|
|
සඳක් වෙන්න බැරිනම් ඔබ හටකඳුළක් නොවූ ගීතයක් ගැන ආදරණීය මිනිසුන්ගේ කතාව
‘මගේ නෝනට ඔයාට කියල ගීතයක් රචනා කරගන්න තියෙනවා. අනිවාර්යයෙන්ම හමුවන්නට ඕනෑ.’ ඔහු එක දිගටම කියාගෙන ගියේය. කාර්යය බහුල බවෙන් මිදුණු මනුරංග ගීත රචනා පිළිබඳත් ඒ ක්‍රමවේදය පිළිබඳත් ඔහු දැනුවත් කළේය. දින කිහිපයක් ගත වූ තැන නැවතත් සදීප්ත මනුරංග ඇමතුවේය. ඔහුට අවශ්‍යව තිබුණේ මනුරංග හමු වී ගීතය ලියවා ගැනීමටය. ඒ පෙරැත්තය මත ඔහු සදීප්තට හමුවීමට දිනයක් දුන්නේය. සැබැවින්ම ඒ දිනය අපේ සංගීත කරළියට තවත් අලුත් හඬක් එක්කරන තීරණාත්මක සුබ දිනයක් බව ඔවුන් දෙදෙනාම දැන උන්නේ නැත. කතා බහ කරගත් පරිදි සදීප්ත, මනුරංග හමුවීමට පැමිණියේය. ඒ පැමිණියේ මනුරංග බලාපොරොත්තු වූ මිනිසා නොව දෑස් අහිමි සුන්දර තරුණයෙකි. මේ හමුවීම මනූගේ සංවේදී සිත සලිත කළේය. ‘ඇයි මුලින්ම මේ බවක් නොකීවෙ’ මනු ඇසුවේ තමා බරපතළ වරදක් කළ පරිද්දෙනි.
මනුරංග සියල්ල සාවධානව අසා උන්නේය. බොහෝ දෙනා නොමිලේ වැඩ කරගන්නට පැමිණෙන අවධියක දෑස අහිමි මේ යුවළ කොතරම් ප්‍රබල උත්සාසහයක යෙදෙන්නේ දැයි මනු එකවර අවබෝධ කරගත්තේය. ‘මේ ගීතයට සල්ලි දෙන්නම්’ සදීප්ත කියූ වදන ඔහුට සවියක් වූයේය. මේ දෙදෙනාට අවශ්‍ය තමාට හැකි දිරියෙන් ගීතයක් නිර්මාණය කර ගැනීම බව වටහා ගත් ඔහු අනතුරුව නොමිලේම ගීතයක් ලියා දීමට තීරණය කළේය. සදීප්ත පිටව ගොස් දින කිහිපයකින් පැමිණියේ තමාගේ බිරිය සමඟය. මීට පෙර ඈ ගයා තිබූ ගී කිහිපයක්ම ඔවුන් අත වූයේය. ඒ ගීත ඇසූ මනුරංග තීරණයකට පැමිණියේය. ‘හරි . . . මං ඔයාලට ගීතයක් නිර්මාණය කරල දෙන්නම්. ඒකට මට සල්ලි එපා.’
මේ සිදුවීමට පසුව කටයුත්ත බාර වූයේ දිළුම් තේජනටය. දිළුම් - මනු සුසංයෝගය හරි අපූරු ගීතයක් බිහි කළේය. ‘සඳක් වෙන්න බැරි නම් නුඹ හට’ ගීතය බිහි වූයේ එපරිද්දෙනි. ඒ ගීතය හරහා රටම හඳුනාගත් ගායිකාවකි. ඈ පෙර කී සදීප්තගේ ආදරණීය බිරියයි. ඉමාෂා මුතු කුමාරි කරළියට පිවිසෙන්නේ එපරිද්දෙනි. සඳක් වෙන්න බැරි නම් ගීතය එක් රැයකින් අපේ රටේ ගුවන් විදුලිය, රූපවාහිනිය පමණක් නොව අන්තර් ජාලය හරහා අතිශය රසික ප්‍රසාදය දිනා ගත්තේය. මේ කතාන්දරය අතරතුර මෙම ගීතයට වීඩියෝවක් නිර්මාණය වන්නේය. ගීතය පටිගත කරන අතරතුර මේ ගීතය සමඟ ළහිරු පෙරේරා සම්බන්ධ වන්නේය. ළහිරු සහ මනුරංග කතාබහ කොට මෙම ගීතයට නොමිලේ මියුසික් වීඩියෝවක් නිර්මාණය කළේය. මේ වීඩියෝව සහිත ගීතය දින කිහිපයකින් අපි වැලඳ ගත්තේ හරිම අපූරුවටය. සඳක් වෙන්න ගීතය සමඟ ඈ ලංකාවේ ජනප්‍රියම චරිතයක් වූවාය. නමුදු ඇගේ ගායන අතීතය දිව යන්නේ පාසල් කාලයටය. මිනුවන්ගොඩට නුදුරු මාබෝදල ග්‍රාමයේ උපත ලද ඉමාෂා පාසල් කාලයේ සිටම දක්ෂ ගායිකාවක වූවාය. පාසලේ පද්‍ය, ගායනා තරග, ගීත ගායනා තරගයන්ගේ කැපී පෙනෙන චරිතයක් වූ ඈ දෑස පෙනෙන දරුවන් සමඟ කරට කර ඉගෙනුම ලැබුවාය. පාසල් අධ්‍යාපනය නිමා වී ඉමාෂා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ සංගීතය උගත්තාය. 2005 වසරේදී සංගීත අධ්‍යාපනය හමාර කළ ඉමාෂාට සදීප්ත හමුවන්නේ අහම්බෙනි. සදීප්ත රත්මලාන අන්ධ විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. සදීප්තගේ මිතුරියකගේ හොඳම යෙහෙළිය වූයේ ඉමාෂාය. ඉමාෂා සහ සදීප්ත පළමුවරට හමුවන්නේ රත්මලාන අන්ධ විද්‍යාලයේ ප්‍රසංගයකදීය. එතැනදී හදුණාගත් දෙදෙනා කලක් හොඳ මිතුරන් ලෙස කල් ගෙවූයේය. කාලයාගේ ඇවෑමෙන් සදීප්ත සහ ඉමාෂා පෙම් කතන්දරයක් ඇරැඹුවෝය. එය කෙළවර වන්නේ විවාහයකිනි.
සදීප්ත ඉතිහාසය මෙනෙහි කරන්නේය. ඒ අතරතුර ඉමාෂාගේ මුහුණේ ඇදෙන්නේ අව්‍යාජ හසරැල්ලකි. ‘මහත්තයා මට සින්දු ටිකක් කරන්න ගොඩක් මහන්සි වුණා. ආර්ථික දුෂ්කරතා මැද්දේ අපි ගමන නැවැත්තුවේ නැහැ. කොහොම හරි යනවා කියලා තමයි ගමන පටන් ගත්තේ. අපි හිතන් හිටියේ සින්දු ටිකක් කරල සී. ඩී. එකක් කරල ඒක අරන් බස්වලට නැගල විකුණලා ගෙයක් හදාගන්න. මේ විදියට තමයි අපි ජීවිතේ සැලසුම් කරල තිබුණේ. මේ අතරෙදි තමයි මනුරංග අපට හමුවන්නේ. එතන ඉඳන් වුණ මේ සිද්ධිදාමය මට තවමත් හීනයක් වගෙයි. රූපවාහිනියේ, ඉන්ටර්නෙට් එකේ මගේ ගීතය ගියාට අපි දෙන්නටම පේන්නේ නැහැ. ඒත් හැමෝම ගීතය ගැන කියද්දී දැනෙනේනේ පුදුම සතුටක්. මේක නං හරිම ලස්සන හීනයක් කියලයි මට හිතෙන්නේ.
දැන් ඉමාෂා සැවොම දන්නා ගායිකාවකි. ඒ නිසාම නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂණය කරනු ලබන සීමා නෑ ආකාසේ චිත්‍රපටය සඳහා පසුබිම් ගායිකාවක වී ඈ චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස කරළියට එක්වීම ද සතුටට කරුණකි. ‘ඇත්තටම දරාගන්න බැරි සතුටකින් සිත පිරිලා. මගේ මහත්තයාගේ දාඩිය මහන්සිය අද පල දරල. මනුරංග වගේම ළහිරු මේ ගීතය කළේ තමන්ගෙම එකක් වගෙයි. ඔවුන් මේ ගීතය මෙතැනට ගේන්න ගොඩක් මහන්සි වුණා. ඉමාෂා සතුව තවත් ගීත කිහිපයක් තිබේ. පටිගත කරන ලද ඒවා යොදා ගීත තැටියක් එළිදක්වීම ඉමාෂාගේ බලාපොරොත්තුවයි. ඒ අතරතුර ප්‍රසංග වේදිකාවේ ගායිකාවක ලෙස සංදර්ශන සඳහා සහභාගිවීමට ඉමාෂා බලාපොරොත්තුවෙන් පසු වෙයි. ‘මේ දවස්වල ප්‍රසංගවලට ආරාධනා එනවා. ඒවා භාරගෙන ආර්ථික අතින් ශක්තිමත් වෙන්නටත් ඕනේ. තවත් ගීත කිහිපයක් කරන්නත් අදහසක් තියෙනවා.
