|
සවුන්ඩ් ඔෆ් මියුසික් මාරියා මිය යයි
ඇය කෙතරම් හොඳින් දරුවන් බලා ගත්තා ද කිවහොත් රෞද්‍ර කපිතාන්වරයාගේ හදවත ආදරයෙන්
වෙඬරු පිඬක් මෙන් උණු වන්නට ගත්තේය. ඇය ඔහුට ආදරය නොකරම විවාහ වීමට එකඟ වූවාය.
එහෙත් ඇය දරුවන්ට ආදරය කළාය. මාරියා, කැප්ටන්ට ආදරය කිරීමට මුල පිරුවේ විවාහයෙන්
පසුවයි. මාරියා හා කැප්ටන් ද දරුවන් තිදෙනකුට මාපියෝ වූහ. 1947 දී කපිතාන් පෙනහලු
පිළිකාවකින් මිය ගියේය. මාරියා 1987 මාර්තු 28 වැනිදා මිය ගියාය. මේ සොඳුරු සිනමාපටයට පාදක වූ සහෝදර චරිත හත අතරින් ඉතිරි වූ එකම සැබෑ චරිතය ද පසුගිය දා ජීවිතයෙන් සමු ගත්තාය. ඇය පවුලේ දෙවැනි දියණිය වූ මාරියා ෆ්රැන්සිස්කා වොන් ට්රැප්ය. මිය යන විට ඇය අනූ නව හැවිරිදි වියේ පසු වූවාය. ඇයගේ මරණය ස්ථිර කළේ ඇයගේ අඩ සොයුරකු වූ ජොහැන්නස් වොන් ට්රැප්ය. එනම් ඔහු මාරියා වොන් ට්‍රැප්ගේ හා පියාගේ දරුවකුය. සිනමාපටයේ දරුවන් හත්දෙනා බලා ගත් මාරියාගේ චරිතය රඟපෑවේ ජූලී ඇන්ඩෲස්ය. දෙවැනි දියණිය මාරියාගේ නම චිත්‍රපටයේදී හැඳින්වුයේ ලුසියා ලෙසය. ලුසියා ලෙස රැ¼ගුවේ හීදර් මොන්සයිස්ය. සිනමාපටයේ පියා රෞද්‍ර දැඩි නීතිධාරියකු ලෙස පෙන් වුව ද, සැබෑ පියා එසේ නොවන බව මිය යාමට කලකට පෙර මාරියා පවසා තිබේ. ඔවුන් ජීවත් වූ ඔස්ට්‍රියා හි, සැල්ස්බර්ග් හි නිවස ප්‍රථම වරට කෞතුකාගාරයක් ලෙසින් 2008 වසරේදීී විවෘත කළේ ද ඇය විසින්මය. නාසිවරුන්ගෙන් බේරීම සඳහා පලා යාමට පෙර ඔවුන් සැම ජීවත් වූයේ ඒ නිවෙසේමයි. මාරියාගේ නික්ම යාමත් සමඟ ඉතිරි වී සිටින්නේ කපිතාන්ගේ දෙවැනි විවාහයේ දූ දරුවන් පමණි. |