|
පේමක්කා මගේ හිතේ
ඉහළම තැනක රැඳී ඉන්නවා
කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම රංගන ශිල්පියකුගේම ශිල්පිනියකගේම බලාපොරොත්තුව තමන්ට ලැබෙන චරිත සාර්ථක අන්දමින් නිරූපණය කිරීමයි.
ඒ වුණත් තමන් ප්‍රිය කරන හැම අද තමන් ප්‍රිය කළ චරිත ගැන අපට කියන්නේ සම්මානනීය සිනමා නිළි නීටා ප්‍රනාන්දු. හෙළ සිනමාවේ මා වඩාත් ප්‍රිය කළ චරිතයක් තමයි ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ පේමක්කාගේ චරිතය. පේමක්කා කියන්නේ නාගරික සමාජයේ ජීවත්වන ගණිකා වෘත්තියේ යෙදෙන ගැහැනියක්. මෙහි පේමක්කාගේ චරිතයට පණ පෙවූ මාලිනිය ඇය සතු රංග පෞරුෂය සමඟ එම චරිතයේ ජීවත් වූ ආකාරය මගේ හිතේ ඇඳ බැඳ තබා ගත්තේ පුදුමාකාර අන්දමකින්.
අපේ සිනමා නිර්මාණ අතර වූ ‘දෑස නිසා’ චිත්‍රපටයේ ශ්‍රියානි අමරසේන කළ රංගනයත් මගේ හිතේ සුවිශේෂී ලෙස සනිටුහන් වූ චරිතයක්. ඇත්තටම දෑස නිසා චිත්‍රපටයේ ශ්‍රියානි කළ ඒ චරිතය මගේ හිතේත් තිබුණ ලොකුම සිහිනයක්. මම ඒ වගේ චරිතයක් නිරූපණය කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. ශ්‍රියානි එහි ඇස් නොපෙණෙන ලෙස කළ ඒ රංගනනය ඇයගේ තියෙන අහිංසකකමත් එක්ක හරි අපූරු ලෙස ගැළපුණා. මමත් හරිම ආසයි එවැනි චරිතයක් නිරූපණය කරන්න. ඒත් මට තවම එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ.
ඒ වගේම ‘දඩයම’ චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවආරච්චි කළ රංගනයත් සුවිශේෂියි. ඇය කළ රංගනය
හරිම අපූරුයි. එහිදී මම එය ඇගේ රංගනයකට වඩා ඇයටම සිදු වූ දෙයක් ලෙස දුටුවා. එහි ඇති
ස්වභාවිකත්වය නිසාම සර්වර්ණා කළ ඒ චරිතය මගේ හිතේ සුවිශේෂී අයුරින් සටහන් වෙලා
තියෙනවා. ‘පරසතු මල්’ චිත්‍රපටයේ අනුලා කරුණාතිලකගේ රංගනයටත් මගේ දැඩි ඇල්මක් තියෙනවා.
එහිදී ඔහු සෑම චරිතයක් සඳහාම නියම සුදුස්සන් තෝරා ගෙන තිබුණා. එහිදී අනුලාගේ චරිතය විශේෂයෙන් කැපී පෙනුණේ ඇය එහි අවසානයේදී ගාමිණී මරණාසන්න වූ අවස්ථාවේ තම හිතේ තිබූ වෛරය පෙන්නුම් කළ ආකාරයයි. එය අනුලා හරිම අපූරු ලෙස රංග ගත කළා. ඇයගේ පෙනුමත් ඒ චරිතයට මනාව ගැළපුණා. සුන්දර ගැමි තාරුණ්‍යය ඉස්මතුª කළ ‘ගම්පෙරළියේ’ නන්දාගේ චරිතයත් මා ප්‍රිය කරන චරිත අතර සුවිශේෂයි. දකුණු ඉන්දීය ආභාසයෙන් මිදී පුණ්‍යා හීන්දෙණිය කළ රංගනය මා එම චරිතය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතුª වුණා කිව්වොත් නිවැරදියි. ඇයට තියෙන්නේ ස්වාභාවික ගැමි පෙනුමක්.
මන්ද ඇයගේ චරිතය මෙම විකට චරිත අතර විකට චරිතයක් නොවූ නිසා. ඒ නිසාම සේපාලිකාගේ ඒ සීරියස් චරිතය මගේ හද බැඳ ගත් එකක් වෙන්න හේතුªවුණා. චිත්‍රපට වගේම මම වේදිකාවටත් බොහෝ සේ ප්‍රිය කරනවා. ඒ අතර ගුණසේන ගලප්පත්තිගේ ‘මුහුදු පුත්තුªª’ වේදිකා නාට්‍යයේ සෝමලතා සුබසිංහ කළ රංගනය විශේෂ ආකාරයෙන් මගේ හිතේ සනිටුහන් වෙලා තියෙනවා.
එහිදී ඇය ගැහැනියකගේ ස්වරූපය පෙන්වමින් කළ රංගනය හරිම
අපූරුයි. ඒ කාලේ ඒ නාට්‍යය නැරඹීමෙන් චරිතය වගේම සෝමලතා සුබසිංහත් මා කැමැති චරිත
අතරට එක් වුණා.
ඇත්තටම ඒ චරිතය අපට නිතරම දක්නට නොලැබෙන සුවිශේෂ චරිතයක්. ඒ වගේම ඇය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙමින් මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ කළ රංගනයත් මා දැඩි ලෙස ප්‍රිය කරන්නක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලද මෙම චරිතය අද නවක රංගන ශිල්පීන් අධ්‍යයනය කළ යුතු එකක් කියා මම හිතනවා. අපේ සිනමාවේ ඉතා අනර්ඝ චිත්‍රපට රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතර මම අගය කරන චරිත රැසක්ම තියෙනවා. මමත් ඒ චරිතවලින් බොහෝ දේ ඉගෙන ගත්තා. එහිදී මගේ වැඩි අවධානය යොමු වුණේ චරිතයක් මවන්නේ කෙළෙස ද යන දේ ඒ තුළින් මම උකහා ගෙන තියෙනවා. එය අනුකරණය කිරීම නොවෙයි. වර්තමානයේ කලා ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට මෙම නිර්මාණ තුළ ගත යුතු බොහෝ දේ තියෙනවා. මගේ රංගන ජීවිතය තුළ මා බලාපොරොත්තු වූ බොහෝ චරිත මට ලැබුණා. එසේ ලද සෑම චරිතයක් පිළිබඳවම මා සිත තුළ තියෙන්නේ ඉහළම තෘප්තියක්.
|