|
හොලිවුඩ් සුපිරි තරු අතර සුන්දර චාරිකාවක්
හොලිවුඩ් තරු අතර සැරිසරනා මගේ ගමනේදී ලොස් ඇන්ජලීස් හි පිහිටියා වූ ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නාම පුවරුව ප්‍රථමයෙන් දැකගන්නට ලැබුණි. ඇත්තටම එය විනෝදාස්වාදය සඳහා අතිශය වැදගත් වූ තැනක් සේම තිරයේ ජීවිතය සහ සත්‍ය ජීවිතය අතර වූ වෙනස හොයා ගන්න බැරි ස්ථානයක්. මිනිත්තු කිහිපයකට පසුව මා ගමන් ගත් වාහනය නතර කළේ ලොව අතිශය ජනප්‍රිය වූ ස්ථානයකය. 3000, Canyon Lake Drive, CA 90068 එහි ලිපිනයයි. ලොව සුප්‍රසිද්ධ හොලිවුඩ් නාම පුවරුව පිහිටියේ මෙම ස්ථානයේයි. කඳු මුදුනක පිහිටියා වූ ලොව පුරා කාගේත් කතාබහට ලක් වූ මෙම පුවරුව දුටු අවස්ථාවේදී මා ද ඉතා ආශාවෙන් නැරැඹූ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම සිහියට නැඟුණි.
හොලිවුඩය විසින් ගෝලීය විනෝදාස්වාදය වෙනුවෙන් සිදු කර ඇති දායකත්වය කෙනෙකුට එක්වරම
තේරුම් ගන්න අපහසු කරුණක්. හොලිවුඩය ලොව විශාලතම චිත්‍රපට කර්මාන්තය බව අප සිතා
සිටිය ද එය ඉන්දියාව සහ නයිජීරියාව හමුවේ තෙවැනි වන්නේය. හොලිවුඩයේ වාර්ෂික සජීවි
ක්‍රියාදාම සහ පරිගණක සජීවිකරණ චිත්‍රපට හයසියයක් පමණ නි
හොලිවුඩය ලොව පුරා චිත්‍රපට ප්‍රදර්ශනයෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 30 ක පමණ
ආදායමක් වාර්තා කරයි. අමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් බොක්ස් ඔෆිස් ආදායම එයින්
තුනෙන් පංගුවක් පමණ වේ. හොලිවුඩය පුරා චිත්‍රපට දර්ශන තිර 40,000 ක් පමණ පිහිටා ඇති
අතර සාමාන්‍යයෙන් එහි එක් ප්‍රවේශ පත්‍රයක මිල අමෙරිකානු ඩොලර් 10 ක ප චිත්‍රපට කර්මාන්තය දෙස බලන බොහෝ දෙනා සිතනුයේ වැඩිම ආදායක් ලබා ගන්නේ නළු නිළියන් බවයි. නමුත් බොලිවුඩයේදී නළු නිළියන්ට වඩා ඉහළ ආදායම ලබන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ය. ට්‍රාන්ස්ෆෝමර්ස් (Transformers) අධ්‍යක්ෂ මයිකල් බේ, ඩේ ආෆ්ටර් ටුමෝරෝ (The Day After Tomorrow) අධ්‍යක්ෂ රෝලන්ඩ් එම්රිච්, ඊ ටී (E T) අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්, අවෙටර් (Avatar) අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් ලොව ඉහළම ආදායම් ලබන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසු වෙති.
