|
|
චාමර ගේ පියවි වාර්තාගත වෙයි
ශ්‍රී ලංකේය ටෙලි නාට්‍ය කලාවේ මග වෙනස් කරමින් ‘පියවි’ සෑම ඉරිදාවකම රාත්‍රී 9.00 ට ස්වර්ණවාහිනියෙන් විකාශය කෙරේ. කොළඹ ඉහළ මධ්‍යම පාන්තික සමාජය නියොජනය කරමින් ඇරඹි ගමනේ මේ වන විට 1989 වසරේ කතරගම ඈත පිටිසර ගමකට ප්‍රේක්‍ෂකයා රැගෙන යාමට මෙම ටෙලි වෘත්තාන්තය සමත් වීඇත. ‘පියවි’ අධ්‍යක්‍ෂණය චාමර ජනරාජ් පීරිස් විසිනි.
තවද එම වසරේ දී පැවැති රයිගම් සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම ටෙලි පිටපත සහ හොඳම ටෙලි නාට්‍යය සඳහා වන සම්මාන ත්‍රිත්වයට ඔහුගේ නම නිර්දේශ විය. ‘පියවි’ ටෙලි නාට්‍යයෙන් පසු චාමර ජනරාජ් පීරිස් තවත් වෙනස්ම මගක් ගත් ටෙලි නාට්‍යයක් පුංචි තිරයේ දිග හැරීමට නියමිතය. |



එක් සමාජ ස්ථරයක සිට සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ
ස්ථරයක් ස්පර්ශ කරමින් ද එකිනෙකට වෙනස් ප්‍රේක්‍ෂක
පිරිස් කිහිපයක් ග්‍රහණය කරමින් විකාශය වන ‘පියවි’
ටෙලි වෘත්තාන්තය මේ වන විට LMRB දර්ශකයේ
ඉහළම දර්ශකයක් රඳවා ගනිමින් වාර්තා ගතවී ඇත.
2010 වසරේ විකාශය වූ ‘අයාල් ’ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය කරමින් ටෙලි නාට්‍ය
නිර්මාණයට පිවිසි හෙතම තම ප්‍රථම අධ්‍යක්‍ෂණය සඳහාම එම වසරේ පැවැති සුමති සම්මාන
උළෙලේ දී ප්‍රශස්ත විශේෂ අගැයීම් සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය.