|
‘සංකලන 07 ප්‍රසංගය’ පිළිබඳ රහල් බුලත්සිංහලගේ සිතුවිල්ල
මේ පුවත නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් නරඹා දුක, සතුට එක සේ විඳි අපූරු කලාකරුවෙකු
පිළිබඳවයි. ඔහු නරඹා තිබුණේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත්
කළ සංකලන 07 ප්‍රසංගයයි. ඔහු රංගන ශිල්පි රහල් බුලත්සිංහල. තමා ධර්මපාල විද්‍යාලයීය සිසුවෙකුව සිටියදී නෙළුම් පොකුණ වැනි රඟහලක තියා ටවර් රඟහල වේදිකාවටවත් පා තැබීමට වරම් නොලැබීම ගැන දුක් වුව ද වත්මන් ධර්මපාල සිසු දරුවන්ගේ කලා කුසලතා දැක අතිශය සතුටට පත්ව සිටින්නේය. ඔහු ඒ බව දන්වමින් විදුහල්පතිවරයාට ලිපියක් ලියන්නේ රටේ අනාගතය භාර මේ දරුවන් මව්බිමේ සංස්කෘතිය හා කලාව දායාද කිරීම පිළිබඳ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයට ස්තුති කරමිනි.
චානක විදානපතිරණ ලියූ ‘මිරිසවැටිය මහා චෛත්‍ය වර්ණනාව’ 25 දා දොරට වඩී
ගයාන් චානක විදානපතිරණ ලියූ ‘මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව’ බෞද්ධ ග්‍රන්ථය ලබන 25 වැනිදා කොළඹ, මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී. ධාතු විස්තරය නම් ග්‍රන්ථය ඇතුළුව අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා ග්‍රන්ථ රැසක් ඔහු රචනා කළ කෘති අතර වේ. |