|
අර්ජුන්ගෙන් අහන්න
‘ශ්‍රී පතුල’ චිත්‍රපටය කවුරු විසින් අධ්‍යක්‍ෂණය කළේද. එහි රඟපෑ නළු නිළියන් කවුරුන්ද? එච්. එච්. ජයලත් – ගම්පහ ‘ශ්‍රී පතුල’ අධ්‍යක්‍ෂණය කළේ කේ. වෙන්කට්. මේ චිත්‍රපටයේ රඟපෑවේ ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම සමඟ සුවිනීතා වීරසිංහ හා විජය නන්දසිරි.
මෙම මස පළමුවැනි දින පළවූ ‘සරසවිය’ පුවත්පතේ ‘මේ පොත ඔබටද?’ යන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර ලෙස සඳහන්කර තිබුණේ ‘මුල්වරට ගාමිණී – මාලිනී රඟ පෑ චිත්‍රපටය ලෙස ‘පාරාවළලු’ යන්නයි. ඔවුන් දෙදෙනා ‘නිධානය’ චිත්‍රපටයේ එකට රඟපෑවේ ‘පාරාවළලු’ තිරගත වීමටත් පෙර නේද? ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද ගාමිණී – මාලිනී මුලින්ම රඟපෑවේ ‘පාරාවළලු’ චිත්‍රපටයේ යි. ඊට පසුව ඔවුන් රඟපෑ ‘නිධානය’ චිත්‍රපටය කලින් තිරගත වුවත්, ‘පාරාවළලු’ චිත්‍රපටයෙහි රූගත කිරීම් සිදු වූයේ නිධානය චිත්‍රපටයේ රූගත කිරීම්වලට කලිනි. ඒ බව ගාමිණී, මාලිනී යන දෙදෙනා ද ප්‍රකාශකර තිබේ. ගෝමස් මහත්තයෝ මේ කාරණය ඔබ වැනි සිනමා රසිකයෙක් නොදැන සිටීම විමතිය දනවන්නකි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිෂ්පාදනය කළ චිත්‍රපට මොනවාද? සුදත් නිශාන්ත - මීගමුව ඔහු ‘සක්විති සුවය’ චිත්‍රපටයේ නිෂ්පාදකයි.
ජානක ඉලුක්කුඹුර – කඩවත
හර්බට් රංජිත් පීරිස් යනු විවිධ විෂයයන් හි අති දක්‍ෂ නිර්මාණකරුවකු බව මගේ හැඟීමයි. එහෙත් ඔහු ගේ බොහෝ චිත්‍රපටවල දී ඔහුට තවත් බොහෝ දේ කිරීමට ඉඩක් ඉතුරු වී තිබුණු බවද කිව යුතුමයි.
එම්. කේ. කුමාරසිංහ - කොළඹ 09 නො 52, ආරියදාස පීරිස් මාවත, නුගේගොඩ
එක් අයෙක් කෝටි පහක් ඉල්ලා නඩු දමන විට ඊට විරුද්ධව තවකෙනෙක් කෝටි දහයක් ඉල්ලා නඩු දමන අයුරු පසුගිය දිනවල අප ජටුවේය. පෙර කරන ලද පවකට ඒ මුදල කිසියම් නිළියකට ගෙවන්නට සිදු වුවහොත් ඇය ඒ මුදල ගෙවන්නේ කෙලෙසද? චන්ද්‍රසිරි මානවඩු - අම්බලන්ගොඩ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
යූ. එච්. සුමනදාස - තිස්සමහාරාමය ගමරාළගේ චරිතය රඟන්නේ පුංචි තිරයෙහි හා රිදී තිරයෙහි රඟන බිමල් ජයකොඩිය. ගම මහගේ වන්නේ වේදිකාව, පුංචි තිරය හා සිනමාව ජයගත් ජයනි සේනානායක.
උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රිතුමියගේ හා අනර්කලී ආකර්ෂා පළාත් සභා මන්ත්‍රීතුමියගේ දුරකතන අංක අපට ලබා දිය හැකිද? ඩබ්ලිව්. ඩබ්ලිව්. දිල්ලිමුණි – කඹුරුපිටිය අපි ඔබට ඔවුන් දෙදෙනාගේ ලිපිනයන් ලබා දෙන්නමු. ඒ උපේක්ෂා ස්වර්ණමාලි, 38/28, 6 වන පටුමග, කුලසිරි කුමාරගේ මාවත, කටුවන, හෝමාගම හා අනර්කලී ආකර්ශා P.O බොක්ස් 19, 61, ෆ්ලවර් රෝඩ්, කොළඹ 07.
රංගන පාසලක් නොමැති වීම පිළිබඳ නිතර කතා කරන අය සරලා කාරියවසම් කෝකිල පවන් ජයසූරිය, නිත්‍යවානි කන්දසාමි වැනි ළමා නළු නිළියන් ගැන නොදන්නේද? ජෝ අබේවික්‍රම ගිය රංගන පාසල කුමක්ද? චන්ද්‍ර පෙරේරා - හොරණ
කුඩා දරුවන් රංගනයෙහි යෙදෙන්නේ හැදෑරීමකින් තොරව ඔවුන්ගේ සහජයෙන් ගෙනා හැකියාවෙනි. ඔවුන්ගේ මේ හැකියාව දක්ෂ අධ්‍යක්ෂවරයකුට උකහා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවේ. එසේ නම් රංගනය ශිල්පයක් ලෙස ප්‍රගුණ නොකළහොත් එහි ඇති වරදක් තිබේද? ලෝකයේ ඕනැම රටක රංගනය සඳහා පාසල් බිහි කරන්නේ එය ගැඹුරු විෂයක් නිසායි. රංගනය හදාරනවා යනු ගැඹුරු භාවනාවක් වැනි කටයුත්තකි. සම්මාන ලැබීමෙන් පසු රඟපෑම යනු තවදුරටත් ඉගෙන ගත යුතු විෂයක් යැයි මේ රටේ වටහා ගත්තේ අනෝජා වීරසිංහ බව මම ඇයට ගෞරවයක් පිණිස සඳහන් කරමි.
කොතරම් මෙරට සිනමා විචාරකයන් සිටියත් ජයවිලාල් විලේගොඩ සිනමා විචාරකයා කැපී පෙනෙන්නේ අගය කරන්නේ කුමන කරුණක් නිසාද? මැණිකේ විල්වල හා තිලකරත්න විල්වල – කෑගල්ල විලේගොඩගේ විචාර තරම් ජන හදට කා වැදුණු විචාරයක් තවත් නැත. එමෙන් ඔහු තරම් සිනමා කර්මාන්තයට බලපෑම් කළ විචාරකයෙක් තවත් නොවේ. ඔහුගේ කර්කශ විවේචනයට බිය වීම නිසා තිරගතවීමට තිබෙන චිත්‍රපට පවා සංස්කරණය වූ අවස්ථා එමටය. ඔහුගේ සිනමා විචාරවල තිබුණේ සිනමා මාධ්‍ය පිළිබඳ හදාරමින් කළ විචාරයකට වඩා සිනමා රසිකයකු කළ සිනමා විචාරයයි. සිනමා විචාරයේදී ඔහු කෙරෙහි වූ අදීන බව අප අගය කළ යුතුය. ඔහු කළ සිනමා විචාර තරම් මෙරට ජනතාවට බලපෑ වෙනත් විචාරයක් නැත්තේ ද එබැවිනි.
|