|
2014 තරු ගැන කී අනාවැකි
සුප්‍රසිද්ධ ඡ්‍යොතිශාස්ත්‍රඥ බෙජන් දරුවාලා පවසන පරිදි රිතික් රෝෂාන්ට 2015 වසරේදී
යළි මංගල යෝග උදා වෙයි. මේ අතරේ සුසේන් දරුවන්ගේ සහ තමන්ගේ නඩත්තුවට රුපියල් කෝටි
සියයක් ඉල්ලන බවට රාවයක් පතී. ‘ක්‍රිෂ් 3’ අති සාර්ථක වීම නිසා ඔහුට රුපියල් කෝටි
සියයක් යනු සිතට දැනෙන ගණනක් නොවන බව සුසේ දරුවාලාගේ අනාවැකිවලට අනුව ප්‍රියංකා චොප්රාට උදාවන වසර පෞද්ගලික වශයෙන් තරමක් කරදරකාරී වසරකි. එහෙත් වෘත්තීය ජීවිතයේ නම් නැග්මක් ඇති වනු ඇත. රන්බීර් කපූර්ට ඉදිරි පස් වසරම අති සාර්ථක ලෙසින් සැමරිය හැකියි. ගන දෙවියන්ගේ බැල්ම ලැබූ දීපිකා පදුකෝන් සහ ප්‍රේමණීය සල්මන් ඛාන් ඉදිරි වර්ෂයේදිී වඩාත් බැබලෙනු ඇත. 2014 වසර සුබම සුබ වසර වන සුපිරි තාරකාවන් ලෙස ඔහු නම් කරන්නේ දීපිකා පදුකෝන්, සල්මන් ඛාන් සහ රන්බීර් කපූර්ය. මේ අතර සෑම වර්ෂයකම තරුවල ඉදිරි වර්ෂය ගැන අකුරටම නිවැරැදි අනාවැකි කියන්නකු සේ ජනප්‍රිය භවික් සංග්වි තරුවල හෙට ගැන මෙසේ පවසති. අමීර් ඛාන් - ඉන්දියානු රුපියල් කෝටි හාර සියයකට මේ වන විට ‘ඩූම් 3’ ආදායම ආසන්න වෙමින් පවතී. ඒ දැවන්ත විජයග්‍රාහී අත්දැකීමත් සමඟ 2014 ට පා තබන අමීර් ඛාන්ට ‘පී. කේ.’ ලබන වසරේදී වාසනාව රැගෙන එයි. ඔහුගේ රූපවාහිනී වැඩ සටහන වැඩිම ප්‍රේක්ෂක මනාපයක් දිනනු ඇත. සුවදායක මනසකින් 2014 වසරම ඔහුට ගත කිරීමට වාසනාව ලැබේ. සල්මන් ඛාන් - ‘ජායි හෝ’ අති සාර්ථක වේ. ලබන වසරේදී සල්මන් ඛාන්ගේ සිත තවත් සුරූපිනියක වෙත ඇදී යනු ඇත. සුපුරුදු පරිදි 2014 දීී ද ඔහු තනිකඩ ජීවිතයකට උරුමකම් කියයි. ෂාරුක් ඛාන් – ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සිනමාපටයට සම්මාන රැසක් හිමි වනු ඇත. ‘හැපි නිව් ඉයර්’ ඔහුගේම සිනමා වාර්තා බිඳ හෙලයි. අයි පී එල් ‘කොල්කටා නයිට් රයිඩර්’ සාර්ථක තරඟාවලියක අත්දැකීම් එක් කරයි.
රන්බීර් කපූර් – පෞද්ගලික ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් අති සාර්ථකය. කති‍්‍රනාට යසට
කැපෙන රන්බීර් ලබන වසරේ අවසන් කාර්තුවේදී හෝ විවාහ ගිවිස ගැනීමේ සුබ පණිවුඩය
රසිකයන්ට දැනුම් දෙනු ඇත. ඔහු රැගූ ‘රෝයි සහ ජග්ගා’ සාර්ථක සිනමාපටයක් වේ. එහෙත්
වැඩි වාසනාවක් ගෙනෙන්නේ ලංකාවේදී රූගත කෙරුණු ‘බොම්බේ වෙල්වට්’ සිනමාපටයයි. රන්බීර්
කපූර් වෙනුවට රන්බීර් ආර් කපූර් ලෙස නම වෙනස් කිරීමෙන් ඔහුගේ වාසනාව දෙගුණ තෙගුණ
වේ. දීපිකා පදුකෝන් - කොචාඩයියන්, ෆයින්ඩිං ෆැනි ෆර්නැන්ඩස්, හැපි නිව් ඉයර් සිනමා රංගනයන්ගෙන් ඇය 2014 තමන්ගේම වසර කර ගන්නීය. දීපිකාට ගැළපෙන පෙම්වතකු නම් මේ වසරේදීත් මුණ නොගැසෙනු ඇත. අමිතාබ් බච්චන් - මෙගා තරුව අමිතාබ් බච්චන්ගේ සෞඛ්‍ය තත්ත්වය නව වසරේදී එතරම් යහපත් නොවෙයි. ආතතිය අමිතාබ් රෝගී කරන ප්‍රධාන හේතුවයි. ‘භූත් නාත් රිටර්න්ස්’ එතරම් සාර්ථක සිනමාපටයක් නොවනු ඇත. අයිශ්වර්යා රායි – 2014 වසරේ අවසානයට පෙර ඈෂ් රැගූ සිනමාපටයක් නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට වරම් ලැබෙනු ඇත. අක්ෂේ කුමාර් – පවුල ජීවිතය කරගත් ඔහුට පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ ලැබේ. ඔහුගේ ‘ඉට්ස් එන්ටර්ටෙයින්මන්ට්’ සහ ‘ගබ්බර්’ රසිකයන් මවිත කරන සිනමාපට වනු ඇත. ප්‍රියංකා චොප්රා - ‘ගුන්ඩේ’ සාර්ථකත්වය සමඟ වසර ඇරැඹෙයි. එහෙත් ඇයට වැඩි වාසනාවක් ගෙනෙන්නේ ‘මේරි කොම්’ චරිතයයි. වසර අවසන් වීමට පෙර කෙනකුª ගැන ඇයට සිතක් ඇති වෙයි. කරීනා කපූර් - ‘බෙබෝ’ සුද්ධි සමඟ යළි අති සාර්ථක නිළියන්ගේ නාම ලේඛනයේ ඉදිරියට පැමිණෙනු ඇත. |