දැන් ඉමාෂා ගායිකාවකි . . . දෑස නොපෙනුන ද ඈ හදවතින් මෙලොවේ සුන්දරත්වය විඳිනු ඇත. ඈ අපේ සංගීත ආකාසයේ සැබෑම සඳක්ව දිදුලනු ඇත. සංගීතයේ මිහිරි සඳ එළියෙන් අප නහවනු ඇත. ඉමාෂාගේ ලිපිනය- 118/ඒ, ඉහළගම, මාබෝදල, වේයන්ගොඩ. දුරකථන අංකය - 0770645932
|



දිනය ස්ථිරවම කිව
නොහැකිය.
ස්ථානය කලාගාරයකි. තරුණ ජනප්‍රිය
ගීත රචක මනුරංග
විජේසේකර (රම්බරී ගීත රචක)
ගේ දුරකථනය නාද වූයේ
නොදන්නා අංකයකින් පැමිණි
ඇමතුමකිනි. එහා පසින් ඔහු
ඇමතුවේ ගීතයක් රචනාකර
ගැනීමට අවශ්‍ය වූ පුද්ගලයෙකි.
ඔහු නමින් සදීප්තය.
‘නැහැ මගේ නෝනත් දෑස අහිමි කෙනෙක්. අපිට උවමනා හොඳ ගීත කිහිපයක් කරන්න. එයා ගායනයට
හරිම දක්ෂයි. එයාගේ හීනෙ එළි කරන්න ඕනෙ මට.
මනුරංගගේ වදන්වලින් සදීප්තගේ මෙන්ම ආදරණීය බිරිඳගේ නොපෙනෙන, ඇරුණු දෑස් දීප්තිමත්ව
දිලිසුනි. මෙතෙක් වේලා පියැවී තිබූ දෙතොල් අතරින් සිනහවක් ගලා යනු පෙණිනි.
‘එයා ගීත ගයන්න හරිම දක්ෂයි. එදා ඉඳලම මං ඒක හොඳින්ම දැනගෙන හිටියා. ඇස් නොපෙනුනාට
අපි දෙන්න ගීත කිහිපයක් කරන්න හැම තැනම ඇවිද්දා. මුලින්ම හේමසිරි හල්පිට මහත්මයා
මුණ ගැහුණා. එතුමා නොමිලේ අපට ගීත ලියල දුන්නා. ඒත් අපේ ආවාසනාවට හේමසිරි සර්
අභාග්‍යසම්පන්න ලෙස මිය ගියා. අපේ හීනය උපන් තැනම මැරුණා. මෙහෙම කාලයක් තිස්සේ අපි
සින්දුවක් කරන්න ක්‍රමයක් හෙව්වා. මං පුංචි පුංචි වෙළඳාම් කරල සල්ලි ටිකක් හොයා
ගත්තා. ඒකෙන් ගීත කිහිපයක් කළා. ඉමාෂා ඒ ගීත කිව්වේ හරිම සතුටින්.
ඉමාෂා උතුරා පිටාර ගලන සතුටිනි. ඇගේ දෙවුරේ එල්ලී සුව විඳින පුංචි පුතු අචින්ත
අම්මාගේ ගීතය සෙමෙන් මුමුණයි. මේ පවුල තුළම දැන් රැඳී ඇත්තේ බලාපොරොත්තුවේ උතුරා
පිටාර ගලන සතුටකි.
ඈ පවසන්නේ හිනාවෙන් මුව පුරවාලමිනි. මෙම ගීතය නිර්මාණය කිරීමට නොමිලේ තමන්ගේ ශ්‍රම
දායකත්වය ලබා දුන් පිරිස ඇගේ සිනහවට උරුමකම් කියන්නේය. කල්පන අතින් කැමරාකරණයෙන්
හැඩ වූ මෙම ගීතය වේශ නිරූපණය කරන ලද්දේ නයන උජිත් විසිනි. කලා අධ්‍යක්ෂණය බිමල්
දුෂ්‍යන්තගෙනි. නතාෂා පෙරේරා නිරූපණයෙන් හැඩ කළ මෙම රූප පෙළහරේ සහාය අධ්‍යක්ෂණය
අනුෂ් චමීරගෙනි. මේ සුබ යහපත් කටයුත්තට දායක වූ සැවොම ඉමාෂාගේ සුන්දර සිනහව තනන්නට
උරදුන් අපේ කාලයේ නිර්මාණකරුවන්ය. මේ ගීතය බොහෝ දේ එක්ව කළ හැකි බව අපට කියාදුන්
අගනා කතාන්දරයකි. වානිජ පර්මාර්ථ මත සියලු දේ කෙරෙන සමාජයක තරුණ පිරිසක් එක්ව ඉමාෂා
ක්ෂේත්‍රයේ තරුවක් කිරීමට ගත් මෙහෙය අගය කළ යුතුමය.