|
සම්මාන උළෙලේ රස කතා
එහිදී රංගන තරු ඇඳ සිටි ඇඳුම් කාගේත් අවධානයට ලක් වූයේ ඒවායේ වූ විචිත්‍රවත් බව නිසාමය. ඒ අතර ඇන්ජලිනා ජොලි, නයෝමි වොට්ස්, කේට් බ්ලාන්ෂේ, ලුපිටා නියෝජිඕ, කේට් හඩ්සන්, ක්‍රිස්ටින් බෙල්, ඇමි ඇඩම්ස් කාගේත් කතාබහට ලක් වූ තරු අතරට එක්විණි. සම්මාන උළෙල ආරම්භයේදීම අකරතැබ්බකට මුහුණ දුන්නේ ජෙනිෆර් ලෝරන්ස්ය. ඇය සම්මාන උළෙලට පැමිණෙන විට දී පය පැටලී රතු පලස මත ඇදගෙන වැටිණි. මෙවර ඇකඩමි සම්මාන උළෙල සඳහා ද ඇය සැරැසී සිටියේ සිටියේ රතු පැහැති අලංකාර ගවුමකිනි. ජෙනිෆර් මෙලෙස රතු පලස මත ඇදගෙන වැටීම අමුතු දෙයක් නොවන්නේ පසුගිය වසරේ පැවැති සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ලබා ගැනීම වෙනුවෙන් වේදිකාව වෙත පිය නගද්දී පඩි පෙළ මතදී ඇය ඇද වැටීම නිසාය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී ද ඇය ඇමරිකන් හ්‍යුස්ටල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානයට නිර්දේශව තිබිණි.
ඔහු ටුක්සිඩෝ ඇඳුම කට්ටලයක උඩ කොටස සහ කොට කලිසමකින් සැරැසී මෙවර ඔස්කාර්
සම්මාන උළෙලට පැමිණ තිබුණි. බොහෝ කලකට පසුව ජනතාව අතරට පැමිණෙමින් අමෙරිකානු රංගන ශිල්පිනියක වන කිම් නොවැක් ද මේ සුවිශේෂී අවස්ථාවට සහභාගි වූවාය. තවමත් අසූ එක් වැනි වියේ පසුවන කිම් සිය මුහුණට සිදු කරන ලද ප්ලාස්ටික් සැත්කම පිළිබඳ මෙහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. කිම් නොවැක් 86 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාවට පිවිසියේ හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය නිවේදනය කිරීමටයි. |