|
අනතුරු ලෙඩ දුක් හා රූ ගැන්වීම්
‘හේඩර්’ දර්ශන තලයේදී තාබුට අධික සීතලක් දැනී දැඩි සේ වෙවුලන්නට පටන් ගෙන ඇත. හුස්ම ගැනීමට ද අපහසුව නිසා ඇය වහාම රෝහල් ගතකර තිබේ. හේඩර් දර්ශන තලයේ දුම් සහිත පරිසරයේ දී තාබුට හුස්ම ගැනීමට අසිරු විය. ඇය දිනක් හොඳින් නිරීක්ෂණය කළ වෛද්‍යවරු පසුව නිවෙසට යාමට අවසර දී ඇත. තාබු ආපසු කෙළින්ම ගොස් ඇත්තේ දර්ශන තලයටයි. ඇයගේ ඉතිරි රූගත කිරීම් එදින සම්පූර්ණ කර තිබේ. මෙහි තාබු සමඟ ෂාහිඩ් කපූර්, ශ්‍රද්ධා කපූර්, ඉර්ෆාන් ද රඟති. ෂේක්ස්පියර්ගේ ‘හැම්ලට්’ ඇසුරින් නිර්මාණය වූ ‘හේඩර්’ හි වැඩි කොටසක් රූගත කර ඇත්තේ කාශ්මීරයේයි. තාබු මේ අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ ද කාශ්මීර දර්ශන තලයේදීය. හේඩර් දර්ශන තලය නළු නිළියන්ට එතරම සුබ දර්ශන තලයක් නොවේ. එහි තරුණ කණ්ඩායම් ෂහීඩ් කපූර්ට සහ ඉර්ෆාන්ට ගිනි පන්දම් විසිකර තිබේ. පොලීසිය සියල්ලෝ කඩිනමින් සන්සුන්කර රූගත කිරීම් නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දී ඇත. ඔවුන් මේ අනතුරට මුහුණ පා ඇත්තේ පැහැර ගෙන යන දසුනක් රූගත කිරීමේදීය. කත්‍රිනා කායිෆ් ද ‘ඩූම් 3’ දර්ශන තලයේ දී අනතුරට ලක්වූවාය. එහිදී ඇයගේ දකුණු අතේ අස්ථි බන්ධනයක් ඉරී රෝහල් ගත කළාය. ඇය පියයුරු හා ගැබ්ගෙල පිළිකා මර්දන වැඩ සටහනකට පෙනී සිට ඇත්තේද වෙළුම් පටි යෙදූ අතත් සමඟිනි. තාරකාවන් අතර ඇවිළෙන ගිනි පුපුරු බවට පත් වී සිටින කත්‍රිනා හා දීපිකා දෙදෙනාම රූගත කිරීම්වල දී තුවාල වීම පුදුමාකාරය. රාම්ලීලා රූගත කිරීමේදී දීපිකා ගේ කොන්දට හානි වී තිබේ. එහ ිඑක් ගීතයක් දස දිනක් රූගතකර ඇති අතර ඇය අනතුරකට මුහුණ පා ඇත්තේ පෙර පුහුණුවීමකදීයි. වේදනා නාශක රැගෙන ඇය රූගත කිරීමට සහභාගි වූවාය. එහි අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ද සිනමාපටය රූගත කර තිබෙන්නේ ද දැඩි උණෙන් පෙළෙද්දීය. ‘ඩූම් 3’ සහ ‘රාම්ලීලා’ දෙකම අති සාර්ථක විය. |