|
ලූකා ළමා චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය හෝගානා පොකුණ
ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සිනමා කෘතිය වන හෝගානා පොකුණ තවත් අන්තර් ජාතික සම්මානයකින් පිදුම් ලබයි. ඒ ජර්මනියේ ලූකා ළමා චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි ද ලූකා සම්මානයෙන් අභිසෙස් ලබමිනි. ජර්මනියේ ෆැන්ක්ෆර්ට් නුවරදී තිස් අට වැනි වරටත් පැවැත් වූ මෙම සම්මාන උළෙල සඳහා තෝරා ගත් චිත්‍රපට 20 ක් ඉදිරිපත් කොට තිබිණි. හෝගානා පොකුණෙහි ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, අනසුයා සුබසිංහ, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, හයිසින්ත් විජේරත්න, සැනෙට් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, අමා විජේසේකර ආදී නළු නිළියන් සමඟ ළමා නළු නිළියන් දහඅට දෙනෙකු රංගනයේ යෙදෙති. හෝගානා පොකුණ සිනමාපටය මීට ප්‍රථම අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික සම්මාන ලද්දේය. ඒ අතරින් චෙක් ජනරජයේ ස්ලින් නගරයේ පැවැති 55 වැනි අන්තර් ජාතික සිනමා උළෙලේ සිටි ඔෆ් ස්ලින් සම්මානය විශේෂ වේ. එසේ වනුයේ දැනට පවතින පැරැණිතම සිනමා උලෙළකින් ලැබූ ඒ සම්මානය චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට මෙන්ම එහි රඟපෑ ළමුන් දහඅට දෙනාගේම රංගනයට උරුමකම් කියන බැවිනි. ලබන දෙසැම්බරයේදී හෝගානා පොකුණ තිරගත වනු ඇතැයි විශ්වාස කෙරේ. ස්වර්ණා කල්කටා උලෙළේජූරියට
සම්මානනීය රංගවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි කල්කටා අන්තර් ජාතික සිනමා උලෙළේ ජූරි සභාවට තේරී පත් වී ඇත. මෙරට කලාකාරිණියක් එම සම්මාන උලෙළේ ජූරි සභිකයකු වශයෙන් කටයුතු කරන ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. උලෙළ එළඹෙන නොවැම්බර් මස 13 වැනිදා ඉන්දියාවේ කල්කටා නුවරදී ඇරැඹීමට නියමිතය.
ලෙලුම් එක්ක හැන්දෑවක්
ආචාර්ය වික්ටර් රත්නායකගේ බාල පුතු වන ලෙලුම් රත්නායක ගී ගයන 'ලෙලුම් එක්ක හැන්දෑව' විචිත්‍රවත් ගී ප්‍රසංගය මෙම මස 17 වැනිදා එනම් එන සෙනසුරාදා සවස බත්තරමුල්ල ජයන්ති පුර පාරේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි කැන් මියුසික් ඇන්ඩ් ෆිල්ම් ඇකඩමි පරිශ්‍රයේදී පැවැත් වෙයි. මෙහිදී ඔහුගේ ස්වතන්ත්‍ර ගී මෙන්ම වික්ටර්ගේ ජනප්‍රිය ගීත කිහිපයක් ලෙලුම් විසින් ගැයීමට නියමිතය. දිගු කලක සිට ගායන මෙන්ම වාද්‍ය ශිල්පියකු වශයෙන් කටයුතු කරන ලෙලුම් ඔහුටම අනන්‍ය වූ රිද්මයකින් සංයුක්ත තැටි කිහිපයක් ඔස්සේ තම ගායන හැකියාව ප්‍රකට කෙරුවේය. පසුගිය වසරේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත් වූ හෙතෙම 'ලෙලුම් එක්ක හැන්දෑවක්' හරහා නවමු සංගීතමය අත්දැකීමක් සංගීත ලෝලීන්ට පිරිනැමීමට සූදානම් වේ.
සිසිර කොතලාවල
මියයයි
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර කොතලාවල අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු පනස් නවයකි. රජයේ චිත්‍රපට අංශයේ සිනමා සංස්කාරකවරයකු වශයෙන් කටයුතු කොට ජාතික රූපවාහිනිය ආරම්භයේදීම ඊට නිෂ්පාදකවරයකු වශයෙන් එක් වූ සිසිර එහි විවිධ තනතුරු දැරීය. ඔහු ඉන් ඉවත් වූයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙසිනි. පසුව නේපාලයේ තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියකු වශයෙන් සේවය කළේය. දෙරණ නාළිකාවේ නාට්‍ය අංශයේ සේවය කරන චරිත් කොතලාවල ඇතුළු දරු තිදෙනෙකුගේ ආදරණීය පියකු වූ සිසිරගේ අවසන් කටයුතු පසුගිය ඉරු දින ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු විය. සිසිර ජාතික රූපවාහිනයේ පුරෝගාමී වැඩ සටහනක් වූ සිංදුයි බිංදුයි ඇතුළු ළමා වැඩ සටහන් රැසක් ද එකල සිසිර අතින් නිර්මාණය විය.
සුගත්ගෙන් නළු නිළි බැංකුවක්
සුගත් සමරකෝන් නළු නිළි බැංකුවක් ආරම්භ කරලා. ඒකට ඔහු බඳවා ගන්නේ තමන් විසින් මෙහෙය වන රංගන පාඨමාලාව හදාරපු අයව. ඉරිදා දිනවල සුදර්ශියට පැමිණ මෙම නළු නිළි බැංකුවේ ලියාපදිංචි වෙන්න කියලා සුගත් අපට පවසා සිටියා.
සමන් 170 වැනි වරටත් රට
|