|
බොක්ස් ඔෆිස් බ්ලොක්බස්ටර් සහ බොක්ස් ඔෆිස් බෝම්බ
චිත්‍රපට ලෝකයේ පසුගිය වසරේදී ද අතිශය සාර්ථක වූ විශිෂ්ට ආදායම් වාර්තා තැබූ බොක්ස්
ඔෆිස් බ්ලොක්බස්ටර් චිත්‍රපට සේම අතිශය අසාර්ථක ආදායම් ලද බොක්ස් ඔෆිස් බෝම්බ
මේ අතර, ජෙෆ් බ්‍රිජස් සහ රයන් රෙනොල්ඩ්ස් රඟන R.I.P.D..ඇමෙරිකානු ඩොලර් මිලියන
78ක් (රුපියල් කෝටි 1020 ක්) උපයමින් 2013 වසරේ අතිශය අලාභ වූ චිත්‍රපටය ලෙස වාර්තා
ගතවන චිත්‍රපටයයි. ලොවපුරා ආදායම ඇ.ඩො. මිලියන 918ක් උපයමින්, ' ඩේස්පිකබල් මී - 2' චිත්‍රපටය ඉහළ ආදායම් අතර දෙවැනි තැනට පත්ව තිබේ. වසර කිහිපයකට පෙර චිත්‍රපට නිර්මාණය ට බට දක්ෂ පරිගණක සජීවකරණ ශිල්පීන් දෙපොළක් වන පියරේ කොෆින් සහ ක්‍රිස් රෙනොල්ඩ් යන දෙදෙනා නිර්මාණය කළ චිත්‍රපටයක් මෙලෙස අතිශය ජනපි‍්‍රයත්වයට පත්වීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි. වින්ඩීසල් සහ පෝල්වෝකර් රගන නීතිවිරෝධී වීදි රේස් සහ මංකොල්ල වටා ගෙතුණු ක්‍රියාන්විත චිත්‍රපටයක් වන ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් - 6 චිත්‍රපටය ඩොලර් මිලියන 789 ක් උපයමින් ලොව ඉහළ ආදායම් ලද චිත්‍රපට අතර තෙවැනි තැනට පත්ව ඇත.අතිශය ජනපි‍්‍රයත්වයට පත් මෙම චිත්‍රපට මාලාවේ කේන්ද්‍රීය චරිතයකට වන පණපොවන පෝල් වෝකර් රංගන ශිල්පියා පසුගියදා අවාසනාවන්ත ලෙස රියඅනතුරකින් මියගියේ ‘ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් - 7’ චිත්‍රපටයද නිර්මාණය වෙමින් පවතින විටදීවීම අතිශය කණගාටුදායක පුවතකි. ලයන්ස් ගේට් සමාගම විසින් නිෂ්පාදිත ද හන්ග ගේම්ස්: කැචින් ෆයර් මෙම වසරේ සිව්වැනි ස්ථානයට වැඩිම ආදායම් ලද චිත්‍රපටය ලෙස තේරීපත්ව ඇති චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 769ක් වාර්තා කළේය.
මුන්ස්ටර් යුනිවර්සිටි චිත්‍රපටයද ලොව ඉහළ ආදායම් ලද චිත්‍රපට අතරට පැමිණෙන්නට වරම් ලබා ඇති චිත්‍රපටයකි. පරිගණක සජිවකරණ චිත්‍රපටයක් වන එය ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉපැයු මුදල ඩෙලර්මිලියන 744ක්. ඩොලර් මිලියන 662ක් වාර්තා කළ මෑන් ඔෆ් ස්ටීල් ආදායම් වාර්තා අතර හයවැනි ස්ථානය හිමිකරගෙන ඇති චිත්‍රපටය යි.
අභ්‍යාවකාශ වීර චාරිකාවක් රැගත් ග්‍රැවිටි ඩොලර් මිලියන 652ක් වාර්තා කරමින් හයවැනි
ස්ථානයේ පසුවෙද්දී තෝර් චිත්‍රපට මාලාවේ
එමෙන්ම හොලිවුඩයේ පසුගිය වසර තුළ ඉහළම ආදායමක් ලද රංගන ශිල්පිනිය බවට පත්වී ඇත්තේ ඇන්ජලීනා ජොලී ය. ෆෝබ්ස් සගරාවට අනුව ඇය පසුගිය වසරේදී ඩොලර් මිලියන 33ක් වාර්තා කර තිබේ. දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිව ඇත්තේ ජෙනිෆර් ලොව්රන්ස් සහ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හටය. ඉහළම ආදායමක් ලද හොලිවුඩ් රංගන ශිල්පියා වන්නේ ඩොලර් මිලියන 75ක් වාර්තා කළ රොබට් ඩොව්නි ය.ඩොලර් මිලියන 60ක ආදායමක් වාර්තා කළ චානින්ටැටුම් දෙවැනි ස්ථානයට සහ ඩොලර් මිලියන 60ක ආදායමක් ලද හියු ජැක්මන් තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
|