|
දිරිය සමනළිය තවමත් පියඹන්නීය‘සමනළ තටු’ චිත්‍රපටයෙන් අප හමු වූ දුලාංජලීගේ කතාව කියවමුආයෙත් රඟපාන්න ආසයි
ඇගේ සියුමැලි උවන නාඹර සඳමඬලක් යැයි මට සිතිණ. එහි උතුරා දෝරෙ ගලා යන සෙම්නසෙහි ආනන්දය කිසිදා නිමා නොවන මහා ගඟුලකට සමානය. ජීවිතයේ ඇය නොලද දේ බොහෝය. එනමුදු ඒවායින් ඇයට කිසිදු පළක් නැත. තමා ලද සුළු දෙයින් ඕනෑවටත් වඩා ඕ තෘප්තිමත් වන්නීය.
අභාග්‍යකට ඈ ඉන් ඉදිරියට කිසිදු නිර්මාණයකින් දක්නට ලැබුණේ නැත. ඇගේ පළමු සහ අවසන් රංගනය සමනළ තටු වූවේය. දුලාංජලී ආරියතිලක. ඈ අද භද්‍ර යෞවනියකි.
කලකට පෙර දුලාංජලී පිළිබඳ පුවත්පත් ලිපි අනන්තවත් පළ විය. ඒ කාලය තුළදී අප ඇයව
වඩාත් එනමුදු ඉඳහිට රූපවාහිනි නාළිකාවක සමනළ තටු දිග හැරෙද්දී ඇයව යටි හිතේ මතකයෙන් ඇවිස්සෙන්නේ ‘අනේ’ යන වචනය ද මුවින් පිට වෙමිනි.
දුලාංජලී මේ බව හොඳින් වටහාගෙන කල් ගෙවන්නීය. තමාට ලැබෙන අභියෝග ආශිර්වාදයක් කොට ජීවිතය ජය ගන්නට වෙර දරන්නීය. එයට ළඟම උදාහරණය ගියවර ඇය පෙනී සිටි සාමාන්‍ය පෙළ විභාගයයි. ඉන් ඇය ඉහළින්ම සමත් වූයේ සැවොම විමතියට පත් කරමිනි. මං බොහොම සාමාන්‍ය විදිහටයි විභාගයට මුහුණ දුන්නේ. කිසිම බයක් දැනුණේ නැහැ. අනිත් ළමයි වගේම පිළිතුරු ලිව්වා. ඇය පවසන්නීය. බලන්න අගේ වචනවල ප්‍රබලත්වය. දුලාංජලී කොතරම් ආදර්ශවත් සිසුවියක් ද? ඉතින් ඇය දිරිය දියණියක් නොවේ ද?
රඟපාන්න ආරාධනාවක් ලැබෙන තෙක් මං අදත් බලාගෙන ඉන්නවා. බලාපොරොත්තු දහසක් හදෙහි දල්වා ගත් ඇය එලස කීවාය. රංගනයට ඇති නොනිමි ආශාව ඉන් කොතරම් සනාථ වීදැයි මට දැණින.
දසුන් අයියා මට තවමත් කතා කරලා දුක සැප අහනවා. දුලාංජලී සමනළ තටු හී තම වැඩිමහල් සහෝදරයා ලෙස රඟපෑ දසුන්ව මතක් කෙරුවාය. ඔවුන් දෙදෙනා එහි සමහර දර්ශනවලදී සැබැවින්ම රණ්ඩු කොට ඇති බව මම අසා ඇත්තෙමි. සැබෑ ජීවිතයේදීත් මට ටිකක් තරහ යනවා. එදා දසුන් අයියත් එක්ක රණ්ඩු වෙන්න කලින් ඔහු මාව ටිකක් විතර ඇවිස්සුවා. අතීතයට ගමන්කොට ඇගේ මුහුණ සිනහවෙන් පුරවා ගත්තීය. ආයෙත් ඒ කාලයට පිය මනින්ට ඇත්නම් යන සිතුවිල්ලද දුලාංජලීගේ සිතෙහි ඇති බව නොඅනුමානය.
