|
සරච්චන්ද්‍ර නාට්‍ය උළෙලක් 21 දා
එහිදී වේදිකා ගත වනුයේ මහ ඇඳුරු සරච්චන්ද්‍රයන්ගේම වේදිකා නාට්‍ය කිහිපයකි. ඒ අතර, අගෝස්තු 21 වැනිදා සහ 25 වැනිදා – මනමේ, 22 වැනිදා – කදා වළලු සමඟ එලොව ගිහින් මෙලොව ආවා, 23 වැනිදා – මහාසාර, 24 වැනිදා සහ 27 වැනිදා - සිංහබාහු, 26 වැනිදා – හස්තිකාන්ත මන්තරේ, 28 වැනිදා – මඟුල් ප්‍රස්තාව සමඟ ඒකට මට හිනා හිනා, 29 වැනිදා – කපුවා කපෝති, 30 වැනිදා – රත්නාවලී වේදිකා ගත වේ.
ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි
‘Dracula has Risin from the Grave’ චිත්‍රපටය ඇසුරින් ජයශංඛ කරුණාරත්න රචනා කළ ‘ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි’ ග්‍රන්ථය අගෝස්තු 21 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී. |