හොලිවුඩයේ වැඩිම ආදායම ලබන නළුවන්ගේ ලැයිස්තුවේ අංක එක හිමි වෙන්නේ රොබට් ඩව්නි
හටයි. ෆෝබ්ස් සඟරාවට අනුව 2012 ජූනි මාසයේ සිට 2013 ජූනි මාසය දක්වා ඔහු ලද ආදායම
අමෙරිකානු ඩොලර් මිලියන 75 ක්. ඩව්නි රංගනයෙන් දායක වූ චිත්‍රපට හයක්ම ලොව පුරා
ප්‍රදර්ශනයෙන් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක් විය. ඒ අතර ‘දි ඇවෙන්ජර්ස්’ සහ ‘අයන්
මෑන් 3’ ඩොලර් බිලියනයකට වඩා ඉහළ ආදායම් වාර්තා කළේය. හියු ජැක්මන්, චානින් ටැටුම්,
මාර්ක් වොල්බර්ග් සහ ඩේවියන් ජොන්සන් හොලිවුඩයේ ඉහළම ආදායම් ඇති රංගන ශිල්පින් වේ. ලොව ඉහළම ආදායම ලද චිත්‍රපටය ලෙස වාර්තා වෙන්නේ ‘අවෙටර්’ ( Avatar) චිත්‍රපටයයි. ලොව පුරා ප්‍රදර්ශනයෙන් එය ලද ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.8 කි. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ ‘ටයිටැනික්’(Titanic) චිත්‍රපටය අමෙරිකානු ඩොලර් බිිලියන 2.1 ක් ලබමින් දෙවැනි තැන සිටින්නේය. එහෙත් ඩීවීඩී සහ බ්ලුරේ පිටපත් ආදිය ද සැළකිල්ලට ගතහොත් මෙම චිත්‍රපටවල ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3 ද ඉක්මවනු ඇත. ඉහළ ආදායමැති චිත්‍රපටයන්හි තෙවැනි ස්ථානයේ සිටින්නේ ‘ද මාවෙල්ස් දි ඇවෙන්ජර්ස්’ (Marvel’s the Avengers) චිත්‍රපටයයි. 1939 වසරේ නිර්මාණය කළ වර්ණ චිත්‍රපටයක් වූ ‘ගෝන් විත් ද වින්ඩ්’ (Gone With The Wind) චිත්‍රපටය වසර විසිපහක් පුරාවට ලොව ඉහළම ආදායම ලද චිත්‍රපටය ලෙසින් වාර්තාව හිමි කර ගෙන සිටියේය. දැන් එම වාර්තාව බිඳී ගොස් ඇතත් උද්ධමනය සැළකුවහොත් තවමත් වැඩිම ආදායම ලද චිත්‍රපටය වනු ඇත්තේ එයයි. දහවල් ආලෝකයෙන් පවා මට තරු දැක ගැනිමට අවස්ථාව දැන් උදා වී ඇත. හොලිවුඩ්හි මඟ දෙපස හොලිවුඩ් පුරයේ සුවිශේෂ චරිත වෙනුවෙන් වූ තරු නිර්මාණය කර තිබේ. මේ ගමන ආරම්භ කෙරෙන ස්ථානයේ මම ද වාහනය නතර කර ඇවිදගෙන යමින් තරු බලන්නට වීමි. එහිදී චිත්‍රපට නළු නිළියන්, රූපවාහිනී, සංගීත ක්ෂෙත්‍රය, ගුවන් විදුලි, නාට්‍ය වැනි වූ විවිධ අංශයන් වෙනුවෙන් වූ තරු රාශියක් මට දැක ගත හැකි විය. මෙම තරු ලබා දෙන්නේ හොලිවුඩ් චේම්බර්ස් ඔෆ් කොමර්ස් (Hollywood Chamber of Commerce) විසිනි. එලෙසම මෙලෙස තරුවක් දිනා ගැනිම ද ලෙහෙසි පහසු දෙයක් ද නොවන්නේය. විල් ෆෙරල් සහ මෙලීසා මැකාර්ති ඇතුළු තවත් තිස් දෙනෙකු ලබන 2015 වසරේදී මෙලෙස හොලිවුඩ් තරු ලබා ගැනිමට සුදුසුකම් ලබා සිටියි. ජෙනිෆර් ගානර්, පීටර් ජැක්සන්, ඉසිජිනියෝ ඩර්ඩ්ස්, ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, පෝල් රූඩ්, ක්‍රිස්ටොප් වොල්ට්ස් චිත්‍රපට අංශය යටතේ තරුවක හිමිකාරිත්වය ලැබීමට නියමිතව ඇත. තවද තිර රචනා සහ නවකතා රචක රේමන්ඩ් කැන්ඩ්ලර් සහ බැට්මෑන් නිර්මාතෘ බොබ් කෝන් හට ද ලබන වසරේ හොලිවුඩයේ තරු අයිතිය හිමි වේ. රේමන්ඩ් කැන්ඩ්ලර් 1959 දී සහ බොබ් කොන් 1998 වසරේද තම ජීවිතවලින් සමු ගත්හ.