ජීවිතයේ ඇය ගෙන උපන් වත්කම තනිකමය. එය අදටත් එලෙසමය. දුලාංජලී විවේකී වේලාවට අන්තර් ජාලයේ සැරිසැරීමට උනන්දු වන්නේ අලුත්ම චිත්‍රපට ගැන දැනගැනීමටය. දවසට එක් චිත්‍රපටයක් හෝ නරඹා තෘප්තිමත් වන ඇය වඩාත් ආස කරනුයේ ක්‍රියාදාම චිත්‍රපටවලටය.
එමෙන්ම මෙරට නිර්මාණය වන සිනමා සිතුවම් ද නොවරදාම
නැරැඹීමට ඇය ප්‍රිය කරන්නීය. සිය තීක්ෂණ දෑසින් ඒවා නරඹා අඩුපාඩු කියන්නට තරම් ඇය
දැනුමින් පොහොසත්ය. මේ අතර වාරයේ තම ජීවිත ගමන් මගෙහි තවත් කඩුල්ලක් පැනීමට දුලාංජලි සූදානමිනි. ඒ සඳහා කිසිවෙකුගේ හෝ අතදීමට ප්‍රථම ස්ව උත්සාහයෙන් ඒ අභියෝගය ඈ ජය ගනු නියතය. මට ඕනෑ හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න.
තව නොබෝ කලකින් දුලාංජලීගේ අපූරු ග්‍රැෆික් නිර්මාණ අපට විඳින්නට ද හැකි වනු ඇත. පැතුම් මල්ලක් සිතෙහි එල්ල නොගත් දුලාංජලී මිනිස් වර්ගයාගේ අනුකම්පාවෙක් පමණක් ජීවත් නොවන බව සැබෑය. ඇය තුළ මේ වන විට රෝපණය වෙමින් පවතින අධිෂ්ඨානයේ අංකුර තව බොහොම ටික කාලයකින් අති දැවැන්ත වෘක්ෂයක් වනු ඇතැයි ඉර හඳ සේ විශ්වාසය. ධනාත්මක චින්තනයේ මකනයෙන් නිබඳව ඇය දුක් දෝමනස්ස ඉවත්කර ගන්නීය. ඕනෑම දෙයකට ඇති පුළුල් අවබෝධය සුබ අනාගතයකට මාවත සකසන්නීය.
කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයෙන්
අධ්‍යාපනය හැදෑරූ ඇය සිය පාසල් මාතාවට අදටත් පුංචි කාලයේ සිට කැත කුණු අතගාමින් නේත්‍රා යුවළ සේ තමාව රැක බලා ගත් යුවළව (ඇය ඔවුනට ආමන්ත්‍රණය කරනුයේ මව සහ පියා ලෙසටය) සහ සෝමෙ - රේණුකා යන දෙපොළම සහ විද්‍යාලයේ විදුහල්පතිතුමා හද පිරි භක්තියෙන් මතක් කරන්නීය. ඈත ඉගිල යන විහඟුන් ඇගේ දෑසට හොඳින් පෙනෙන්නේය. ඒ රෑනට එකතු වන්නට අතීතයේදී දුලාංජලී වෙර දරන්නට ඇත. එම උත්සාහය ද අසාර්ථක වන තැන රෑනේ විහඟුන් ඇයට ඔච්චම් කරන්නට ද ඇත. මේවායින් මඳකුදු නොසැලුණු ඕ සිතින් පමණක් ජීවිතය විඳින්නට හැකි යැයි අන්‍යනට මනාව පසක්කර දුන්නාය. එයින් නොනැවතුණු දුලාංජලී තම ඉලක්ක කර යාමට ඇත්තටම අත්‍යවශ්‍ය ආත්ම ශක්තිය බව ද ක්‍රියාවෙන් ඔප්පු කරලීය. මේ දිරිය සමනළිය කෙදිනක හෝ මුළු ලොවම ජයගන්නා තැනට පියාසර කරනු ඇත. අප ද මේ සටහන ඔස්සේ ඇයට ආශිර්වාද කරනුයේ එය අපතේ නොයන සුබපැතුමක් බව තරයේ මතක තබා ගනිමින්ය.
|