|
රෝමයේ කාමරයක ගැහැනු දෙදෙනෙක්Room in Rome
එහෙත් ඔවුන් වෙන්ව යන්නේ නැත.එකියක් අනිකියට ආරාධනා කරන්නීය.තරමක් අදි මදි කිරීමකින් පසු හෝටලයේ නවාතැන්ගෙන සිටින කාන්තාවගේ කාමරයට පිවිසීමට අනිත් එකිය සූදානම්ය.ඔවුන් දෙරටකය.එකියක රුසියානුවෙකි.
අනික් කාන්තාව ස්පාඤ්ඤයේය.ඔවුන් මුණ
ගැසෙන්නේ රෝමයේය.ස්පාඥ්ඤ ජාතික කාන්තාව නතරව සිටින කාමරය පහසුවෙන් සොයා ගත හැක්කේ
එය ධජ පතාක දෙකකින් සැරසී ඇති බැවිනි.එකක් යුරෝපා කොඩියයි. අනෙක රෝම කොඩියයි.මැද
කොඩි කනුව තවම හිස්ය.ඉඳීන් රෝමයේ හමුව මේ මැදියම ආසන්නය.ඔවුන් දෙදෙනා නැතිනම් ඇල්බා සහ නටාෂා ලෙස අනතුරුව අප හඳුනාගන්නා කාන්තාවෝ දෙපොලගේ යාළු කම බැලූ බැල්මට පැරණි එකකි. එහෙත් ඔවුනොවුන් හඳුනාගෙන ඇත්තේ එයට පැය කිහිපයකට පෙර අවන්හලකය. එහෙත් එය කියන්නට සිනමාකරු උපයෝගී කොට නොගන්නේ අතීතාවර්ජනයි.එය පමණක් නොව එතැනින් එහා මේ ගැහැනුන් දෙදෙනා ලවා එකිනෙකාගේ ආත්මයන් අවුස්සාලන්නට සිනමාකරු කිසිවිටකත් අතීතාවර්ජන රූප කතනයකට නොයෙදෙයි. මෑත භාගයේ මා නැරඹූ බොහෝ හොලිවුඩ් නිර්මාණ මහත් කන්කරච්චලයක් වූ අවස්ථා එමටය. ඒවා සිනමාකරුවා අබිබවා දෘෂ්ටි ප්‍රයෝග ඉස්මතු වූ අවස්ථාවන්ය.වර්තමානයේ බොහෝ හොලිවුඩ් චිත්‍රපට වැඩ පෙන්වන්නට පටන් ගෙන තිබෙන්නේ එහි පෙර තිබූ ජීව ගුණය අඩු කරලමිනි.මේ ජීව ගුණය යනු එහි තිබූ මානුෂීය සබඳතාවන්ය. එහෙත් තවමත් එබඳු චිත්‍රපට හොලිවුඩ්හි නැතුවා නොවේ.එහෙත් රූම් ඉන් ද රෝම් හොලිවුඩ් චිත්‍රපටයක් නොවේ. එය ස්පාඤ්ඤ චිත්‍රපටයකි.ද රෙඩ් ස්ක්වල්, ලවර්ස් ඔෆ් ද ආක්ටික් සර්ක්ල්, සෙක්ස් ඇන්ඩ් ලුෂියා ඇතුළු චිත්‍රපට රැසක් නිර්මාණය කළ ජුලියෝ මෙඩම් එහි නිර්මාණකරුවාය. වෛද්‍යවරයෙකු ලෙස අධ්‍යාපනය හදාල ඔහු දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ද කටයුතු කෙරූවෙකි.
