිගේ ‘මුතු කිරිල්ලී’ ටෙලි නාට්‍යයේ දෙවැනි සහය අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කිරීමට ආරාධනා කරනවා. චරිතයක් රඟපාමින් මා සහය අධ්‍යක්ෂණයට අත්පොත් තියන්නේ එලෙසින්. එහිදි ඔහු කියන කියමන මට කිසිම දවසක අමතක වන්නේ නැහැ. ඒ වැඩක් කරන විට එය හරියට කරන්නත්, වැඩක් ඉගෙන ගන්න විට හරියට ඉගෙන ගන්න යන්නත්, එහෙම වුණොත් මෙහි ඕනෑතරම් වැඩ තිබෙනවා යන්නත් ඔහු පැවසූ ඒ කාරණයයි. එමෙන්ම වැඩ ඉගෙන ගැනීමට නම් මාව ෆලෝ කරන්න යන්නත් ඔහු පැවසුවා. මේ ටෙලි නාට්‍යයේදී හඳුනා ගන්න හර්ෂ බුලත්සිංහල නිසා ‘තාරාවෝ ඉගිළෙති’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා. එහි චූන්චෑන්ගේ චරිතය දැනට රඟපාන්නේ මමයි. එහිදි මුණ ගැහෙන ප්‍රවීණ සහය අධ්‍යක්ෂවරයකු වුණු නිව්ටන් ගුණසේකරයි මට ෂෙඩුවුල් නිර්මාණය කිරීමට කියා දෙන්නේ. එතැන් පටන් ශාන්ත සොයිසා, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සුනිල් කොස්තා, සංජය නිර්මාල් ආදී අධ්‍යක්ෂවරුන් රැසක් යටතේ සහය අධ්‍යක්ෂවරයකු විදියට වසර එකොළහක් පමණ කටයුතු කරනවා. ඒ අතර කාලයේ මා ඔවුන්ගෙන් උකහාගත හැකි බොහෝ දේ උකහා ගැනීමට අමතක කරන්නේ නැහැ. අධ්‍යක්ෂණය ගැන හැදෑරීමටත්, එහි සියලුම තාක්ෂණික අංශය ඇතුළු සියලු දේ ම ඉගෙන ගන්නේත් ඒ වසර එකොළහ ඇතුළතයි. ඔබ අධ්‍යක්ෂවරයකු වීමට මේ තරම් කාලයක් ගත්තේ ඇයි? අද කලාවට මේ තත්ත්වය උදා වන්නට ඒ කාරණයත් හේතුවක් වන්නට ඇතැයි මා සිතනවා. බොහෝ දෙනා සිතන්නේ එක් නිර්මාණයක්, දෙකක් ගැන දැන ගත් පමණින් අධ්‍යක්ෂවරයකු විය හැකි බවයි. ඒත් ඒ අය අද කොතැනද ඉන්නේ? ඒ නිසා එහෙම වීමට මට වුවමනාවක් නැහැ. අධ්‍යක්ෂවරයා කියන නමට වඩා මට අවශ්‍යව ඇත්තේ යම් දෙයක් හරියටම කිරීමටයි. අදටත් මා කැමරාවෙන් කෝණයක් ගත්විට හොඳීන් බලන්නේ මේ කෝණය ද මෙතැනට හරිම එක යන්න නිතර ම විමසා බැලීමයි. එහෙත් මට තිබෙන වපසරිය, කාලය, සම්පත් එක්ක මෙතැනදි මේක හරි ඇතැයි සිතුවත්, මීට එහා ගිය දෙයක් තවමත් මා සොයනවා. මා සිතන්නේ ඉගෙන ගැනීමට වසර එකොළහක කාලයකුත් මඳ බවයි. ඒ තරමටම අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගැනීමට දේ බොහොමයි. ‘ලව් යූ බොස්’ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයනි සේනානායක, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත ආදී ප්‍රවීණ නළු නිළි පිරිසක්? මේ ටෙලි නාට්‍යයේ රඟපාන සියලු ම ප්‍රවීණ රංගන ශිල්පීන් මෙන්ම තරුණ ශිල්පීන් සියල්ලන්මවත් මා හඳුනා ගන්නේ සහය අධ්‍යක්ෂවරයකු විදියට වැඩ කරන කාලයේදියි. ඒ කාලයේදී ඔවුන් සියල්ලන් ම මාත් සමඟ බොහොම සහයෝගයෙන් කටයුතු කළා. ඒ එදා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ම අදත් මේ නිර්මාණයේදී ලැබෙන බව සිහිපත් කරන්නේ හදපිරි සතුටින් යුතුවයි. ඔබගේ පළමු නිර්මාණය ලෙස හාස්‍යෝත්පාදක නිර්මාණයක් තෝරා ගත්තේ ඇයි? මේ නිර්මාණය විකාශය වී දින දොළහකට වඩා නැහැ. එහෙත් අපට වැදගත් වන්නේ මෙය නරඹන අය නඟන විචාරයයි. මා දන්නා විදියට හාස්‍යෝත්පාදක නිර්මාණයක් කිරීමට පහසු නැහැ. අපත් හාස්‍ය නිර්මාණ නරඹනවා තමයි. ඒ නිර්මාණවලින් පෙනෙන්නේ ඔවුන් හාස්‍ය කියන්නේ මොකක්ද කියන දෙය නොදැන සිටින බවයි. ඉන් මා අදහස් කරන්නේ මා හාස්‍ය යන්න හරියට ම හඳුනාගෙන තිබෙන බව නොවෙයි. මා උත්සාහ කරන්නේ සිනහ වීමට අවශ්‍ය සාධාරණ හේතුවක් අරගෙන මේ නිර්මාණය කරගෙන යන්නයි. නිර්මාණයක හාස්‍ය ගෙනාවට වැඩක් නැහැ. එය කතා කරන මාධ්‍ය කුමක් ද යන්න පිළිබඳ දැනුමකුත් අපට තිබිය යුතුයි. එවිට එල්ල වන අභියෝගයයි මා මේ භාර ගත්තේ. එවැනි අභියෝගවලට මා කැමැතියි. ‘ලව් යූ බොස්’ හි පිටපත ලියන්නේ කවුද? මුලින් ම පිටපත ලිව්වේ චින්තක පීරිස්. ඔහුට තිබෙන කාර්යබහුල බව නිසා ම දැන් පිටපත ලියන්නේ නිශාන්ත වීරසිංහයි. ඔහුගේ අවසරය ඇතුවයි අලුත් නිර්මාණකරුවකු මේ නිර්මාණය සඳහා දායක කර ගත්තේ. හාස්‍ය නිර්මාණයක් කිරීමට පෙර ඔබ එවැනි නිර්මාණ පිළිබඳ යම් අධ්‍යයනයක යෙදුණා ද? චාලි චැප්ලියන් රඟපෑ නිර්මාණ මා නරඹා තිබෙනවා. ඒ ඇතුළු අද බොහෝදෙනා පිළිගන්නා එවැනි ප්‍රකට නිර්මාණ මා නරඹා තිබෙනවා. ඒ නිර්මාණ ඔස්සේ ද යම් අධ්‍යයනයක් සිදුවුණා. ඒ ඔස්සේ මට හැඟුණේ ටයිම් ඇන්ඩ් ස්පේස් කියන කාරණය හාස්‍ය මතු කිරීමේදී හරි වැදගත් බවයි. එහෙම නොවුණොත් ඒ විහිළුව නියම වෙලාවට පන්ච් වෙන්නේ නැහැ. මාධ්‍ය වෙනස් වුණත් මේ කියන කාරණය මා වේදිකාවෙදි නම් අත්දැක්කා. ඒ නිසා ඒ කට්එක, එඩිට් එක ගැන මා බොහොම සිතනවා. අනෙක් කෙනාගේ හැඟීම ගැන කියන්නට ක්ලෝසප් එකකට යා යුතුයි. බොහෝ හාස්‍ය නාට්‍යවල එකම ප්‍රේම් එකේ කැමරාව ගමන් කරන අයුරු මා දැක තිබෙනවා. ඒ නිසා ඉන් බැහැර විය යුතුයි. විවිධ තාක්ෂණික ක්‍රමවේදවලට යා යුතුයි. එවැනි හොඳ වැඩක් කළ හැකි කණ්ඩායමක් මට ඉන්නවා. ‘ලව් යූ බොස්’ ටෙලි නාට්‍ය හරහාත් ගලාගෙන යන්නේ එකිනෙකට වෙනස් වූ කතා ද? මෙහි කතාවත් තිබෙනවා. විශේෂ චරිත කිහිපයක් තිබෙනවා. ඒ චරිත ජීවත්වීමේදී සිදුවන හැලහැප්පීම්, ඔවුන්ට මුහුණ දීමට සිදුවන දේ හරහායි කතාව ගලාගෙන යන්නේ. ඒ අවස්ථාවලදි ඔවුන් කරන දේ හරහා මතුවන හාස්‍යයයි මෙහිදී මතුවන්නේ. ඉදිරි කටයුතු පෙළගැසෙන්නේ කොහොම ද? මේ නිර්මාණය ආරම්භ කරලා වැඩි කාලයක් ඇත්තේ නැහැ. ඒ නිසා විවිධ අත්හදා බැලීම් සමඟ ‘ලව් යූ බොස්’ ඉදිරියට ගලාගෙන යනවා. මේ කටයුත්තට උදවු කළ සියත රූපවාහිනියට මා බෙහෙවින් ස්තුති විය යුතුයි. ඒ වගේ ම අප මේ ටෙලි නාට්‍යය රූ ගත කරන්නේ ෆයු ඩී මාක්3 එකෙන්. මෙවැනි තාක්ෂණික උපකරණ ලබාදෙමින් අපට සහය වන ප්ලස් වන් ආයතනයේ මාලතී මහත්මියටත් විශේෂ ස්තුතිය හිමි විය යුතුයි. මෙහිදි මා සියල්ලන්ට ම ආරාධනා කරන්නේ ‘ලව් යූ බොස්’ ටෙලි නාට්‍යය නරඹා අදහස් දක්වන්න කියලයි.
|