|
|
එම් ජී ආර් හැර තවත් පෙම්වතුන්ජයලලිතාගේ පැරැණි වගතුග
රිදී තිරයේ සරාගී ගිනි සිළුවක වීම නිසා ලද අසීමිත ජනප්‍රියභාවය හේතුවෙන් මැතිසබයට තේරුණ ද, තමිල්නාඩුවේ ඇයගේ ප්‍රතිමල්ලවයන්ට ජයලලිතාගේ අල්මාරිවලින් ඕනෑ තරම් ඇටසැකිලි සොයා ගත හැකියි. හැට හතර හැවිරිදි ජේ ගේ නිමක් නැති පෙම් කතා ඇතැම් විට ඇය රැඟූ සිතුවම් පටයකටත් වඩා ලුණු ඇඹුල් සහිතය.
මුල්වරට සායකින්, බිකිනියකින් සැරසී රැඟූ ද්‍රවිඩ තාරකාව ජයලලිතාය. නව යොවුන් සරාගිනිය, රසිකයන් මෙන්ම ඇය සමඟ රඟන නළුවන් ද ගිනි සිළුවකට අසු වූ කලාමැදිරියෝ බවට පත් කළහ. සොළොස් හැවිරිදි වියේදී මේ කාමිනිය පිළිබඳ සිතක් ඇතිකර ගත්තේ එම්. ජී. ආර්. ය. ඇය ඔහුගේ අනියම් බිරියක ලෙස ලොවම දනිතත් ඇය කියා සිටින්නේ ඔහු ඇයගේ නිර්මාපකයා කියායි. ජයලලිතාට එම්. ජී. ආර්. මුණ ගැසෙන විට ඔහුට වයස හතළිස් දෙකකි. ඇයට දාසයකි. අවසානයේදී ජයලලිතාට දේශපාලනයට පිවිසීමට පාර කැපුණේද මේ අනියම් පෙම නිසාය.
මිය යන තුරුම ඔහුගේ නිල බිරිය වූයේ වී. එන්. ජානකීය. එහෙත් මේ සියල්ලන්ටම වඩා ඔහුට දේශපාලන ලොවේ රැජන කිරීමට අවශ්‍ය වූයේ ජයලලිතාය. ඔහුගේ මරණයෙන් පසු නිල බිරිය හා අනියම් බිරිය ජයලලිතා දේශපාලන පොරපිටියේ ප්‍රතිමල්ලවයෝ වූහ. එම්. ජී. ආර්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසා(ල)ගම් පක්ෂය දෙකඩ කිරීමට මුල් වූයේ ඒ දෙදෙනාය. එම්. ජී. ආර්ගේ දෙබිඩි ආදරයට මේ හොඳම නිදසුනකි. 1965 – 1972 ජයලලිතා සහ එම්. ජී. ආර්. තිරයේ පෙම්වතුන් වූයේ සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් බවට පත් වෙමිනි. දෙදෙනා රැඟූ සිනමාපට ගණන විසිපහකට අධිකය. රාමචන්ද්‍රන්ගේ බිරිය වූ ජානකී ද සිනමාපට විසිපහකට වැඩි ගණනක රඟපෑ සාර්ථක නිළියකි. ඇය ද රාමචන්ද්‍රන් සමඟ විවාහ වූයේ තිරයේදී ඇති වූ හාදකමකිනි.
හැටේ දශකයේ අවසානයේ සහ හැත්තෑව දශකයේ ආරම්භයේදී ද්‍රවිඩ තිරයේ ප්‍රේමාන්විත වීරයා වූ සෝබන් බාබු සමඟ ජයලලිතාගේ බැඳී හාදකම දෙවැනි වූයේ එම්. ජී. ආර්. පෙමට පමණි. රවිචන්ද්‍රන් ඇයට වඩා බෙහෙවින් වයසින් බාල වූ නළුවෙකි. අධ්‍යක්ෂවරයෙකි. සංගීත අධ්‍යක්ෂවරයෙකි. සුබ්‍රමනියම් ජෙයශංකර් දකුණු ඉන්දියාවේ ජේම්ස් බොන්ඩ් යන විරුද නාමය ලැබූ කඩවසම් නළුවායි. ඔහු ජයලලිතාට වඩා දස වසරකින් පමණ වැඩිමල් විය. ආර්. මුතුරාමන් හැට හැත්තෑව දශකයේ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ප්‍රේමවන්තයෙකි. මේ වන විට ජයලලිතාගේ පෙම්වතුන් බොහොමයක් මිය ගොසිනි. අද තමිල්නාඩුවේ මහ ඇමැතිනිය වී සිටින ඇයට දැන් නම් ජීවත්වීමට සිදු වී තිබෙන්නේ පැරැණි පෙම්බර මතකයන් සමඟය. එහෙත් හැට හතර හැවිරිදි ජයලලිතාගේ ජීවිතයට හැට පැන්නත් තවත් පෙම්වතුන්ගේ නම් එක් වුණොත් එය අරුමයක් නොවෙයි. ඒ ඇය සරාගී කතක නිසයි.
අන්තර් ජාලයෙනි |



ඒ පිරිපුන් නාරි දේහයෙන්,
සරාගී බැල්මෙන් ගැලවීමට
පිරිමියකුට පහසු නැත.
ජේ. ජයලලිතා, එසේත්
නැත්නම් ජයලලිතා ජයරාම්ගේ
තොරතුරු ලේඛනයේ සැමියාගේ
නම ඉදිරියේ හිස් තැනක් තිබුණ ද, ඒ තැන
නිල නොවන අන්දමින් පිරවීමට ඕනෑ තරම්
නම් තිබේ.
ද්‍රවිඩ බ්‍රාහ්මී කුලයක ජයලලිතා උපන්න ද ඇයට වයස අවුරුදු දෙකේදී පියා මිය ගියේය.
ඇයගේ මව ද ද්‍රවිඩ සිනමාවේ නිළියකි. තිරයේදී සන්ධ්‍යා ලෙසින් ජනප්‍රිය වූ ඇය දියණිය
කුඩා වියේ සිටම රංගනයට යොමු කළාය. මූලික අධ්‍යාපනයෙන් පසු ජේ ගේ තෝරා ගැනීම සිනමාව
විය.
මුරුතුර් ගෝපාලන් රාමචන්ද්‍රන් (එම්. ජී. ආර්.) මුලින්ම විවාහ වී සිටියේ තංගමනී
සමඟයි. ඔහුගේ දෙවැනි බිරිය වූයේ සදානන්දවතීයි.
රාමචන්ද්‍රන් ජයලලිතාට කෙතරම් උන්මාදනීය පෙමක් පෑව ද ඇයගේ සෙනෙහස සෝබන් බාබු,
රවිචන්ද්‍රන්, ජෙයශන්කර් සහ මුතුරාමන් අතර ද බෙදී ගිය බව දන්නෝ දනිති.