|
අර්ජුන් ගෙන් අහන්නචිත්රපටයක සහාය අධ්‍යක්ෂවරයා සතු කාර්ය කුමක්ද? රත්න කහඳව - අලව්ව, කැකුලාවල
ලෝකයේ ඇතැම් චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරුන් කිසි කලෙකත් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ නැහැ. ඔවුන්ගෙන් සමහරෙකුට චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නත් බැහැ. හැබැයි සහාය අධ්‍යක්ෂණ කාර්යයේදී ඔවුන් තරම් අපූූරුවට එය අන් කිසිවෙකුටත් කරන්නත් බැහැ. චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයේදී පළමුවැනි සහාය අධ්‍යක්ෂ යටතේ නිෂ්පාදන කළමනාකරු ඇතුළු පිරිස කටයුතු කරනවා. දෙවැනි සහාය අධ්‍යක්ෂ යටතේ දිනයට අදාළ කටයුතු සැලසුම් කෙරෙනවා. සමහර චිත්‍රපට රූගත කරද්දී ඔවුන් සමඟ හැමදාම වැඩ කරන්න එක් විශ්වාසවන්ත සහාය අධ්‍යක්ෂවරයෙකු තෝරා ගන්නවා. ඇල්ෆ‍්‍රඩ් හිච්කොක්ට හැමදාම සහාය අධ්‍යක්ෂ වුයේ ජේම්ස් මැක්ටගීයි.
මගේ නංගී ශ්‍යාමා, හලෝ ශ්‍යමා, චණ්ඩි ශ්‍යාමා වැනි චිත්‍රපටවල රඟපෑ එම්. එස්. ආනන්දගේ දියණිය ශ්‍යාමා ආනන්ද දැන් කෝ? එම්. කරුණාදාස - ඉඳුරුව දැන් ඇය විවාහ වී කැනඩාවේ පදිංචියි. දැනට වසරකට පමණ පෙර ඇය පිළිබඳ ලිපියක් සරසවියේ පළ වුණානේ කරු. විජය හා මාලිනී රඟපෑ උන්නත් දාහයි මළත් දාහයි, ආදරෙයි මං ආදරෙයි, සැලී, සෙලීනාගේ වලව්ව, බඹරු ඇවිත්, දහකින් එකෙක්, වරදට දඬුවම් යන චිත්‍රපටවල ඩී. වී. ඩී පිටපත් නොමැතිද? චන්න ජයසුන්දර – යක්කල , චන්නගම නැහැනේ , චන්න.
වැඩිම ගීත සංඛ්‍යාවක් අඩංගු වූ හින්දි චිත්‍රපටය කුමක්ද? එහි සංගීත අධ්‍යක්ෂවරයා කවුද? කේ. ජී. සෝමදාස - තම්මිට චිත්‍රපටය ඉන්ද්‍රසභා. 1935 දී තිරගත කළ මෙහි ගීත 69 ක් අඩංගු වුණා. ජේ. ජේ. මදාන් අධ්‍යක්ෂණය කළ එහි සංගීතය මෙහෙය වූයේ නගර්දාස් නායක් විසිනි.
වී. ඒ. ශාමිලා නදීමාලි - ගම්පහ මධුසමය චිත්‍රපටය.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා රචනා කළ නවකතා මොනවාද? ඒවායින් චිත්‍රපටවලට නැඟුන කතා මොනවාද? ඩඩ්ලි ගෝමස් – මොරටුව හිතවතිය, ජීවන කඳුළු, පෙම්වතිය, රන්මිණි මුතු, ගොළු මුහුද. මෙයින් හිතවතිය, ජීවන කඳුළු, රන්මිණි මුතු සිනමාවට නැඟුනා. ‘කුරුලුබැද්ද ’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එඩ්මන් ජෝන් අමරතුංග මහතාද? පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාද? හේවගේ සිරිල් ප්‍රනාන්දු - දෙල්පකඩවර එඩ්මන් ජෝන් අමරතුංග මහත්මයා.
බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළිය කාජල්ගේ නමේ ඉතුරු ටික මොකක්ද? වී. ඒ. ශෂිකලා සෙව්වන්දි - අස්ගිරිය එයා කාජල් මුකර්ජි. රාණි මුකර්ජිගේ ඥාති සොහොයුරියක්.
තරු මිහිරට වරක් සහභාගි වුණ කෙනෙකුට නැවත වරක් සහභාගි විය හැකිද? කරූ මන්දාවල – නාත්තන්ඩිය පුළුවන්. ඕනැම වතාවක් ඕනෑම පාඨකයෙකුට සහභාගි වෙන්න පුළුවන්.
සුදත් නිශාන්ත – මීගමුව ඒක අහන්න ඕනෑ කොඩිකාර මහත්තයාගෙන්ම තමයි සුදත්.
කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි ගීතය මුලින්ම ගැයුවේ කවුද? ජෝති ද, චිත්‍රා සෝමපාලද? ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව චිත්‍රා සෝමපාල මහත්මිය.
තිරයේ සටන් වීරයා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැන් කෝ? ඔහු සමඟ සරසවිය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේ නැහැ නේද? නිරන්ජන් පෙරේරා - වෙන්නප්පුව, කොට්ටාමුල්ල මීට මාස කිහිපයකට පෙර ඔහුගේ ලිපියක් පළ වුණා. ඔහු හොඳින් ඹ්වත් වෙනවා.
ගාමිණී ෆොන්සේකා හා ස්වර්ණා මල්ලවආරච්චි එකට රඟපෑ චිත්‍රපට මොනවාද? කමල් ප්‍රියන්ත – නක්කාවත්ත හොඳම වෙලාව, චංචල රේඛා.
අශෝකමාලා චිත්‍රපටයේ රඟපෑ එමිලින් දිඹුලාන වෙනත් චිත්‍රපවල රඟපා තිබේද? විල්බට් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස් නැහැ, ඇය රඟපෑවේ එහි පමණයි .
|