බලනවා නම් චිත්‍රපට
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට
අත්වැලක් වෙන්නයි මේ වෑයම.
Parker
ටේලර් හැක්ෆොර්ඩ් විසින් අධ්‍යක්ෂණය කළ ‘පාකර්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත්
හොලිවුඩ් චිත්‍රපටයක්.
පාකර් කෘති මාලවේ 19 වැනි කෘතිය වන ෆ්ලෑෂ්ෆයර් ඇසුරින්
නිර්මාණය වූ මෙය මිනිත්තු 118 ක ධාවන කාලයකින් යුතු වේ.
ජේසන් ස්ටැතම්, ජෙනිෆර්
ලෝපේස්, නික් නොල්ට්, මයිකල් චික්ලිස්, වෙන්ඩෙල් පිරිස්, එමා බූත් ඇතුළු පිරිසක්
මෙහි චරිත නිරූපණය කරති.
John Dies At The End
‘ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ්’ හාස්‍යමුසු වූ ත්‍රාසජනක සිදුවීම් රැගත් හොලිවුඩ්
චිත්‍රපටයක්. ඩොන් කොසැක්රිලි අධ්‍යක්ෂණය කළ මෙය ඩේවිඩ් වොන්ග් ගේ ජෝන් ඩයස් ඇට් දි
එන්ඩ් කෘතිය ඇසුරින් නිර්මාණය කර ඇත.
චේස් විලියම්සන්, ග්ලෙග් ටෲමන්, ඩැනියෙල්
රොබුක්, ජිමි වොන්ග්, ඩග් ජෝන්ස් ඇතුළු පිරිසක් දායක වන ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ්
මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ.
Broken City
‘බ්‍රෝකන් සිටි’ අපරාධයක කතා පුවතක් ගෙන එන හොලිවුඩ් චිත්‍රපටයක්. ඇලන් හග්ස්
විසින් අධ්‍යක්ෂණය කළ මෙහි මාර්ක් වොහ්බර්ග්, රුසෙල් ක්රෝව්, නටාලි මාටින්ස්,
ජෙෆ්රි රයිට්, ඇලෝනා ටාල්්, කයිල් චැන්ඩ්ලර්, බැරී පෙපර්, ජස්ටින් කැම්බර්ස්
ප්‍රධාන චරිත සඳහා දායක වෙති.
Mama
ඇන්ඩ්‍රේ මුෂිටි විසින් අධ්‍යක්ෂණය කළ ‘මමා’ ත්‍රාසජනක සිදුවීමක් රැගත්
චිත්‍රපටයක්.
ඔහු විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් නිපද වූ කෙටි චිත්‍රපටයක් පසුබිම් කරගෙන
නිර්මාණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු සියයක ධාවන කාලයකින් යුක්ත වේ.
ජෙසිකා
කැස්ටෙයින්, නිකොලා කෝස්ටර්, මෙගාන් කාපෙන්ටියර්, ඉසබෙලා නෙලිස්, ඩැනියෙල් කාෂ්
මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කරති.
Wanderlust
ඩේවිඩ් වේන් විසින් අධ්‍යක්ෂණය කළ ‘වොන්ඩර්ලස්ට්’ හාස්‍යමය සිදුවීම් පෙළක් රැගත්
හොලිවුඩ් චිත්‍රපටයක්.
පාවුල් රුඩ්, ජෙනිෆර් ඇනිස්ටන්, ඇලන් ආල්ඩා, මාලින් ආකර්මන්
ඇතුළු පිරිසක් මේ සඳහා චරිත නිරූපණයෙන් දායක වෙති.
‘වොන්ඩර්ලස්ට්’ මිනිත්තු 98 ක
ධාවන කාලයක් රැගත් චිත්‍රපටයකි.
Mumbai
Mirror
අපරාධයක් පිළිබඳ කතා පුවතක් ගෙන එන ‘මුම්බායි මිරර්’ හින්දි චිත්‍රපටය අන්කුෂ්
භට්ගේ අධ්‍යක්ෂණයකි.
සචින් ජෝෂි, ප්‍රකාශ් රාජ්, විමලා රාමන්, ගිහානා ඛාන්,
ප්‍රශාන්ත් නාරායනන්, ආදිත්‍ය පන්චෝලි, මහේෂ් මන්ජේකර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය
කරති.
Listen Amaya
‘ලිස්න් අමායා’ හිතවත්කම්, බැඳීම් ගැන කියන හින්දි චිත්‍රපටයක්.
අවිනාශ් කුමාර්
සින්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ෆාරුක් ශීක්, දීප්ති නාවල්, ස්වාරා භෂ්කාව්,
සිද්ධාන්ත් කාර්නික්, විජය භූෂාන්, ෂදාබ් ඛාන් ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
Akaash
Vani
‘ආකාශ් වානි’ ආදර කතා පුවතක් රැගත් නවතම හින්දි චිත්‍රපටයක්.
ල්‍යුව් රාජන්
අධ්‍යක්ෂණය කළ ආකාශ් වානි හි නුෂාරක් තරුෂා සමඟින් කාර්තික් තිවාරි ප්‍රධාන චරිත
සඳහා පණ පොවති.
- යතේජා ඥානරත්න
|