|
ද ලෙගෝ මූවි තවමත් පෙරමුණේ
ෆ්‍රෝස්න් දාහතර වැනි සතියේ
අමෙරිකානු බොක්ස් ඔෆිස් හොඳම චිත්‍රපට දහයේ මෙවරත් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන
සිටින්නේ The Lego Movie චිත්‍රපටය යි. බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ තෙවැනි සතිය
ගත කරන පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර්
මිලියන 31.4ක ආදායමක් වාර්තා කළේය. ජෝසප් මැක්ග්‍රිනිටි නිකෝල් අධ්‍යක්ෂණය කළ 3
Days To Ki තෙවැනි ස්ථානයේ සිටින්නේ පාවුල් ඩබ්ලිව්. එස්. ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ Pompeii චිත්‍රපටය යි. එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 10ක ආදායමක් වාර්තා කළේය. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන RoboCop චිත්‍රපටය ඩොලර් මිලියන 9.4ක ආදායමක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසු වේ. ජෝර්ජ් ක්ලූනි අධ්‍යක්ෂණය කළ he Monuments Men ඩොලර් මිලියන 8.1ක ආදායමක් වාර්තා කරමින් පසුගිය සති අන්තයේදී පස්වැනි ස්ථානයට පැමිණියේය. ආදරය හා හාස්‍ය රැගත් About Last Night චිත්‍රපටය හයවැනි ස්ථානයේ පසුවේ. එය පසුගිය සති අන්තය වනවිට ඉපැයූ ආදායම ඩොලර් මිලියන 7.4ක්. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයේ හයවැනි සතිය ගත කරන Ride Along හත්වැනි ස්ථානය සහ දාහතර වැනි සතිය ගත කරන Frozen අටවැනි ස්ථානයට පැමිණ තිබේ. ෂානා ෆේස්ට් අධ්‍යක්ෂණය කළ Endless Love අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර නමවැනි ස්ථානය දිනා ගන්නා විටදී අකීවා ගෝල්ඩ්මන් අධ්‍යක්ෂණය කළ Winter’s Tale හට දසවැනි ස්ථානය හිමිවී ඇත.
|