|
තවමත් මගේ හිතේ ඒ හීනය ජීවත් වෙනවා
අද The Gallary සමඟ එක් වන්නේ රශ්මි පුෂ්පිකා. දාහත් වසරක් කලා ලොවේ කටයුතු අතරේ නියැළී හිඳින ඈ මේ දිනවල තිරගත වන ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ මාරි නිසා කා අතරත් කතාබහට ලක්වෙනවා. අහම්බෙන් රංගනයට එක් වූ රශ්මි රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසටත් ජනප්‍රියයි.
අපි ඒ ආදරණීය හිත හමු වෙමු.
රශ්මි දැන් ජනප්‍රිය චරිතයක්? මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙනවා ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ මාරි චරිතය නිසා. ඒ චරිතය කටකාර දඟකාර චරිතයක්. සාමානන්‍ය ජීවිතයේ රශ්මි මාරි වගේද? නැහැ. මං ඊට හාත්පස වෙනස් චරිතයක්. කොහොමද මේ ගමන ඇරැඹුණේ? පෙර පාසල් සහ පාසල් වේදිකාව තමයි මගේ රංගන ගමනේ ආරම්භය. කුඩා කාලයේ සිටම රඟපාන්න ආශාවක් ඇත්තටම තිබුණා. හැකියාවකුත් තිබුණා. ඒත් මෙච්චර දුර එන හිතක් තිබුණේ නැහැ. කොහොමද මේ දුර ගමන ඇරැඹුණේ? මගේ අම්මගේ මහ ගෙදර මීට ටික කලකට ඉහතදී ටෙලි නාට්‍යයක් රූගත කළා. ඒ එරංග සේනාරත්න මහත්මයාගේ ටෙලි නාට්‍යයක්. ඒ රූගත කිරීම් අතරතුරදී මට සේනක විජේසිංහ හඳුනා ගත්තා. කලකට පසු එතුමාගේ නිර්මාණයකට මා දායක කර ගත්තේ මේ අලුත් ගමනට පාර තනමින්. අධ්‍යක්ෂණයට පිවිසුණේ කොයි කාලෙද? 2011 දෙසැම්බර් 25 වැනිදා දවල් දොළහට මගේ ටෙලි නාට්‍යයක් විකාශනය වුණා. ඒකෙ නම සිහින පිරුණ නත්තලක්. එදා තමයි මගේ නිර්මාණයක් මුලින්ම ජනතාව දුටුවේ. ඔබ දමිළ චිත්‍රපටවලට දායක වෙලා තිබෙනවාද? ඔව්. 2002 වසරේදී මම ඉන්දියානු චිත්‍රපටයක උප ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ඉන් පසුව දමිළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණා. පසුව මම චිත්‍රපට හයක විතර චරිත නිරූපණය කළා. රශ්මි වෘත්තිමය නිළියක්ද? නැහැ. රූපලාවණ්‍ය කටයුතුවලට අමතරව මම ව්‍යාපාරයක් කරනවා. මොනවද ව්‍යාපාර? නිමි ඇඳුම් සහ පාවහන්. මගේ අලුත්ම ව්‍යාපාරික ස්ථානය අද කොට්ටාවේදී විවෘත වෙනවා. වේදිකාව ඔබට නුහුරු තැනක් නෙවෙයි?
කොහොමද ප්‍රතිචාර? ඉතාමත් හොඳයි. ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය ඉතාමත් සාර්ථකව තිරගත වෙනවා. මේ චිත්‍රපටය ඉතාමත් අලංකාර නිර්මාණයක්. ඒ චිත්‍රපටය සඳහා හොද ප්‍රතිචාර විඳීමිනුයි ඉන්නේ. නිරූපිකාවක් නිවේදිකාවක් වෙන්න අදහසක් නැද්ද? නිවේදිකාවක් වීම තමයි මගේ කුඩා කාලෙ හීනෙ වුණේ. වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල සමඟ එහි වැඩසටහනක් ඉදිරිපත් කළා. තවමත් මගේ හිතේ ඒ හීනය ජීවත් වෙනවා. නිරූපිකාවක් ලෙසටත් මා කටයුතු කරනවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සහභාගි වුණා. ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ? ක්ෂේත්‍රය හොඳයි. ඇතැම් වෙලාවට කලකිරීමක් ඇති නොවෙනවාත් නොවෙයි. හොඳින් අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කරනවා. ඔයා තවම තනිකඩයි. ඔව්. ජීවිතයේ ඉදිරිය කොහොම තීරණය වේවි ද කියලා අපට කියන්න බැහැ. තවම තනිකඩයි. ජීවිතේ ගැන මොකද හිතන්නේ? ජීවිතය කියන්නේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් විඳීය යුතු දෙයක්. ඉදිරියේදී කොහොමද ඔබව හමු වෙන්නේ? රන් කිරුළ සහ බෝනික්කා චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි. විද්‍යුත් ලිපිනය කියමුද?
|