අවෙටර් චිත්‍රපටය සඳහා වැය වූ මුදල වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 250 කි. දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය අතින් බැලුවහොත් අවෙටර් චිත්‍රපටයේ වියදම ඉතාමත් අධික වේ. 1993 වසරේදී මෙම දාශ්‍ය ප්‍රයෝග ස්ටීවන් ස්පිල්බර්ග් ජුරාසික් පාර්ක් චිත්‍රපටයට ද යොදා ගෙන තිබුණි. නමුත් එදා සිට අද දක්වා පරිගණක තාක්ෂණයේ විශාල දියුණුවක් දක්නට ඇතත් අදටත් අවෙටර් නිර්මාණයේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය මිළ අධික දෙයක් වන්නේය. කෙසේ නමුත් අධික පිරිවැයක් දරමින් චිත්‍රපට නිර්මාණ කළ ද ඒවා අසාර්ථක වූ අවස්ථා ද හොලිවුඩය තුළ නැතුවාම නොවේ. ඒ පිළිබඳ කතා කිරීමේදී පළමුවෙන්ම සිහියට නැඟෙන්නේ හෙවන්ස් ගේට් (Heaven’s Gate) චිත්‍රපටයයි. එය ලොව අසාර්ථකම චිත්‍රපට අතරේ දස වැනි ස්ථානය හිමි වී තිබේ. තර්ටීන්ත් වොරියර් සහ 47 රොනිත් චිත්‍රපටය අද අසාර්ථක චිත්‍රපට අතරේ පෙරමුණට පැමිණ ඇති චිත්‍රපටයි. අමෙරිකානු ඩොලර් මිලියන 250 ක පිරිවැයක් දරා නිර්මාණය කළ එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 150 ක් පමණක් විය. දෙවැනි ස්ථානය හිමි වන්නේ මාර්ස් නීඩ්ස් මම්ස් චිත්‍රපටයයි. අමෙරිකානු ඩොලර් මිලියන 150 ක වියදමක් දරා නිපද වූ එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 38 ක් පමණක් විය.
මිට අමතරව නවීන බ්ලු රේ තාක්ෂණය දැන් නිවෙස් කරා පැමිණ ඇති කාලයයි. එසේ වුව ද සිනමා ශාලාවකදී ලබන අයිමැක්ස් සිනමා අත්දැකීම නම් එයට සම කරන්න නොහැකි එකක්. එහි දැවැන්ත තිරය නවිනතම ශබ්ද පරිපාලනය ඔබට නිවසේදී නොලැබිය හැකි අත්දැකිමක්.
හොලිවුඩයේ තරු නැරැඹූ මා වාහනය වෙත යන විට බොහෝ වෙලාවක් ගත වී තිබුණි. 1910 වසරේ නිර්මාණය කළ ‘ඉන් ඕල්ඩ් කැලිෆෝනියා’ චිත්‍රපටය සමඟින් ආරම්භ වූ හොලිවුඩ් සිනමාව දැන් සිය වසකටත් වඩා පැරැණිය. කාලය කෙමෙන් ගත වෙන විටදී ‘ද ජෑස් සින්ගර්’ ශබ්දය සමඟින් ද ‘ටෝල් ඔෆ් ද සී’ වර්ණය සමඟින් ද ‘ස්නෝ වයිට්’ පරිගණක සජීවිකරණයක් ලෙසින් ද ‘ස්ටාර් වෝස්’ සරවුන්ඩ් ශබ්ද ක්‍රමය ලෙසින් ද හොලිවුඩ් පුරයට පැමිණියහ. එමෙන්ම තවත් අලුත් දේ අනාගතයේදී එළි දැකීමට හැකිවනු ඇත. හොලිවුඩය යනු පසු නොබලා දියුණුවෙන් ඉදිරියට ඇදෙන්නකි. නැවතත් මම මගේ නවාතැන්පොල වූ බෙවර්ලි හිල්ස් හි පිහිටි හෝටලය වෙත යන විටදී දුටුවේ විශාල නාම පුවරුවකි. ‘ට්‍රාන්ස්ෆෝමර්ස් ඒජ් ඔෆ් එක්ස්ටින්ක්ෂන්’ ජූලි 11 වැනිදා සිට ඔබ ළඟම සිනමා ශාලාවට යන්න එහි සටහන්ව තිබුණි. ඇත්තටම එම චිත්‍රපටයෙන් කියවෙන්නාක් සේ මිනිස් පරපුරේ අවසානය දක්වා අප සැම පිනවීමට හොලිවුඩ් පුරයට හැකි වනු ඇත.
|