|
නලීන් අමරදේවයන් සමඟ
ලෝකයේ ඇති අති නවීන පටිගත කිරීමේ තාක්ෂණයෙන් යුතු මෙම ශබ්දාගාරය පසුගිය අට වැනිදා විවෘත වූයේ පණ්ඩිත් ආචාර්ය ඩබ්. ඩී. අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයුන සරස්වතී අභිනන්දන ගීතයට හඬ මුසු කරමින්. ‘මේ අවස්ථාවට ජාතියේ සම්පතක් වූ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් අසූ හතර වියේ පසු වෙද්දීත් ජවසම්පන්න තරුණයකු ලෙස හඬ මුසුකිරීම පරම්පරා දෙකක සම්බන්ධය ගොඩ නැඟීමක්. එය ඓතිහාසික අවස්ථාවක්. මේරියන්ස් සංගීත කණ්ඩායම හැටියට මේ අවස්ථාවට එතුමන් සහභාගිවීමම අපට ආශිර්වාදයක්’ යනුවෙන් නලින් පෙරේරා හැඟුම්බරව මේ අවස්ථාව ගැන පවසයි.මෙම ශබ්දාගාරයේ සියලුම සංගීත කටයුතු හා පටිගත කිරීම් සිදු කරන්නේ සංගීතවේදී රංග දසනායකගේ සුරතින්.
සභා ගැබම හැඬ වූ කුමාරගේ කතාව
සම්මානය ලබා ගනිමින් කුමාර අදහස් දැක්වීමට පටන් ගත්තේ හරිම සංවේදී ආකාරයට. ‘මේ සම්මානය හිමි මගේ අම්මට. එතුමිය තමයි මට පුංචි කාලේ තාත්තට හොරා චිත්‍රපටි බලන්න සල්ලි දුන්නෙ. මේ මොහොත වන විට මගේ අම්මා ඉතාමත් අසනීප තත්ත්වයෙන් ඉන්නෙ. ඇගේ ඇස් දෙකේ පෙනීමත් අඩු වෙලා. මේ සම්මානය මට ලැබුණෙ අපේ අම්ම නිසා. මේ රාත්‍රියේ මගේ පළමු රාජකාරිය මේ සම්මානය මගේ අම්මගෙ පින්වන්ත දෑත මත තබන එක. මං අද පළමුවෙන්ම කරන්නේ ඒක. කුමාර කතාව නිමා කළේ තමාගේ දෑසේ වගේම සභා ගැබේ හැමෝගෙම දෑස් අග කඳුළක් ඉතිරි කරමින්. ඇත්තටම මේ වගේ දක්ෂකමින් සපිරි පුතකු බිහි කළ ඒ අම්මා උත්තරීතරයි. එදා සභා ගැබේ හැමෝම හිතින් කුමාරගේ අම්මාට ඉක්මන් සුවය පතන්නට ඇති. ඒ කතාව ඒ තරමට සංවේදීය. හැගුම්බරයි.
කොමඩි සෙවන් - නන්දන
‘මිනිසෙක් වී බල්ලෙක් වෙනවද, බල්ලෙක් වී මිනිසෙක් වෙනවද’ යනතේමාව යටතේ ඔහු මේ නාට්‍ය නිර්මාණය කරන බව ආරංචියි. මෙහි මංගල දර්ශනය මේ මස 23 දින දෙහිවල එස්. ද එස්. ජයසිංහ රංග ශාලාවේදී ප. ව. 6.30 ට වේදිකා ගත කරන්න සූදානම් බවත් ආරංචියි. නන්දනගේ මේ කතාව නරඹන්නට සැමටම ඔහු ආරාධනා කරනවලු.
|