|
පැස්කුවල් පරපුරේ ‘ගී තරුව’රවින්ද්‍ර පැස්කුවල්
ළඟදීම ගී නිර්මාණ එකතුවක් එළිදක්වනවා
‘වෙල් එළියේ සඳ රැස් අතරින් ඔබේ රුව පෙනුණා රෑ යාමේ ඔබ ළඟ ඉන්නට ඔබ නළවන්නට මං පිං කර නෑ සුදු මැණිකේ’ මේ අලුත්ම ගීතය ගායනා කරන්නේ පැස්කුවල් පරපුරේ සාමාජිකයෙක්. පැස්කුවල් කිව්වම මතක් වෙන්නේ පද්මසිරි පැස්කුවල්, කීර්ති පැස්කුවල්, මහේන්ද්‍ර පැස්කුවල්.
මේ ගීතය නම් ඒ අය අතරින් කාගෙවත් නම් නෙවෙයි. මේ ගීතය ගායනා කරන්නේ රවින්ද්‍ර පැස්කුවල්. රවින්ද්‍ර මුලින්ම ගීතයකට දායකත්වය ලබා දීලා තියෙන්නේ කීර්ති පැස්කුවල්ගේ ‘රන්තරු පායන’ ගීතයටයි. ඒ කාලේ රවින්ද්‍රට වයස අවුරුදු 12 ක් විතර ඇති. මේ රවින්ද්‍ර පැස්කුවල් තමයි පත්මසිරි පැස්කුවල්ගේ පුතා. මහේන්ද්‍ර පැස්කුවල්ගේ අයියා වගේම කීර්ති පැස්කුවල්ගේ අයියාගේ පුතා. ඔහු කලා ක්ෂේත්රයේ නිහඬව රැඳී සිටියත් ළඟදීම අලුත් ගීත ගොන්නක් සමඟින් රසිකයන් හමුවට ඒමට සූදානම්. අපි ඒ ගැන රවින්ද්‍රගෙන් අහමු. මේ වන විටත් ගීත නිර්මාණ කීපයක්ම නිර්මාණය කර අවසන්. ඒ අතරින් ‘අතීතයේ සිතුවිලි’ ගීතය ‘ලක් එෆ්. එම්.’ ගුවන් විදුලි නාලිකාවේ මේ වන විට විකාශය කෙරෙනවා. ඊට අමතරව අන්තර් ජාලයේරධභබභඡඥ මඟිනුත් මගේ ගීත අසන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා මේ වන විටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මගේ ගීත තැටියක් ලබන වසරේදී එළි දක්වන්නට බලාපොරොත්තු වෙනවා. ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැනත් කියමු? මගේ පවුලෙන්ම මට ඒ හුරුව ලැබුණා. මුලින්ම සංගීතය ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. තාත්තා දක්ෂ සැක්සෆෝන් වාදකයෙක්. මම ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයෙන්. ඒ අවදියේදී ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි මහත්වරුන් මගේ සංගීත ගුරුවරුන් වුණා. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරණ කාලයේදීම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. පැස්කුවල් නම මගේ කලා පසුබිම හදාගන්නට පහසුවක් වුණා. තාත්තායි, මල්ලියි, බාප්පයි ඒ සඳහා හොඳ පසුබිමක් හදලා තිබුණා. එළිදැක්වීමට නියමිත ඔබේ ගීත ඇතුළත් සීඩී තැටිය ගැනත් සඳහන් කළොත්? මෙහි විවිධ තේමා යටතේ ගීත අඩංගු වෙනවා. ඒ අතර මව් ගුණ ගීත විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. ඊට අමතරව වේග රිද්ම ගීත කීපයකුත් අඩංගුª වෙනවා. රවින්ද්‍ර මේ ඔබට අදහස් දක්වන්නට වෙලාව? තාත්තා මගේ සංගීත ජීවිතයට ආලෝකයක් වුණා. ඒ වගේම මගේ අම්මාගේ ධෛර්යය, ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නේ. කීර්ති පැස්කුවල් බාප්පාගේ සහායත් නොමඳව ලැබුණා. මගේ ආදරණීය රසිකයන්ට කියන්න කැමැතියි ඔබේ ගීත රචනා මා වෙත එවන්න කියලා. රවින්ද්‍ර පැස්කුවල් - 0773397731 -[email protected] |