එහෙත් ඇතැම්
දොස්තර සිනමා විචාරකයන් මෙන් නොව ජුලියෝ දොස්තර කමට අමතරවසිනමාව හදාරන්නට පටන්
ඔහු මුල් වර තැනූ වෘතාන්තය කව් නම් විය.ඔහු ගේ චිත්‍රපට අතරින් මවිසින් තෝරා ගන්නා ලද රූම් ඉන් ද රෝම් චිත්‍රපටය එයට වසර ගණනාවකට පෙර චිලී ජාතික සිනමාකරු මාතියස් වීස් විසින් නිර්මාණය කරන ලද ඉන් බෙඩ් නම් චිත්‍රපටයේම ප්‍රතිනිර්මාණයක් ලෙස දක්වනු ලැබේ.කෙසේ හෝ වේවා ජුලියෝ මේ ගැහැනුන් දෙදෙනා සමග ජීවිතය විනිවිද යන සිනමා ප්‍රකාශයක් නරඹන්නට අපට අවස්ථාව ලබා දෙයි. ඔහු මහ මග හදිසියේ හමුවන ගැහැනුන් දෙදෙනා සමග ඇල්බාගේ නවාතැන ඇතුළට අප රැගෙන යයි. එය සුවිසල් හෝටලයක ඇති රමණීය යුගල කාමරයකි.නැතහොත් සුවිට් එකකි.අනතුරුව මේ චිත්‍රපටය සහමුලින්ම දිග හැරෙන්නේ මේ කාමරය ඇතුළේ එකී කාන්තාවන් දෙදෙනා වටාය.ඔවුන් සළු පිළි මුදා හරිති.නාන කාමරයේ ද සයනයේ ද ස්ත්‍රී රතියෙන් මත් වෙති.
ඇල්බා ස්ත්‍රී ලොල් කාන්තාවකි.එහෙත් ඇයගේ ජීවිතයේ මූලාරම්භ ය එය නොවේ. නටාෂා තව නොබෝ දිනකින් විවාහ වන්නීය. එහෙත් එදින රාත්‍රියේ ඇය ඇල්බාගේ ආලිංගනයට වසඟ වන්නීය. එය සිනමාකරු රූගන්වන්නේ රූපය පිළිබඳ විශ්වාසයෙන් යුතු වය. එය සමහරවිට සාමාන්‍ය චිත්‍රපටයක ඇති එබඳු ස්ත්‍රී ආලිංගන දර්ශන අබිබවා යන්නකි. එහෙත් මේ චිත්‍රපටය ස්පාඤ්ඤ චිත්‍රපටයකි.එහෙත් එකී සභ්‍ය සීමාවන් මතුවන්නේ ජාගර සිතක පමණී.එයට වඩා කම්පිතව මේ නන්නාදුනනා ගැහැනුන් පිළිබඳ ආත්ම අනුකම්පාවක් උපදවා දීමට සිනමාකරු සමත් වෙයි.එකිනෙකාගේ ආත්මයන් වෙත නැතිනම් ඉන් බැහැර ලෝකය වෙත පිය නගන්නට ඔවුනට අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රය වරක උපකාරී වෙයි.වරක කාමරයට එන හාදයා නොවන්නට මේ මුළු චිත්‍රපටයම දිග හැරෙන්නේ මේ ගැහැනුන් දෙදෙනා සමගය.එමෙන්ම මේ කාමරය ඇතුළේය.
එහි එන ගැහැනුන් දෙදෙනා වීදිය දිගේ එන දර්ශණය ද අවසානයේ වෙන්ව යන
මෙඩම්ගේ මෙකී සිනමා භාවිතය වඩා නෑකම් කියමින් සිනමාව පිළිබද අසූව දශකයේ මහත් ආශ්වාදයක් අපට ගෙන දුන් මෙයට ටික කලකට පෙර පරලෝ සැපත් වූ පෝලන්තයේ ක්‍රිස්ටෝෆ් කිසලොව්ස්කි ගේ සිනමාව අපට සිහිපත් කරවන්නකි.කිසලොව්ස්කි මෙන්ම මෙඩම් ද සිනමාව භාවිතා කරනුයේ සියළු අජීවි වස්තුන් සජීවි කරණය කරමිනි. එහෙත් ඔවුන් හොලිවුඩ් සිනමාවෙන් බැහැර වනුයේ එහි ඉස්මතු වනුයේ දෘෂ්ටි ප්‍රයෝගකරණය නොවන බැවිනි. ශුද්ධ වූ සිනමා භාවිතය බැවිනි.එය අප වටා ජීවත් වන සියළු දේ විටක අපේ ලෝකයේම කොටස්යැයි අපට හැඟවන බැවිනි.එය අප දන්නා කාරණයකි. රූම් ඉන් රෝම් සිනමා භාවිතයේ ඇති අති රමණීය ඉනාවකි. ඉන් එහා ජීවිතය සොයා යන්නට අපට බල කරන්නකි.
|